ව්‍යවස්ථා සම්පාදනය කොට උඩ යවන කුමන්ත්‍රණයක් !

ජනාධිපති ක්‍රමය ඉවත්කර, ජාතික ප්‍රශ්නයට විසඳුමක්මක් ලෙස පුළුල් බලතල බෙදීමකට සියයට සියයක් තමන් එකඟ නමුත්, ජනමත විචාරණයට යන ව්‍යවස්ථා වෙනසකට ගොස් පරාජය වනවාට වඩා ව්‍යුහාත්මක වෙසකට නොගොස් ජනාධිපති ක්‍රමය තබාගෙනම, ආණ්ඩුකරණයේ වෙනසක් කිරීම මේ අවස්ථාවේ ප්‍රමාණවත් බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වූ ශිරාල් ලක්තිලක මහතා පසුගිය දා රේණුකා හෝටලයේදී පැවති සාකච්ඡා සම්මන්ත්‍රණයක දි ප්‍රකාශ කළේ ය….

දුමින්ද සිල්වා රට යැවීමේ සැලසුම බකල් !

මරණීය දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා බරපතල රෝගී තත්වයෙන් සිටින බවට වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඔහු සිංගප්පුරුවට ගෙනයාමට කර තිබු සැලසුම මේ වනවිට අසාර්ථක වී ඇතිබව වාර්තා වෙයි . ඔහු බාරගැනීම ජයවර්ධනපුර රෝහල විසින් ප්‍රතික්ෂේප කිරීම එයට හේතු වී තිබේ . ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ අතුල කහඳලියනගේ මහතා ප්‍රශ්න කර ඇත්තේ හොදම ස්නායු  වෛද්‍ය ඒකකය කොළඹ…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන පාර්ලිමේන්තු කමිටු හයේ වාර්තා අද එළිදකී .

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන පාර්ලිමේන්තු කමිටු හයේ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය තුමාගේ පාර්ලිමේන්තු සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න  මහතා යුක්තියට ප්‍රකාශ කළේය . පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සකස් කළ මෙම වාර්තා ඒකමතික බවත් ඒවා අද සිට මහජන සාකච්චාවට යොමු කරන බවත් ඒමහත වැඩි…

ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථානුකූලයි..! ශ්‍රේෂ්ටාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කළේය. ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රකාශ කළේය.ඒ, අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. ශ්‍රේෂ්ඨාධිකරණය එම ප්‍රකාශය කරනු ලැබුවේ ජාතික…

දුමින්ද සිල්වා රට ගෙනියන්න කෝටි හැටක ඩීල් එකක් -වැඩේට තව කෝටි දෙසීයක් ලෑස්තියි

භාරත ලක්ෂ්මන් ඝාතනයට වරදකරු වී මරණීය දඩුවම් නියම වී සිටින දුමින්ද සිල්වා සිංගප්පුරුවට රැගෙන යාම සදහා රුපියල් කෝටි හැටක ඩීල් එකක් ක්‍රියාත්මක බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒ අනුව බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටත් එම රෝහලෙන් ලබාගන්නා වෛද්‍ය නිර්දේශ මත සිංගප්පුරුවේ මවුන්ට් මේරි රෝහල වෙත යැවීමටත් කටයුතු යොදා ඇති බව…

මහින්ද රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමට ජනපති එකඟ වී තිබෙනවා.- මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 8 වෙනිදා මේරටේ බහුතර ජනතාවක් දල්වාගත බලාපොරොත්තු ඉටුවීම සිද්ධ නොවීම හෝ ප්‍රමාදවීමට අදාල හේතු කාරණා මොනවද කියලා මම තේරුම් ගත්ත හැටියට පැහැදිලි කරන්නයි මා මහන්සි ගන්නේ. මම විශ්වාස කරනවා මෙතන ඉන්න හුගක් පිරිස මම රාවයට ලියන පුවත් කියවන අය කියලා. ජනවාරි 8 පොදු අපේක්ෂකයෙක් කරලියට එන්නෙ එක්තරා ආකාරයකට අසුරු සැනින් කියල අපිට කියන්න පුලුවන්….

පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවතට

පුවත්පත් කලාවේදී්න් ආරක්ෂා කර ගැනීමේ කමිටුව (CPJ) විසින් 2008දී ආරම්භ කරන ලද ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. මෙම වාර්තාව සෑම වසරක ම නොවැම්බර් 2දා පළ කරනු ලැබේ. මළවුන්ගේ දිනය ලෙස ද සැලකෙන මෙම දිනය CPJ විසින් පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ නීති මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර…

නව ව්‍යවස්ථාවට අදාළ කොමිටි වාර්තා සති දෙකකින්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද ව්‍යවස්ථා සභාව විසින් නම් කෙරුණු කොමිටි 6 වාර්තාව, මේ වන විට මෙහෙයුම් මණ්ඩලයට භාර දී ඇති බව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ආරංචි මාර්ග වලින් යුක්තියට වාර්තා වේ. වැඩිදුරටත් දැනගැනීමට ඇති ආකාරයට ඉදිරි සති 2 ඇතුලත මෙම වාර්තා 6 ප්‍රසිද්ධ කිරීමට නියමිතය. කෙටි මහජන සංවාදයකින් අනතුරුව නව ව්‍යවස්ථාව,…

ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් – අර්ජුන් මහේන්ද්‍රන්

කෝප් කමිටු වාර්තාවෙන් තමන්ට එල්ල වී ඇති ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබේ. කෝප් කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වන බව දැන රටින් පලා ගිය බවටත්, එම චෝදනාවන්ට සම්පූර්ණයෙන්ම ඔහු වගකිවයුතු බවටත් හැ‍ඟෙන චෝදනා සම්බන්ධයෙන් කළ විමැසුමකට පිළිතුරු දෙමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා එසේ ප්‍රකාශ කර…

‘ආවා ගෘෘප්’ හැදුවේ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ !

යාපනය තුළ ‘ආවා’ නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, රාජපක්ෂ පාලන සමයේ උතුරු ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇත. මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන්…

සීඑස්එන් බලපත්‍රය අත්හිටුවයි

 සී එස් එන් රූපවාහනී නාලිකාවේ විකාශන බලපත්‍රය 24 දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගැණිනි. මෙම විකාශන නාලිකාව මෙම බලපත්‍රයේ සඳහන් වගන්ති ගණනාවක් උල්ලංඝනය කර තිබීම හේතුවෙන් එම බලපත්‍රයේ 3(1) වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය අවලංගු කළ බව අමාත්‍යාංශයේ ලේකම් නිතීඥ නිමල් බෝපගේ මහතා…

දිල්රුක්ෂි මුනිවත බිදියි..! මෛත්‍රීට-රාජිතට දෙහි කපයි..!

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තමන්ගේ ඉල්ලා අස්වීමට සෘජුවම හේතු වූ බව අල්ලස් හා වංචා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ වරිය ලෙස කටයුතුකළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියා සිටි. රටේ ප්‍රථම පුරවැසියා තමාගේ කාර්යය සහ ස්වාධින කොමිෂන් සභාවේ වැඩකටයුතු පිළිබඳව සැක සංකා පළකිරීමෙන් අනතුරුව තමන් තව දුරටත් එම තනතුරේ රැඳී සිටිම සාධාරණ නොවුන හෙයින් තමන් පිටු හතරක දීර්ඝ ඉල්ලා අස්වීමේ…