යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා තනතුරින් ඉවතට

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරී ඇත. ඒ මහතා එම තනතුරට පත්ව ඇත්තේ 2011 වසරේදී ය. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, ජෝශප් පරරාජසිංහම් ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේශන් කර්තෘ කීත්…

“කොමිෂන් සභා තීන්දු ජනපතිට කිව යුතු නෑ“ – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිට “යහපාලනය ” කියාදෙයි

  ස්වාධීන කොමිෂන් සභා සහ රහස් පොලිසිය වැනි ආයතන තම විමර්ශනවලින් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන රටේ ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බවට සඳහන් වන්නේ කුමන නීතියකදැයි ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය  ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත . හමුදා සාමාජිකයන්ට නිවාස හා ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ කතාවට විරෝධය දක්වමින් එම සංගමය මේ…

රනිල්ගේ ඉල්ලීමට දිල්රුක්ෂිගේ තීන්දුවේ වෙනසක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක කළ ප්‍රකාශයත් සමග, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් අස්වීමට ගත් තීරණය වෙනස් කර ඇතැයි වාර්තා වේ. එම තීරණය වෙනස් කරනු ලැබුවේ අගමැතිවරයා දුන් උපදෙස් අනුව බව පැවසේ. වාර්තා වන අන්දමට ජනාධිපතිවරයා ඇය හෝ වෙනත් කිසිඳු නිලධාරියකු ඉලක්ක කර එම ප්‍රකාශය නොකළ බව…

‘කරගෙන ආපු විදියටම වැඩ කරගෙන යන්න’ රනිල් පොලිස් ප්‍රධානීන්ට කියයි..!

CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට පවසා ඇත්තේ ‘ඔබතුමන්ලා මෙතෙක් කරගෙන ආ පරීක්ෂණ හා විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යන ලෙස යි .   එහිදී අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට අවධාරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවේ සමගිය බිඳීමට ජාතිවාදී දුෂ්ට බලවේගයන් විවිධ වේශයන්ගෙන් ක්‍රියා කරන බැවින්…

මෛත්‍රීගේ ප්‍රකාශයෙන් පසු දිල්රුක්ෂි ඩයස් ඉල්ලා අස්වීමට තීරණය කරයි..?

රටේ විධායකයේ ඉහලම තැනැත්තාට, තම ආයතනය (අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම) පිළිබඳව, පවතින වැරදි අවබෝධය හේතුවෙන් සිදුකරන ලද ප්‍රකාශ නිසා, එහි අනාගත ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුවී ඇති හෙයින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. දිල්රුක්ෂි ඩයස්…

ජනාධිපතිට ඩොන් ගිය දේශපාලන බලපෑම ඔහුගේම සගයන්ගේ – ඇවන්ගාඩ් නඩුවට බලපෑම් කළේ රාජිතයි , චම්පිකයි , අර්ජුනයි – තිලක් මාරපනට ගෙදර යන්න වුණේ ඒකට විරුද්ධ වූ නිසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කේන්තියෙන් පැවසු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුධපතිවරු තිදෙනෙක් උසාවියට රැගෙනගිය අවන්ගාඩ් සිදුවීමේදී එයට දේශපාලන පලපෑම් කළේ ජනාධිපති තුමගේම ගෝලයින් වන රාජිත සේනාරත්න , චම්පික රණවක , අර්ජුන රණතුංග යන ඇමතිවරුන් බව රටම දාන්න කාරණයකි .එකල එයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කතා කළ තිලක් මාරපන ඇමතිවරයාට නිතිය…

රහස් පොලිස් පරීක්ෂණවලට බියවී ධනසිරි අමරතුංග රටින් පනී!

 තමාට එරෙහිව ඇති මිනී මැරුම් චෝදනා සහ අයථා ධනෝපායන මාර්ග පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දැනගත් වහාම දෙහිවල  – ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග ශ්‍රී ලංකාවෙන් මීට දින කිහිපයකට ඉහත දී පැන ගොස් ඇති බව වාර්තා වේ. 2004 වර්ෂයේ දෙහිවල මස්කඩ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් නගරසභා භූමිය තුලදීම පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා…

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක (රු. 26,000,000) මුදලකට යෝෂිත තව ඉඩමක් අරන් – ඩේසි ආච්චි දන්නෙත් නෑ

විශ්‍රාමික ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ තවත් ඉඩමක් පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිට ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම ඉඩම යෝෂිතගේ මිත්තණිය යැයි පැවසෙන ඩේසි පොරස්ගේ නමට ලියා ඇති නමුත්…

තාජුඩීන්ගේ සිරුරු කොටස් සී. අයි. ඩී. භාරයට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) පස්වරුවේ මාලඹේ සයිටම් අධ්‍යාපන ආයතනය වටලා තාජුඩීන්ගේ යැයි සැකකෙරෙන සිරුරු කොටස් ගණනාවක් සමඟ තවත් පුද්ගලයන් 26දෙනකුගේ පමණ සිරුරු කොටස් රැසක් ඔවුන්ගේ භාරයට ගෙන සීල් තබා තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) පෙරවරුවේ ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙම වැටලීම සිදුකර…

ශිරන්ති අත්අඩංගුවට ගැනීම ‘අගමැති වළක්වලා’

හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ අවසන් වී තිබියදීත් ඇය අත්අඩංගුවට නොගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර ‘ඩීල් එකක්’ පවතින බවට ඇතැමුන් චෝදනා කළත් සත්‍ය වශයෙන්ම එවැනි…

ලසන්ත ඝාතනය කළ විශේෂ අවිය ” බෝල්ට් ගන්” එකක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී, ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් කළේ බෝල්ට් ගන් (Bolt gun) නම් සමීපයේ සිට සතුන් මැරීම සඳහා යොදා ගන්නා විශේෂ ආයුධයකින් දැයි පරික්ෂණ අංශ තුළ සැකයක් මතුව ඇති අතර ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂණ පවත්වන්නේ එම කරුණ තහවුරු කර ගැනීමට බව දැනගන්නට ලැබේ. බටහිර රටවල ගවයන් මැරීම සඳහා විශේෂයෙන්…

බැසිල්ට දුෂණ කරන්න ඉඩ දුන් නිසා වැරදිකරු පී.බී ලු !

හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව වියදම් වී තිබෙන රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටතුනකට (16,300,000) අධික මුදල් සඳහා සෘජුවම වගකිව යුතු වන්නේ අමාත්‍යංශයේ එවකට හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු ප්‍රධාන ගණකාධිකාරවරු බව බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වංචා දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම…