රට අරාජික වීම දැන් නවත්තන්න බැහැ ; ඊට පසු කරන දේට සුදානම් වෙමු – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රටේ දේශපාලනයේ දැන් පවතින ප්‍රවණතා අනුව රට ආරාජික තත්ත්වයට ගමන් කිරීම වැළක්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි යන්න තමාගේ තක්සේරුව බවත්, ලබන වසර මැද වනවිට එම තත්ත්වය බරපතළ වනු ඇති බවත්, එය වළකා ගැනීමට හැකියාවක් දැන් නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. එබැවින් දැන් සිදු කළ යුතු වන්නේ…

අද තවත් කොවිඩ් මරණ 214 ක් ; ආසාදිතයින් 4591 වාර්තා කරයි.

දිනක වැඩි ම කොවිඩ් මරණ වාර්තාව තවත් ඉහළ යවමින් අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 214 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,371 ක් දක්වා ඉහළ ගියේ ය. අද රජය වාර්තා කළ නව ආසාදිත සංඛ්‍යාව 4,591 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 416,931 ක්…

උපරිම ප්‍රතිඵල ගන්න තව මාසයක් රට වහන්න – WHO විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක නිර්දේශයක්

කොවිඩ් මර්දනය සඳහා රට වැසීමෙන් උපරිම වාසි ගැනීමට නම් ඔක්තෝබර් මස දෙවැනි දා  දක්වා රට වසා තබන ලෙසත් , අඩුතරමින් සැප්තැම්බර් 18 දක්වා රට වසා තැබීමෙන් සැලකිය යුතු වාසියක් ලබාගත හැකි වන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවන ලද ශ්‍රී ලංකික වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් රජයට නිර්දේශ කොට තිබේ. ඔක්තෝබර් 2 දා දක්වා රට වසා  තැබීමෙන්…

තව සතියක් රට වසයි

දිවයින පුරා මේවන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 06 වෙනිදා සදුදා අලුයම 4.00 දක්වා දීර්ඝ කොට ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ දී මෙම තීරණය ගෙන තිබේ.  

දිනෙක කොවිඩ් මරණ 200 ඉක්මවයි ; සමස්ත මරණ 8000 ඉක්මවයි ; අද නව ආසාදිතයින් 4602 යි

දිනෙක නිල කොවිඩ් මරණ වාර්තාව  අද 200 සීමාව ඉක්මවා ගිය අතර සමස්ත මරණ සංඛ්‍යාව 8000 සීමාව ඉක්ම වී ය. රජය අද නිල වශයෙන් ප්‍රකාශ කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 209 කි. එය මෙතෙක් එක දිනෙක වැඩි ම සංඛ්‍යාව යි. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගියේ ය….

’’තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න’’ – රනිල් වික්‍රමසිංහ

දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය හා ඉහළ යන මරණ අනුපාතය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) ඉල්ලා සිටියේය. වර්තමානයේ ලංකාව පත්ව තිබෙන ආර්ථික තත්ත්වය දෙස බලන විට ලොක් ඩවුන් වැඩසටහනක් ඇතිව වන හානියට…

අද කොවිඩ් මරණ 198 යි ; ආසාදිතයින් 4483 යි

රජය අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 198 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948 ක් වෙයි. අද හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 4,483 ක් ලෙස නිල වශයෙන් නිවේදනය කොට ඇත. මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 407,768 ක් ලෙස වාර්තාවල සඳහන් වෙයි.

මංගලගේ වියෝව – රොහාන් සමරජීව

මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? මංගල වෙන්ව ගියේ ඔහුගේ ජීවිතයේ උච්චතම අවස්ථාවක ය. මසකට පෙර, ජුලි 25 වැනි දා, ඔහු ෆ්‍රීඩම් හබ් මාධ්‍ය සමුළුව පවත්වන ලද්දේ තරුණ ජනයා පිරිවරාගෙන ය. එදින සහ ඉන් පසුව පැවති විවිධ මාධ්‍ය සාකච්ඡාවල දී, ඔහු තමා විශ්වාස කළ සහ ඔහුට දැනුනු දේ කෙලින්ම ප්‍රකාශ කළේ ය. 2020 දී…

නව කොවිඩ් වාර්තා ; මරණ 190 යි ; නව ආසාදිතයින් 4427 යි

තවත් කොවිඩ් මරණ 190 ක් රජය නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 7,750 ක් වශයෙනි. රජය අලුතින් වාර්තා කොට ඇති නව ආසාදිත සංඛ්‍යාව 4,427 කි. ඒ අනුව මෙරටින් සොයා ගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 398,782 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රාමුවකට කොටු නොවී නවමු චින්තනයකින් කටයුතු කළ මංගල ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට සන්නිවේදකයෙක් – රනිල් වික්‍රමසිංහ.

  “මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව මට ද ඉමහත් පාඩුවකි. ඉකුත් දින දහවලේ දී ඔහුට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ දී මා පැවසුවේ ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවයි. එහෙත් එය එසේ නොවී ය. කොරෝනා වෛරසය අද උදෑසන වන විට ඔහු ගේ ජීවිතය ද බිලි ගෙන තිබුණි….

මංගල දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නෑ – ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජවිපෙ කියයි

මංගල සමරවීර තම දේශපාලන ගමන් මගේදී කිසිවිටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා නොගත් නිදහස් මතධාරියෙකු වූ බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබේ. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහත පළවේ.   මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අපගේ ශෝකය! හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන්…

විමල්, වාසු, ගම්මන්පිල වෙනුවෙන් ඩලස් පිළිතුරු දෙයි

රට වසන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට යැවූ ඉල්ලීමට තම පක්ෂ වෙනුවෙන් අත්සන් තැබූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල ඇමතිවරුන් රට නොවසන්නට කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත් බව දැන නොසිටි බවත්, එම තීරණ ගන්නා මොහොතේ ඔවුන් රැස්වීමේ නොසිටි බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා අද ප්‍රකාශ කළේ ය. රට නොවසන බවට ඇමති මණ්ඩලය ගත් තීරණයකට…