තවත් කොවිඩ් මරණ 62 ක් ; ආසාදිතයින් 2759 ක්

තවත් කොවිඩ් මරණ 62 ක් සහ නව ආසාදිතයින් 2759 ක් ඊයේ තහවුරු කරගත් බව රජය නිල වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛාව නිල වශයෙන් සටහන් වන්නේ 2073 ක් වශයෙනි. නිල සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් අසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 218,893 ක් වශයෙන් සටහන් වෙයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල වැඩි කරයි ; පෙට්‍රල් රුපියල් 20 කින් ඩීසල් රුපියල් 7 කින් නගී

ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කොට ඇත. ඒ අනුව 92  ඔක්ටේන් වර්ගයේ සාමාන්‍ය  පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් වැඩිවන අතර එහි නව මිල ලීටරයක් රුපියල් 157 කි. යුරෝ 95 ඔක්ටේන්  වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 ක්  දක්වා රුපියල් 23 කින් වැඩි කොට ඇති අතර, ඩීසල් ලීටරයක් රුපියල් 111 ක්…

14 දා සංචරණ සීමා ඉවත් කිරීමේ තීරණයත් රිවස් වෙයි.

  කලින් නියම කරගත් පරිදි රටපුරා  සංචරණ සීමා 14 දා උදේ ඉවත් කරන බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙරේදා නිවේදනය කළ ද, එම තිරණය වෙනස් කොට 21 දක්වා එම තත්ත්වය පවත්වාගෙන යාමට තීරණය කළ බව අද ප්‍රකාශ කළේ ය. කොවිඩ් ව්‍යාප්තිය පිලිබඳ අලුත් ම සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමෙන්…

තෙල් මිල වැඩි වෙයි

ඛනිජ තෙල් මිල වැඩි කිරීමට රජය තීරණය කොට ඇත. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කළ බව යි. නව ඉන්ධන මිල ගණන් සහ මිල ක්‍රියාත්මක වන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ඇති කියති.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි නොකළොත් ජී එස් පී අහෝසි කරන්න යුරෝපා සංගමය යෝජනාවක් සම්මත කරයි

මෙරට ක්‍රියාත්මක වන මානව හිමිකම් විරෝධී නීතියක් ලෙස සැලකෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවට ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුව අනුව ක්‍රියා නොකරන්නේ නම් ජී එස් පී ප්ලස් සහනය අත් හිටුවීමට සලකා බැලිය යුතු බවට යෝජනාවක් යුරෝපා සංගමය ඊයේ සම්මත කොට ඇත. යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාව සම්මත…

තවත් කොවිඩ් මරණ 101 ක් ; පළමු වරට දිනක දී 100 පන්නයි ; සමස්තය 2000 පන්නයි

එක දිනක වාර්තාවන මරණ සංඛ්‍යාව යළිත් ඉහළ වාර්තාවක් තබමින් ඊයේ දිනයේ කොවිඩ් අසාදිත මරණ 101 ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා යමින් 2011 ක් ලෙස නිල වශයෙන් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදීත සංඛ්‍යාව 2715 කි. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 216,111 ලෙස වාර්තා වෙයි….

වජිරගේ කාල සටහනට අනුව රනිල් 22 දා පාර්ලිමේන්තුවට !

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා දිවුරුම් දෙන බව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. වික්‍රමසිංහ මහතා එලෙස දිවුරුම් දෙන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණයකට අනුව ය. මෙම මන්ත්‍රී ධුරයේ පක්ෂ නායකයා දිවුරුම් දෙනු ඇති බව වජිර අබේවර්ධන මහතා ප්‍රකශ කළේ පසුගිය ජනවාරි මාසය…

සංචරණ සීමා 14 දා සිට ඉවත්කරන බව ශවේන්ද්‍ර කියයි

රට පුර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා  ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. ඒ අනූව ලබන 14 වනදා  අලුයම 4.00ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇත. ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක්…

මරණ වාර්තාව තව ඉහළට ; ඊයේ 67 යි ; ආසාදිතයින් 2713 යි

කොවිඩ් 19 නිසා මියගිය සංඛ්‍යාවේ දෛනික වාර්තාව තවත් ඉහළ යමින් ඊයේ මරණ 67 ක් වාර්තා වී ඇත. මේ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 1910 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව කොවිඩ් ආසාදිතයින් 2713 ක් ද ඊයේ වාර්තා වී ය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 217,377 ක් දක්වා ඉහළ ගොස්…

‘‘සජබ අනාගතය සජිත්ගේ හැසිරීම මත‘‘ – පාඨලී චම්පික රණවක

සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඉකුත් 2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වූ බැවින් ඒ අනුව කටයුතු කළ බව කී මන්ත්‍රීවරයා තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බව ද සඳහන් කරයි. පාඨලී…

ශ්‍රී ලංකාව ලොව වටා සෙවූ ඇස්ට්‍රා සෙනිකා එන්නත් තොගයක් අමෙරිකාවෙන් ලැබෙයි

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබු සහ ලොව විවිධ රටවලින් විමසීම් කළ ද ලබාගත නොහැකි වූ ඇස්ට්‍රා සෙනිකා එන්නත් තොගයක් මෙරටට  ලබාදීමට ඇමෙරික එක්සත් ජනපදය එකඟ වී ඇති බව වාර්තා වෙයි. ඇමෙරිකාව තුන්වන ලෝකයේ රටවලට නොමිලේ ලබාදෙන එන්නත්වලින් ශ්‍රී ලංකාවට වෙනකොට ඇති ප්‍රමාණයෙන් කොටසක් මෙලෙස ඇස්ට්‍රා සේනිකා එන්නත ලෙස ලැබීමට නියමිතය. එහි මුල් කොටස ලෙස එන්නත් මාත්‍රා…

රනිල් පාර්ලිමේන්තු එනවිට ජපානයෙන් සුපිරි වහනයත් එයි !

මේ මස අග දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන බව කියන  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දිවුරුම්  දී ටික දිනකින්  අලුත් ම සුඛෝපභාගී මෝටර් රථයක් හිමිකර ගැනීමේ වාසනාව හිමි වී ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජය ගෙන්වන වාහන සමග මේ වන විට පුරප්පාඩුව පවතින එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සඳහා ද වාහනයක්…