සමාජ මාධ්‍ය තහනම ඉවතට

වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් ආදී සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ තහනම වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී. ඉකුත් 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් 21 වැනිදා දහවල් සිට මේ දක්වාම මෙම සියලු සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීමට රජය…

කාදිනල්තුමාට අගමැතිගෙන් වෙඩි නොවදින රථයක්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා භාවිත කරන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ පාවිච්චිය සඳහා භාරදී ඇත. රටේ පවතින තත්ත්වය සලකා අගමැතිවරයා විසින් මෙම වෙඩි නොවදින රථය කාදිනල්තුමාට රියැදුරකුද සමග තාවකාලිකව භාරදී තිබේ. පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයන් සමගම කාදිනල්තුමාගේ ආරක්‍ෂාව පිණිස මෙලෙස අගමැතිවරයා භාවිත කළ වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදුන්…

පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවලා – වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට දින ගණනාවකට පෙර ලැබුණු බුද්ධි තොරතුරු නිස කළමනාකරණය නොකිරීම හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි. වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ….

සහරාන්ගේ සමීපතම සගයින් – රියැදුරු හා ඝාතනයන්ට උපදෙස් දුන් ප්‍රධාන පූජකගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹේ

පසුගිය දා කල්මුනේ ඇති වූ වෙඩි හුවමාරුවේ දී මියගියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්ගේ පියා සහ සහෝදරයින් ඇතුළු සමීපතමයින් බව මේ වන විට අනාවරණ කර ගැනීමට හැකියාව ලැබී තිබේ. ප්‍රහාර මාලාවේ මහ මොළකරු මොහොමඩ් සහරාන් ව අධ්‍යත්මික වශයෙන් පෙළඹවීමට කටයුතු කළ පූජක වරායා ද මේ වන විට අත්අඩංගුවට පත් වී තිබේ. ප්‍රහාරය දියත් කිරීම…

ප්‍රහාරයක අනතුර ගැන ජනාධිපතිට තෙවරක්ම දන්වලා !

මුස්ලිම් අන්තවාදීන් පල්ලිවලට හා ප්‍රසිද්ධ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වන බවට ලැබුණු බුද්ධි අංශ වාර්තා ගැන තෙවරක්ම ජනාධිපතිවරයා දැනුවත් කළ බව ආරක්ෂක සේවාවේ ඉහල නිලධාරීහු කියති . අප්‍රේල් 11දින පළමු දැනුම්දීම සිදුකොට ඇත්තේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානි ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසිනි . ඒ මහතා විසින්ම අප්‍රේල් 16දා සහ 20දා ද මෙම…

ජමාත් සංවිධනයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ හා දියණිය අත් අඩංගුවේ ; පියා මරුට

මරාගෙන මැරෙන බෝම්බකරුවන්  විසින් කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පුපුරවාගත්  නිවසේදී තුවාල ලබා සිටි කාන්තාව සහ  වයස අවුරුදු 4 ක් වු දැරිය ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරවාගත් ජාතික තව්හිත් ජමාත් සංවිධනයේ නායක  මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ  හා  දියණිය බවට  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. එමෙන්ම එම ප්‍රහාරයේදී මියගිය අය අතර මොහොමඩ් සහරාන් ගේ…

මොහොමඩ් සහරාන්ගේ රියදුරු අත්අඩංගුවට

ජාතික තවුහීද් ජමාද් ත්‍රස්තවාදි  සංවිධානයේ   නායක ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහෙමඩ් සහරාන්ගේ රියදුරු කාත්තන්කුඩි ප්‍රදේශයේදි කාත්තන්කුඩි පොලිසිය විසින් අද (27) පස්වරුවේ  අත්අඩංගුවට  ගත් බව පොලිසිය  කියයි.මොහොමඩ්  ෂරීස් ආදම්ලෙබ්බේ හෙවත් ගෆුර් (53) නැමති මෙම පුද්ගලයා අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවට  බාර දූන් බව පොලිසිය කියයි.

NTJ, JMI සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කරයි – සෙසු අන්තවාදී සංවිධානවලට අනතුරු ඇඟවීම්

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස නම්කර තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම තහනම පනවමින් නිවේදනයක් නිකුත් කර තිබේ. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවිසින් ජාතික තව්හීඩ්…

ප්‍රහාරවලින් මියගියේ 253 යි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් බවත් 359 දෙනෙකු මිය ගොස් නැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.සෞඛ්‍ය අංශ මුලදී 290 කට ආසන්න පිරිසක් මියයන්නට ඇති බවට ඇස්තමේන්තු කර තිබුණද මියගොස් ඇත්තේ 253 ක ආසන්න පිරිසක්…

ආරක්ෂක ලේකම් ඉවතට:පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමක්!

ආරක්ෂක ලේකම් ඉවතට:පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමක්!

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද දිනය තුලදී එම තනතුරින් ඉවත්කර වෙනත් අයකු පත් කිරීමට තීරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමට නියමිත බවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. අද (24) උදැසන 8.30ට පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේබව අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දීමට නියමිත බවද එම ආරංචි…

තවුහිද් ජමාත් නව නායක නවුෆර් මවුලවි – තවත් ප්‍රහාර වටයකට අර අදී

සංග්රිලා බෝම්බ ප්‍රහාරය සමග මියගිය තවුහිද් ජමාත්  නායක සහරාන් හෂීම් වෙනුවට සංවිධානයේ නව නායකයා ලෙස නවුෆර් මවුලවි පත්කොට ඇති බව වාර්තා වෙයි . ඔහු මියගිය සහරාන් හෂීම් ගේ ඥාති සහෝදරයකු බව කියති . තවුහිද් ජමාත් සංවිධානය තවත් වටයකින් ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වන බවටද තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි .

ගායක අමල් පෙරේරා ඇතුළු 6ක් කටුනායක දී අත්අඩංගුවට

ගායක අමල් පෙරේරා ඇතුළු 6ක් කටුනායක දී අත්අඩංගුවට

පාතාලයේ ගෝඩ් ෆාදර් නමින් ප්‍රකට මාකඳුරේ මධූෂ් විසින් ඩුබාහි තරු හයේ හෝටලයක සංවිධානය කර තිබූ සාදයකට සහභාගි වී සිටිය දී ඩුබාහි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස අතරින් විටින් විට කිහිප දෙනෙක් මීට පෙර නිදහස් කර ලංකාවට පිටුවවහල් කරනු ලැබීය. ඊයේ පාන්දර අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙක් ලංකාවට පිටුවහල් කරනු ලැබූ අතර, ඔවුන් අද අළුයම 05…