වරාය ආර්ථික කොමිසමේ පාර්ලිමේන්තු අධීක්ෂණය ගැන කිරිඇල්ල ප්‍රශ්න කළ විට ජී එල් ලිස්සා යයි

යෝජිත වරාය නගර ආර්ථික කොමිසන් සභාව පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු හමුවට කැඳවිය හැකිදැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට ඍජු පිළිතුරක් නොදුන් මහාචාර්ය ජී එල් පීරිස් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අධීක්ෂණය නැතිවන්නේ නැතැයි කියමින් මගහැර ගිය බව විපක්ෂය චෝදනා කරයි. පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය…

තව ප්‍රමාද කරන්න බැහැ ; කොවිඩ් යටතේ කළ හැකි ලෙස එජාප ප්‍රතිසංවිධානය පටන්ගන්න – රනිල් පක්ෂ ප්‍රධානීන්ට කියයි

රටේ වර්ධනය වෙමින් පවතින ආණ්ඩු විරෝධය හමුවේ,  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු,කොවිඩ් වසංගතය අවසන් වනතුරු නොසිට, වහා ම ආරම්භ කළ යුතුව ඇති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්‍රධානීන්ට් උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. ලබන මස සිට ම ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමටත් නිරෝධායන නීති අනුගමනය කරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන ලෙසත්, වික්‍රමසිංහ…

අලුත් ආසාදිතයින් 3591යි; මරණ 36 යි ; ඉහළ ම වාර්තා අද අලුත් වෙයි; එකවර විශාල ඉහළ යමක් !

කොවිඩ් 19 අසාදිතයින් 3591 ක් වූ දිනක ඉහළ ම සංඛ්‍යාව අද වාර්තා වී ඇත. මෙය පසුගිය දිනවල වාර්තා වූ සංඛ්‍යාවට වඩා 1000 කින් පමණ එකවර ඉහළ යාමකි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 151,241 ක් දක්වා ඉහළ ගොස් ඇත. දිනක වාර්තා වූ වැඩි ම මරණ සංඛ්‍යාව ලෙස මරණ 36 ක් අද වාර්තා වී…

වැලිකඩ බන්ධනාගාරය විකුණයි ! වටිනාකම රුපියල් කෝටි 20,000 කට වැඩියි !

කොළඹ වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කොට එම ඉඩම ආයෝජකයින් සඳහා දිගු කාලීනව බදු දීමේ සැලසුමකට කැබිනට මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි. අක්කර 42 ක භුමි භාගයක පිහිටි මෙම බන්ධනාගාරය හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 200 ක ඉඩමකට ගෙනයාමට ඒ අනුව සැලසුම් කොට ඇත. එලෙස නිදහස් වන ඉඩම දෙස් විදෙස් ආයෝජකයින් සඳහා දිගු කාලීන…

අප භාරදුන් රට ඒ විදිහට ම අපට දෙන්න – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

  මේ ආණ්ඩුවට භාරදුන් රට ඒ ආකාරයෙන් ම ආපසු භාරදෙන ලෙස ඉල්ලා සිටින බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ අද ප්‍රකාශ කළ හ. එමෙන් ම , කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත සම්මත නොකර කල් දමන ලෙස ද උන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටියෝ ය. අග රදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට අද…

වරාය නගර පනතට ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ කුළුගෙඩි පහරක් – ආචාර්ය හර්ෂ ද සිල්වා

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනතට ශ්‍රේෂ්ඨාධිකරණය කුළුගෙඩි පහරක් දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. මෙම වරාය නගරය පාලනය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ තමාගේ නායකත්වයෙන් යුතු කමිටුව ඉදිරිපත් කළ යෝජනාවත්, වත්මන් රජය පත් වූ පසුව අගමැතිතුමා පත්…

‘‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්‘‘ – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව හරහා අධිකරණය බලය බේරා ගැනීමට සහ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇතැයි ද  රනිල් වික්‍රමසිංහ මහතා කියයි. හිටපු…

34ක් වන දිනක වැඩිම මරණ සමග සමස්ත කොවිඩ් මරණ 1000 පන්නයි

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ 34 ක් වන වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් රෝගය නිසා වෙනත් රෝග උත්සන්න වීමෙන් මියගිය සංඛ්‍යා මෙයට ඇතුළත් නැත. නව කොවිඩ් රෝගීන් 2518 ක් ද ඊයේ දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ්…

රිෂාඩ්, ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (18)පෙරවරුවේ රැගෙන එනු ලැබූහ . එම මන්මන්ත්‍රීවරුන් දෙදෙනා එකඟ නම් පමණක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවීමට කතානායකවරයා පසුගියදා තීරණය කළේය . රිෂාඩ් බදුර්දීන් මහතා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දණ්ඩනය නියම වීමෙන් පසුව…

වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි ; සම්මත කිරීමට ජනමත විචාරණයක් ඕනෑ – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

යෝජිත වරාය නගර  විශේෂ ආර්ථික කොමිසන් සභා පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එම වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇත. අද උදේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

24 සහ 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ලබන 24 දා, සඳුදා සහ 25 දා, අඟහරුවාදා දින දෙක රජයේ විශේෂා නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. මෙම දින දෙක රජයේ නිවාඩු දින වන නමුත්, බැංකු සහ වෙළෙඳ ආයතන සඳහා බල නොපවත්වන බව රජය දැනුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම නිවාඩු දින ප්‍රකාශයට පත් කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ තුරෙයි රත්නසිංහම් කොවිඩ් වැළඳී මරුට

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ තුරෙයි රත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වෙයි. ඔහු මියගොස් ඇත්තේ  කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය . තුරේරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය දෙවැනි මන්ත්‍රීවරයා ය . මෙයට පෙර කොවිඩ් ආසාදනය වීමෙන් හිටපු කතානායක වරයෙකු වූ විජමූ ලොකුබණ්ඩාර මහතා මිය…