රනිල් ඝාතන කුමන්ත්‍රණයක් ගැන වජිරගෙන් ඉඟියක්

  නිදහසින් පසු මෙරට දේශපාලන නායකයින් 125 දෙනෙකු පමණ වරින් වර ඝාතනය වූ බවත්, එම ඝාතන කළ තුවක්කුකරුවන් හසු වුව ද , ඒවා මෙහෙය වූ බලවේග හෙළි නොවූ බවත්, ජනාධිපති උපදේශක,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. වර්තමාන වර්ජන ද මෙහෙයවන්නේ විදෙස් හස්තයක් විසින් බවත්, කේ ඩී ලාල් කාන්ත මහතා එය තේරුම් ගෙන ඇති බවත්,…

මේ අවුරුද්දේ මැතිවරණයක් නැහැ – මැතිවරණ අධ්‍යයන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක

    තමන් කොපමණ කෑ ගැසුවත් මේ අවුරුද්දේ මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, ඇත්ත එය බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකශ කළේය. ආණ්ඩුවට මුදල් තිබෙනවා – කොහොම හරි මැතිවරණ තියන්න කියා තමන් නොකියන බව ද ඒ මහතා කී ය. අද පවතී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනපතිගෙන් බුරුලක් නැහැ ; ර්වජනයට මුහුණ දෙන්න රජය සුදානමින් !

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැඩ ර්වජන මෙහෙයවන සංවිධන අද බලාපොරොත්තු වූ ප්‍රකාශය මෙතෙක් සිදු කොට නැති අතර ර්වජනයට මුහුණ දීමට දැඩි පියවර ගැනීමට රජය සුදානම් වන බව වෘත්තීය සමිතිවලට සම්බන්ධ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ජනාධිපති කාර්යාලයේ ඊයේ කැඳවා තිබු සාකච්ඡාවට ජනාධිපතිතුමා සහභාගී වී නැත. අද දහවල් වන විට ජනාධිපතිතුමා ප්‍රකාශයක්  කරනු ඇතැයි එහි දී…

සයිටම් යලි පටන් ගනී ! පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව දෙන්න රජයේ ශික්ෂණ රෝහල්

  පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ ශික්ෂණ රෝහල් හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි එම කටයුත්ත සිදුකිරීම සඳහා එම තීරණය ගෙන ඇත. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව යන…

බැංකු පොලී අනුපාත විශාල ලෙස පහළට

  බැංකු පොලී අනුපාත විශාල ලෙස අඩු වී ඇති බව Daily Mirror වාර්තාවක් මගින් පෙන්වා දෙයි. බැංකු පොලී සියල්ල තීරණය වන ප්‍රධාන පොලී අනුපාතිකය පසුගිය සතියේ පදනම් අංක 71 කින් සහ ඊට පෙර සතියේ පදනම් අංක 76 කින් අඩු වී මේ වන විට සටහන් වන්නේ සියයට 22.74 ක් වශයෙනි. එය පසුගිය වසර අවසානයේ සටහන්ව තිබුණේ…

ර්වජන , විරෝධතා අදින් අවසන් වෙයි ?

ප්‍රකාශයට පත් කොට ඇති සියලු ර්වජන සහ විරෝධතා ක්‍රියා මාර් ග අද සවස අවසන් කිරීමට හැකි වනු ඇතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. වෘත්තීය සමිති නිවොජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කරන ප්‍රකාශයකින් පසුව ර්වජන  අවසන් කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මේ අතර හෙට…

රජය වැඩ ර්වජක අද හමුවෙන් ප්‍රතිඵල නැහැ ; ජනපතිගෙන් හෙට ප්‍රතිචාරයක් !

  රජයේ නිලධාරීන් සහ වැඩ වර්ජක වෘත්තීය සමිති අතර අද පැවති සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් නොලැබුණු බව රජයේ වුද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි. කෙසේ වෙතත්, එම සාකච්ඡාවේ තොරතුරු ජනාධිපතිතුමා වෙත හෙට උදේ වාර්තා කරනු ඇති බවත්, ඒ අනුව ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය හෙට ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කෙරෙයි.

සජිත්ට-අනුරට චම්පිකගෙන් සැර පහරක්

  හොරකම් නතර කළ විට රට දියුණු වන්නේ යයි ජනකාන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් වෙමින් ඇතැයි හතළිස් තුන් වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. හොරු අල්ලා රට දියුණු කරන්නේ යැයි දියත් කරන බොරුවලට නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි. හොරු අල්ලා 60 වසරක් ගතවුවද කියුබාව තවමත් දිගු පෝලිම් සහිත දුප්පත් රටක් බව හෙතෙම…

15 දාට සහය දෙනවා ; අඛණ්ඩ ර්වජනයකට ජවිපෙ සහය නැහැ – කේ ඩී ලාල් කාන්ත

  15 දා වැඩ ර්වජනයට තම සහය ලබාදෙන බවත්, නමුත් අඛණ්ඩ වැඩ ර්වජනයක් මේ මොහාතේ සුදුසු නොවන බව තමන්ගේ අදහස බවත්, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති අංශයේ නායක එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා අද කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතා ප්‍රකාශ කළේය. වැඩ ර්වජන කැඳවා ඇති වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල…

ඉන්ධන ආනයනයට, අලෙවියට චීනයේ සිනොපෙක් සමාගම සූදානම් බව ජනපතිට කියයි

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය,…

වරාය වෘත්තීය සමිති නායකයා බොරු කියා මාට්ටු

තමන්ගේ වැටුප සහ බදු ගැන බොරු කියන්නට ගිය වරයා වෘත්තීය සමිති නායකයකුට සමාජ මධ්‍යයේ දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක්වන්නට සිදුව ඇත. මේ කතාව කියා ඇත්තේ වරයා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂණ ගොරකාන යි. තම වැටුප 120,200ක් බව කියන ඔහු ණය හතරක් ගෙවන බවත්, බදු කපුනහොත් රුපියල් 2000 ක් බැංකුවට අතින් ගෙවන්නට සිදුවන බවත් ප්‍රකාශ…

වැඩියෙන් ණය නොවන රටක් වෙන්න මුල්‍ය අරමුදල සමග ගිවිසුමක්

  ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැනීම් සීමා කිරීමට රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එකන්ගත්වක් ඇති වී තිබෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැනීම් මාධ්‍ය කාලීන ලෙස සියයට 60 කට සීමා කිරීමට තීරණය කොට තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති ලෙස ඉදිරිපත් කළ 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය…