පවිත්‍රාත් රනිල්ට

පවිත්‍රාත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය.  විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම ණය ගෙවීම සඳහා ඉපැ­යිය යුත්තේ රුපි­යල් නොව ඩොලර් බවත් ඒ අනුව අප­න­යන අභි­මුඛ ආර්ථි­ක­යක් හරහා…

රාජපක්ෂ පිලේ අපේක්ෂක නාමල් – සාගර කාරියවසම් නිවේදනය කරයි.

රාජපක්ෂ පිලේ අපේක්ෂක නාමල් – සාගර කාරියවසම් නිවේදනය කරයි.

  ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කළේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවට බෑ  කියයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවට බෑ කියයි

 ඉදිරි ජනාධිපතිවරණය  සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  අපේක්ෂක  වශයෙන්  ඉදිරිපත් නොවන බවට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇත. පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස…

පොහොට්ටුව වෙනම ඉල්ලන එක ඉතාම සුබයි.. දැන් රනිල් එක්ක සාකච්චා කරන්න පුළුවන් – චම්පික රණවක
|

පොහොට්ටුව වෙනම ඉල්ලන එක ඉතාම සුබයි.. දැන් රනිල් එක්ක සාකච්චා කරන්න පුළුවන් – චම්පික රණවක

  මෙවර ජනාධිපතිවරණයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රට බංකොලොත් කරපු අපේක්ෂකයෙකු තනිවම ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය ඉතාමත් හොඳ බවත් ඒ අනුව එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.     එමෙන්ම ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවාද යන්න…

ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි. එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

සජිත් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

සජිත් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපත්වරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද සිදුකොට තිබේ, සජබ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද උදේ මෙම ඇප තැන්පත් කිරීම සිදු කළේය.

ජනාධිපතිට සහය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස 115 කට වැඩියි – පොහොට්ටු මන්ත්‍රී නිමල් ලන්සා

ජනාධිපතිට සහය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස 115 කට වැඩියි – පොහොට්ටු මන්ත්‍රී නිමල් ලන්සා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙදෙනාට අමතරව අද නොපැමිණි  තවත් පිරිසක් සහය දීමට සිටින බවත් එම සම්පුර්න මන්ත්‍රී සංඛ්‍යාව 115 ඉක්මවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. මන්ත්‍රී කණ්ඩායමක් සමග ජනාධිපතිවරයාට සහය පළකිරීමෙන් පසු ඒ මහතා මේබව ප්‍රකාශ කළේය….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් රනිල් හමු වී සහය පළ කරති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 දෙනෙක් ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. අද සවස මෙම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමු වී මෙම ප්‍රතිඥාව දී තිබේ.

පොහොට්ටු මන්ත්‍රී රොත්තක් වජිරගේ ගෙදර යති

පොහොට්ටු මන්ත්‍රී රොත්තක් වජිරගේ ගෙදර යති

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට අද (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ. මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ,කනක හේරත්, ජානක වක්කුඹුර,මොහාන් ප්‍රිදර්ශන ඇතුළු…

පොහොට්ටුවේ මැති ඇමති හැටක් ජනපති හමු වී සහය පළ කරති

පොහොට්ටුවේ මැති ඇමති හැටක් ජනපති හමු වී සහය පළ කරති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් හැට දෙනෙකු පානම අද රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ජනාධිපතිවරණයේ දී සහය දීමට එකඟ වී ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කිරීමෙන් පසු මෙම හමුවීම සිදු වී තිබේ. එජාප සභාපති වජිර අබේවර්ධන මහතගේ මෙහෙයවීමෙන් මෙම හමුව…

ජනපතිවරණයේ දී පොහොට්ටුව ලකුණින් වෙන ම අපේක්ෂකයෙක්

ජනපතිවරණයේ දී පොහොට්ටුව ලකුණින් වෙන ම අපේක්ෂකයෙක්

  ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි. අද(29) පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.මෙහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ. ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ…