|

ඩොලර් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ! මුල් මාස හයේ බිලියන දෙකක අතිරික්තයක්

  ඩොලර් අර්බුදය ලෙස සාමාන්‍යයෙන් සඳහන් කරන ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ යන ලකුණු පෙන්නුම් කරමින් මෙම වසරේ මුල් මාස හයේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 2,078 ක අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ විශේෂයෙන් විදේශ ප්‍රේෂණ  ලැබීම් සහ සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් වර්ධනය වීම හේතුවෙනි….

|

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල පහත වැටීමක්

  ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත. වත්මන් නිල සංචිත වත්කම්වලට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා…

ප්‍රශස්තකරණයෙන් අර්ථසාධක අරමුදලට පාඩු වන බව කීම වැරදියි – මහ බැංකු අධිපති මුදල් කාරක සභාවට කියයි

    රජය හඳුන්වා දී ඇති ප්‍රශස්තකරන උපාය මාර්ග ක්‍රියාවට නැගීමෙන් අර්ථසාධක අරමුදලට පාඩු වන බවට ගණන් බලා ඇත්තේ එසේ නොකළහොත් පවතින තත්ත්වය පවත්වාගෙන යා හැකිය යන මිත්‍යාව මත සිට බැවින් එම ගණන් බැලීම් වැරදි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කොට ඇත. මහා බැංකු අධිපතිතුමා…

දේශීය අදායම් පනත වැඩි චන්ද 45 කින් සම්මතයි

    දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී වැඩි චන්ද 45 කින් සම්මත වී ය . පනතට පක්ෂව චන්ද 103 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 58 ක් පමණකි. දේශීය ණය ප්‍රශස්ත කරණය සඳහා මෙම සංශෝධන පනත ඉදිරිපත් කොට තිබිණි.

තවත් දෙලක්ෂ පනස් හත් දහසකට අස්වැසුම ගෙවයි

  අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර ලෙස තහවුරු කරගත් ප්‍රතිලාභීන් 257,170ක් සඳහා ජුලි මාසයට අදාළ ගෙවීම් මේ වනවිට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රුපියල් මිලියන 1,550ක මුදලක් මෙලෙස බැංකු වෙත බැර කර ඇති අතර ප්‍රතිලාභි ගිණුම්වලට හෙට (08) දිනයේ එම මුදල් බැර වනු ඇති…

25 දා ට පෙර රට බංකොලොත් ලේබලයෙන් ගලවා ගන්නවා – එජාප සභාපති වජිර අබේවර්ධන

    මෙම මස 25 දා ට පෙර අප රට බංකොලොත් ලේබලයෙන් මුදා ගැනීම ආණ්ඩුවේ අරමුණ බවත්, දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර කරගැනීමේ අරමුණ ශ්‍රී ලංකාව බංකොලොත් ලේබලයෙන් ගලවා ගැනීම බවත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු  මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද  පාර්ලිමේන්තුවේදී පැවසීය. රටේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා…

ආසියානු බැංකුවෙන්, ලෝක බැංකුවෙන් තවත් ඩොලර මිලියන 850 ක්

  ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය අනුමත වීමත් සමග ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර මිලියන 450 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 400 ක් ලබාදීමට එකඟ වී ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. මෙම මුදල ලැබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලැබෙන ඩොලර් මිලියන 350 ක් පමණ ණය වරකයට අමතර වශයෙනි . ආසියානු සනවර්ධන…

උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිගේ ගණන් වැරදියි – කෝප් කමිටුවේ දී හෙළිවෙයි

 රුපියල් 250ක් වැනි මුදලකට ඉන්ධන ලබාදීම සිදුකළ හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා රට තුළ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවක සිදුකර තිබූ ප්‍රකාශය අසත්‍යය බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයවී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ (06) දිනයේදී මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කැඳවා තිබු අවස්ථාවේ මෙම කරුණු හෙලිදරව්…

රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එදා නොදියුණු ප්‍රදේශයක්වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක්…

සුපිරි ලාභ ලැබූ ධනපතියන්ට අයවැයෙන් බදු ගේනවා – ජනපති පාර්ලිමේන්තුවට කියයි

  පසුගිය කාලයේ විවිධ ගනුදෙනු මගින් සුපිරි ලාභ ලැබූ ධනපතියන්ට ඉදිරි අයවැය මගින් බදු පනවන බවත්, ඒ ගැන කිසිවකු කලබල නොවිය යුතු බවත්, මුදල් ඇමති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. කිසිවකු බලාපොරොත්තු නොවන විස්මිත දේ අයවැයෙහි අඩංගු විය හැකි බව ද ඒ මහතා කී ය. පසුගිය කාලයේ සුපිරි ලාභ ලැබුවන්…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත එන මාසයේ මැතිසබයට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේය. පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි සුමිත් උඩුකුඹුර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ…

පාස්කු ප්‍රහාරය ; සජිත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

  2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි. බ්‍රිතාන්‍යයේ  චැනල් 4 නාලිකාව කළ හෙළිදරව්ව ගැන ඊයේ පාර්ලිමේන්තුවේ දී විවාද වූ අවස්ථාවේ මෙම ඉල්ලීම සිදුකොට තිබේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් මෙම සිදුවීම පරීක්ෂා කරන බව රජය ප්‍රකාශ කොට ඇත. අවශ්‍ය නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ද සුදානම්…