පාස්කු පරීක්ෂණ කොමිසමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීට අපරාධ චෝදනා ; රනිල් නිදහස්

පාස්කු ඉරිදා කතෝලික පල්ලිවලට සහ කොළඹ  හෝටල්වලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පරීක්ෂා කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම එම ප්‍රහාරයට ඉඩ ලබෙන පරිදි ආරක්ෂාව දුර්වල කිරීම සම්බන්ධයෙන් හිටපු ජනා ධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කොට ඇත. ඒ සඳහා සුදුසු නීතිමය ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයාට භාර දීමට ද එම නිර්දේශ මගින් උපදෙස්…

කොටස් වෙළෙඳපොළ අද යලි  කඩා වැටෙයි. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (23) පස්වරු 1.28 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 307 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 147 කින් පහළ ගොස් තිබුණි.    

ඉම්රාන් ඛාන් හකීම්ට සහ බදූර්දීන්ට දුන් සාකච්ඡා අවස්ථා අන්තිම මොහොතේ අවලංගු කරලා

  මෙරට දෙදින නිල සංචාරයක නිරත වන පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී සාකච්ඡා කිරීම සඳහා මෙරට ප්‍රධාන    මුස්ලිම් පක්ෂ නායකයින් දෙදෙනෙකු වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදූර්දීන් යන මහත්වරුන්ට ලබාදී තිබුණු වේලාවන් අවසන් මොහොතේදී අවලංගු කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක…

තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි ; එකතුව 450 යි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ පහක් අලුතින් වාර්තා වී ඇත . ඒ අනුව මෙරටි වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 450 කි. අලුතින් මරණ වාර්තා වී ඇත්තේ දුනගහ, නුගේගොඩ, කොළඹ 12,කොළඹ 13 සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලිනි .

අද කොවිඩ් ආසාදිතයෝ 490 ක් ; එකතුව 80,488 යි

  කොවිඩ් ආසාදිතයින් 490 ක් අද හඳුනාගත් බව නිල වශයෙන් නිවේදනය කොට තිබේ . ඒ අනුව මෙතෙක් මෙරටින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 80,488 කි. වත්මන් රැල්ලෙන් හඳුනාගෙන ඇති සංඛ්‍යාව 76,812 ක් ලෙස වාර්තා වී ඇත.

කොවිඩ් ආසාදිතයෝ 518 ක් අදත් සොයා ගැනෙති ; සමස්තය 80,000 ට ළඟාවෙයි

කොවිඩ් ආසාදිතයින් 518 දෙනෙකු අදත් අලුතින් හඳුනාගත් බව රජයේ නිල සංඛ්‍යා අනුව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 79,998 ක් වශයෙනි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 76,322 ක් ලෙස සටහන් වෙයි. කෙසේ වෙතත් ,මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරෙන්ගේ සංගමය කියන්නේ…

අද තවත් කොවිඩ් මරණ දහයක් ; එකතුව 445 ක් වෙයි

අද (21) තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445 ක් දක්වා ඉහල ගොස් ඇත. අද මරණ වාර්තා වී ඇත්තේ කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවලිනි. මියගොස් ඇති දහදෙනා අතරින්  දෙදෙනෙකු …

“සහනාධාරය පෙන්වා ආණ්ඩුව ගොවියෙකුගෙන් රුපියල් දහ දාහක් කොල්ල කන්න හදනවා ; අපි වී දෙන්නේ නැහැ” – ගොවීහු කියති

  ආණ්ඩුව  ඉල්ලා සිටින ආකාරයට වී කිලෝ 1000 ක් ආණ්ඩුවට  දුන්නොත් තමන්ට රුපියල් දහ දහසක පාඩුවක් සිදුවන බවත්, මෙය සහනාධාරය පෙන්වා ගොවි ජනයා  කොල්ල කෑමක් බවත් , වී ගොවීහු පවසති. එබැවින් රජයට වී නොදෙන බව ඔවුහු ප්‍රකාශ කරති. නාඩු වී කිලෝවක් සඳහා රජය ගෙවන්නේ රුපියල් 50 ක මිලකි. මෝල් හිමියන් කමතට පැමිණ වී ගන්නේ රුපියල්…

“ආණ්ඩුවට වී නොදුන්නොත් පොහොර සහනාධාරය කපනවා ” – පොහොට්ටු දේශපාලනඥයෝ ගොවීන්ට තග දමති

  ආණ්ඩුව නියම කොට ඇති පාලන මිලට ආණ්ඩුවට වී ලබාදිය යුතු බවටත්, එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවටත්, රජරට පොහොට්ටු  දේශපාලඥයෝ ගොවි ජනතාවට තර්ජනය කරමින් සිටිති. පොළොන්නරුවේ රොෂාන් රණසිංහ ඇමතිවරයා ගොවීන්ට නියම කොට ඇත්තේ සෑම ගොවියකු ම වී කිලෝ සියයක් රජයට ලබාදිය යුතු බවට ය. එසේ නොකරන ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හරින බවට…

තවත් කොවිඩ් ආසාදිතයෝ 528 ක් හමුවෙති; සමස්තය 79,480 යි

තවත් කොවිඩ් ආසාදිතයින් 528 ක් හමු වූ වබ රජය ඊයේ රාත්‍රියේ වාර්තා කළේ ය. ඒඅනුව මෙරටින් හමු වුසමස්ත කොචිඩ් ආසාදිත සංඛ්‍යාව 79,480 ක් ලෙස වාර්තා වෙයි. වත්මන්කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 75,804 කි.

තවත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 435 ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ රාත්‍රියේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහල යයි. ඊයේ මරණ වාර්තා වී ඇත්තේ කුරුවිට සහ නිරාවිය ප්‍රදේශවලිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන නව යෝජනාවක් ගෙනෙන බව නිල වශයෙන් දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රටවල් නිල වශයෙන්  දැනුම් දී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් එම නව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව…