කොවිඩ් මරණ තවත් අලුත් වාර්තාවක් අද 54 ක් ; අසදිථයින2837 ක්

දිනෙක වාර්තා වූ වැඩි ම කොවිඩ් මරණ ගණන අද අලුත් වාර්තාවක් තබමින් මරණ 54 ක් වාර්තා කළේ ය. මේ වනවිට මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1844 ක් ලෙස නිල වාර්තාවල දැක්වෙයි. අද අලුතින් හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 2637 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 210,582 ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙම නිල…

අදත් කොවිඩ් මරණ 47 ක් ; නව ආසාදිතයින් 2610 ක්

අද දිනයේ ද කොවිඩ් ආසාදිත මරණ 47 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්යවනිල වශයේ වාර්තා වන්නේ 1789 ක් වශයෙනි. අද දිනයේ වාර්තාවලට ඇතුළත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2610 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 207,934 ක් ලෙස නිල වශයෙන් වාර්තා වෙයි.

සජිත් යටතේ සමගි වෙන්න සජබ යෝජනාවක් සම්මත කර ගනී

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යටතේ එක්සත්ව කටයුතු කිරීමේ යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අද පැවතී රැස්වීමේ දී සම්මත කරගත් බව එම පක්ෂය අද නිවේදනයක් නිකුත් කරමින් කියයි. පක්ෂයේ අර්බුද ඇතැයි සමාජ මාධ්‍යවල ව්‍යාජ වාර්තා පලවන බව ද එම නිවේදනයේ සඳහන් ය. එම නිවේදනය පහත දැක්වේ.

රනිල් මේ මාසයේ පාර්ලිමේන්තුවට එනවා ; දිනය තීරණය කර නැහැ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනු ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. ගම්පහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සංවර්ධනය සඳහා පෞද්ගලික මුදලින් ලක්ෂ දහයක් පර්ත්යග කිරීමෙන් පසුව මාධ්‍ය කළ ප්‍රශ්නකිරීම් හමුවේ ඒ මහතා මේ බව පවසා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යන දිනය මෙතෙක් හරියටම…

ජීවිත තර්ජනයක දී මාධ්‍යවේදියකුට රජයේ රැකවරණ විශ්වාස නැති වීම භයානකයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදියකුට ජීවිත තර්ජනයක් එල්ල වූ අවස්ථාවක රාජ්‍යයේ රැකවරණ ලැබීම ගැන විශ්වාසයක් නොමැති වාතාවරණයක් උද්ගත වී ඇත්නම් එය අතිශය බිහිසුණු තත්ත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඔවුන් මෙම කරුණ අවධාරණය කොට ඇත. එම ලිපිය සම්පුර්ණයෙන් මෙසේ ය.   පොලිස්පතිතුමා, පොලිස් මූලිස්ථානය, කොළඹ….

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ” තර්ඩ් ක්ලාස් ” කතාවට සමාව ගත යුතුයි – මාධ්‍ය සංවිධාන එකතුව

පසුගිය කාලයේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් “තර්ඩ් ක්ලාස් ” වැඩ කළ අය ලෙස අපහාස කළ ප්‍රකාශයට විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,සමාව ගත යුතු බව මාධ්‍ය සංවිධාන එකතුව ඒ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. මාධ්‍ය ආයතනවලට ද නිකුත් කොට ඇති එම ලිපියේ මෙසේ සඳහන් වෙයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍යාංශය,…

කොවිඩ් මරණ වාර්තා අලුත් වෙයි ; ඊයේ මරණ වාර්තාව 46 යි ; නව අසාදිතයින් 2076 යි ; සංඛ්‍යා ලේඛන විකෘති වීම ගැන චෝදනා

ඊයේ දිනයේ රජය නිල වශයෙන් තහවුරු කරන ලද කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1742 කි. මෙම වාර්තාවේ සඳහන් වන්නේ මැයි 17 සිට ජුනි 5 දක්වා සංඛ්‍යා බවත් ඊයේ සිදුවූ මරණ කිසිවක් එහි අඩංගු නැති බවත් රජයේ නිවේදනයේ කියයි. කිසිදු මරණයක් සිදු නොවූ…

කෘෂිකර්ම ලේකම් ඉල්ලා අස්වුනා ; කාබනික පොහොර ගැන දන්න කෙනෙක් ලේකම් ලෙස පත් කරනවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව  පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. නාවලපිටිය ප්‍රදේශයේ (06) දින පැවති මාධ්‍යය හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ බැව් පැවසිය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත…

ෆොන්සේකාත් සජිත්ට එරෙහි වෙයි ! – සජබ අර්බුදය උග්‍ර අතට

  සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදයේ දී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව පෙනී සිටි ප්‍රබලයකු ලෙස වාර්තා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය දරුණු ලෙස විවවේචනය කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙයට  හේතු වී තිබෙන්නේ පක්ෂයේ අනෙක් නායකයින්ගේ අදහස් නොතකා ඔවුන්ට දැනුම් දීමකින් පවා…

ප්‍රමිති ආයතනය ඇතුළු වැදගත් ආයතන හයක් ඇමති නාමල් යටතට

පොල්තෙල්වල අෆොලොටොක්ෂින් පරීක්ෂාව පිලිබඳ ප්‍රස්නයක් හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අලුතින්  රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ මහතාගේ විෂය පථයට යටත් කොට තිබේ. ඒ සමග වැදගත් රාජ්‍ය ආයතන හයක් ඒ මහතා  යටතට පත් කොට ඇත. තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා  (03 දා) ඩිජිටල් තාක්ෂණ…

අද තවත් කොවිඩ් මරණ 40 ක් ; නව ආසාදිතයින් 3094 ක් ; සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂ දෙක පනී

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 40 ක් සහ නව ආසාදිතයින් 3094 ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් පිළිගෙන ඇත්තේ 1696 ක් වශයෙනි. කොවිඩ් රෝග තත්ත්වය තුළ වෙනත් රෝග උත්සන්න වීම නිසා මියගිය සංඛ්‍යා මෙම නිල වාර්තාවන්ට ඇතුළත් කොට නැත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්…

‘අතයි කකුලයි ගලවගන්න එක බයිසිකලයයි යන්නෙ’ අයෙක් කිවුවා.. මගේ ජීවිතය දැඩි අනතුරක.. නුදුරේදීම මා මරා දමාවි…- චමුදිත මාධ්‍ය අමතයි..

තමන් මේ මොහොතේ සිටින්නේ බරපතළ ජීවිත තර්ජනයක හා අවදානමක බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.   බොහෝ දුරට ඉතා මෑතක දී තමා ඝාතනය කිරීමට වුවද වැඩි ඉඩක් ඇතැයි තමන් ඉතා වගකීමෙන් පවසන බවද ඒ මහතා පැවසීය. මේ සඳහා සාක්ෂි ගණනාවක් තමන් සතුව ඇති බවත් ඇතැම් සාක්ෂි හෙළි කිරීමටද නොහැකි බව ද ඔහු සඳහන් කරයි….