පොලිසියේ සුදු වෑන් ගැන ආණ්ඩුව තදින් සිටියි

පොලිස් නිලධාරීන් පිරිසක් සුදු වෑන් රථයක් යොදාගෙන ශිෂ්‍ය නායකයකු පැහැරගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ඇමති සාගල රත්නායක මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට නියෝග කොට ඇත . ඇමති මංගල සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම සිදුවීම රජය තරයේ හෙලාදකින බවයි . මෙය රජය අප්‍රසාදයට පත්කිරීමේ උත්සාහයක් වියහැකි බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය…

මිග් ගනුදෙනු වංචාව හෙළිවන ලකුණු ; ඇත්ත ගිවිසුම ස`ගවා හොර ගිවිසුමක් හදලා

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතක් මිල දී ගැනීමට හා තවත්  හතරක් අලූත්වැඩියා කිරීමට යුක්රේන සමාගමක් සම`ග අත්සන් කළ මුල් ගිවිසුම ස`ගවා හොර ගිවිසුමක් අත්සන් කොට ඇති බව හෙළිදරව් වෙමින් පවතින බව තතුදත් ආරංචි මාර්ග කියයි. ඒ අනුව ගිවිසුම් අත්සන් කිරීම ස්ථාන කීපයකදී සිදුව ඇති අතර යුක්රේන සමාගම අත්සන් කළ ගිවිසුම ස`ගවා වෙනත් ගිවිසුමක්…

මා දුටු බරපතළම සිද්ධිය මෙයයි – හෝමාගම හිටපු මහේස්ත්‍රාත්

  ප්‍රගීත් එක්නැලිගොඩ නමැති මාධ්‍යවේදියකු පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය පැවැති දින බලහත්කාරයෙන් අධිකරණයට පැමිණ බලහත්කාරයෙන් ප්‍රකාශයක් කර විත්තිකාර ස්වාමීන්වහන්සේ පිටව ගියා. අධිකරණ ශාලාවට ඔහුට එන්න හෝ යන්න මා කීවේ නැහැ. මහේස්ත්‍රාත්වරයකු ලෙස මගේ සේවා කාලය තුළ මා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතළම සිද්ධිය මෙයයි. මේ සිද්ධිය සම්බන්ධ මා නීතිමය පියවර ගන්නවා. විත්තිකාර ස්වාමීන්වහන්සේ අධිකරණයට…

ඉදිරි දින කිහිපයේ දී ශිරන්ති අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම වෙත කැඳවීමට නියමිත බව අල්ලස් හෝ දූෂණවිමර්ශන කොමිසම ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය කාලයේදී රාජපක්ෂ මහත්මියගේ අනුබල ඇතිව සිදුවූයේයැයි කියන දූෂණ වංචාවලට අදාළ පරීක්ෂණ කිහිපයක් එම කොමිසම යටතේ පරීක්ෂණයට භාජනය විය. මේ වන විට එම පරීක්ෂණ කටයුතු අවසන්වෙමින්…

පළාත් පාලන ඡන්දය වසර අවසානයේ දී

පළාත් පාළන ආයතන සඳහාවන ඡුන්ද විමසීම නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ මේ වසර අගදී පැවැත්වීමට දේශපාලන පක්‍ෂ එක`ග වී ඇති බව වාර්තාවේ. මෙම එක`ගත්වය ඇතිකරගෙන තිබෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අරලියගහ මැදුරේ පැවැති සාකච්ඡුාවකදීය. ඒ අනුව නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල දී එම ඡුන්ද විමසීම පැවැත්වෙනු ඇතැයි කියති.

වසරේ මුල් මාස තුනේ දී අලූත් රැකියා 223,507 ක්

මේ වසරේ මුල් කාර්තුවේ (මාස තුනේ) දී මෙරට ආර්ථිකයේ අලූතින් රැුකියා 223,507 ක් ඇති වී තබෙන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව රටේ රැුකියා විරහිත භාවය සිියයට 4.1 දක්වා සියයට 2.38කින් අඩු වී තිබේ. මෙය පසුගිය වසර අවාසානය හා සැසැඳීමේ දී පෙනීයන්නේ ආර්ථිකයේ වර්ධනය  වේගයෙන්  සිදුවන බව යැයි ජන ලේඛන හා…

අභයාරාම දේශපාලනය තහනම්

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (14) අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය. පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කර ඇත. 2016 වසරේ පෙබරවාරි මස ගොනුකර ඇති මෙම පැමිණිල්ල තුළින් අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන්…

“රණවිරුවන්ට” එරෙහිව සාක්ෂි දෙන්න ගෝඨාභය පෙත්සමකට අත්සන් තබයි

    ඒකාබද්ධ විපක්ෂය රණවිරුවන් ලෙස හදුන්වනු ලබන හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (10) දිව්රුම් පෙත්සමකට අත්සන් තැබීය. හිටපු යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් උදය පෙරේරා, මේජර්…

මාස 18කින් කුණු ප්‍රශ්නය ඉවරයි

කසළ කළමනාකරණය සදහා දැන් ක්‍රියාත්මක කොට ඇති වැඩ පිළිවෙළ අනුව එම ප්‍රශ්නයට ස්ථිර විසදුම් දීමට මාස 18ක් ගතවන බව තතු දත් ආරංචි මාර්ග කියයි . කසළ මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති තුනක් සදහා දැන් ගිවිසුම් අත්සන් කොට ඇති බවත්  පරිසර හානි අවම වන ලෙස කුණු බැහැර කිරීමේ විකල්ප ස්ථාන හදුනාගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සදහන්…

අධිකරණය එක් පාර්ශ්වයකට ඇහුම්කන් දී නියෝග දී‍මෙන් රටේ ප්‍රශ්න වැඩිවෙනවා – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කියයි

කැලි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බැවින් අධිකරණය එක් පාර්ශ්වයකට පමණක් ඇහුම්කන් දී නියෝග දී‍මෙන් රටේ ප්‍රශ්න වැඩිවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (5) පැවැසීය. කසළ ප්‍රශ්නය රටට විශාල ගැටලුවක් බවට පත්ව ඇති බැවින් සියලු පාර්ශ්ව හා කණ්ඩායම් කැඳවා තීන්දු තීරණ දීම වැදගත් බවත් මුතුරාජවෙලට කැලි කසළ බැහැර කිරීම තහනම් කිරීමට එරෙහිව…

ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයට

ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයට නැගෙනහිර ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්කොට ඇති බව වාර්තා වෙයි . ඒ මහතා කලක් ආරක්ෂක ලේකම් වසයෙන් ද කටයුතු කළේය .

හම්බන්තොට වරාය – ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝජකයින්ට පැවරීමට එරෙහි වාසුගේ පෙත්සම ඉවතට

හම්බන්තොට වරාය හා ඒ අශ්‍රිත ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝජකයින්ට පැවරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ ඇති බව වාර්තාවේ. සිසිර ද ආබෘ,බුවනෙක අලුවිහාරේ  සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර  විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබා දුන් බව සදහන්. හම්බන්තොට වරාය…