එජාපෙ ප්රමුඛ සන්ධානය හෝ සජිත් හෝ උතුරේ කවර පක්ෂයක් සමඟවත් කිසිම ගිවිසුමක නෑ – අගමැති රනිල් යාපනයේදී කියයි
එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව අවධාරණය කළ අගමැතිවරයා ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන්නැයි…
