අද කොවිඩ් ආසාදිතයින් 338 යි ; සමස්තය 84,948 යි

කොවිඩ් 19 ආසාදිතයින් 338 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ නිල වාර්තා කියයි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 84,948 ක් ලෙස වාර්තා වෙයි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 80,738 ක් වශයෙනි.

අද කොවිඩ් මරණ හතරක් ; එකතුව 493 යි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ හතරක් අද දිනයේ ද වාර්තා වී ඇත . ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 493 ක් වෙයි. අද දිනයේ මරණ වාර්තා වී  ඇත්තේ අටාල, කොළඹ 8, කොළඹ 10, සහ රාජගිරිය යන ප්‍රදේශවලිනි .

කොවිඩ් මල සිරුරු නවයක් භූමදානය කෙරෙයි

කොවිඩ් 19 ආසාදනය නිසා මියගිය අයගේ මළසිරුරු නවයක් අද දිනයේ භූමදානය කොට ඇත. යුද හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කොට ඇති ආකාරයට  මුලින් මල සිරු දෙකාක් සහ පසුව තව හතක්  ලෙස මෙම භූමදානය කිරීම් සිදුව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ය. මෙම සිරුරු භූමදානය සිදුකොට ඇත්තේ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් භූමිභාගයකය . මේ…

ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු නැහැ ; අපේක්ෂකයා සජිත් ම යි – සජබ කෘත්‍යාධිකාරිය කලින් ම වැට පනී

මීළඟ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකුට සහය නොදෙන බවටත්, අපේක්ෂකයා සමගි ජන බලවේගයෙන් ම විය යුතු බවටත් යෝජනාවක් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙවර රැස්වීමේ දී සම්මත කොට ගෙන ඇත. මෙය සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම සහතික කර ගැනීමේ පියවරක් බව කියති . මෙයට හේතු වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට විපක්ෂයේ පුළුල් පෙරමුණකින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ…

ආණ්ඩුව බිලියන පහක ණය ඉල්ලුවත් ශතයක්වත් තාම ලැබී නැහැ – චීනයත් කල් මරයි

චීනය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකින් ආණ්ඩුව ඩොලර් බිලියන පහක පමණ ණය ඉල්ලා ඇතත් එම ණය කිසිවක් මේ වනතෙක් ලැබී නැති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කිය යි. ඉන්දියානු රජයෙන් ඩොලර් බිලියනයක් සහ චීන රජයෙන් ඩොලර් බිලියන 1.5 ක් රජයෙන් රජයකට දෙන අතමාරු ලෙස රජය ඉල්ලා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. එම මුදල් ජනවාරි…

වතු කම්කරු වැටුප පඩි පාලක සභාවෙන් ගැසට් කළොත් සාමුහික ගිවිසුම්වලින් ඉවත් වෙනවා – වතු සමාගම් කියයි

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් ලෙස, තමන්ගේ විරෝධය මැද, පඩි පාලක සභා නීතිය යටතේ ගැසට් කළ හොත් මෙතෙක් සේවක වැටුප් සහ වරප්‍රසාද තීරණය කළ සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීමට කටයුතු කරන බව වතු සමාගම් ප්‍රකාශ කොට ඇත. වතු සමාගම් කියන්නේ නීති දෙකකින් වතු පාලනය කළ නොහැකි බව යි. ආණ්ඩුව සහ වතු වෘත්තීය සමිති වතු පාලනයට පඩි…

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනයට අපේ සම්බන්ධයක් නැහැ – ඉන්දියාව කියයි

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට  ශ්‍රී ලංකා රජය ගත්  බව කියන තීරණයට තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දියානු රජය ප්‍රකාශ කරන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ව්‍යාපෘතියට ආයෝජකයකු නම් කිරීමක් ඉන්දියාව විසින් සිදු නොකළ බව යි. ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශය ගැන තමා  පුදුම වන…

අද කොවිඩ් ආසාදිතයින් 487 යි ; සමස්තය 82,418 ක් වෙයි.

අලුතින් කොවිඩ් 19 ආසාදනව වුවන් 487 ක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 82,418 ක් වෙයි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 78,314 ක් වශයෙනි .

තවත් කොවිඩ් මරණ පහක් ; එකතුව 464 යි

කොවිඩ් 19 ආසාදිත වීම නිසා සිදු වු මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ මරණ වාර්තා වුයේ නවදගල , නාරාහේන්පිට ,මහනුවර , කොළඹ  9, සහ වේයන්ගොඩ යන ප්‍රදේශවලිනි.  

ඉතාම කෙටි කාලයකින් ජනතාවට එපා වූ එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි..- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට කලකිරුණ එකම ආණ්ඩුවක් වත්මන් ආණ්ඩුව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. මෙම ආණ්ඩුව ගෙන ඒමට තමන් වහන්සේලා ගත් මහන්සිය අනුව එවන් වචනයක් කිසිවකුගෙන් අහන්න සූදානම් නැතැයිද හිමියෝ කියා සිටියහ. තමාට අවශ්‍ය වන්නේ මෙරට පහළ වූ හොඳම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බවට පත් කිරීමට බවද උන්වහන්සේ පැවසූහ. නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති…

පාස්කු කොමිෂන් වාර්තාවේ අඩුපාඩු රැසක් – රනිල්

  පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද පැවසීය. පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත්…

අදතවත් ආසාදිත්යෝ 464 ක් එක්වෙති ; එකතුව 81,931 යි

කොවිඩ් 19 ආසාදිතයින් 464 ක් අද අලුතින් එකතු වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 81,931 කි . වත්මන් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 77,827 ක් ලෙස සටහන් වෙයි.