නිරෝධායනය වු තවත් 223දෙනෙක් නිවස් වෙත

විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.  දින 14ක නිරෝධායන කාලයකින් පසු ඔවුන් මෙලෙස නිවෙස් වෙතපිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.  පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 125දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 42 දෙනෙකු, මීයන්කුලම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 18…

දිළිඳු රටවල ණය අයකරගැනීම වහා ම අත් හිටුවන්නැයි ලෝක බැංකුව, මුල්‍ය අරමුදල කියයි

කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 76 කට ණය ගෙවීම සඳහා සහන ලබාදෙන ලෙස ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණයදෙන රටවලින් සහ  ආයතනවලින් ඉල්ලීමක් කර ඇත. මෙම රටවල් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ණය ලබාගැනීමේ හිමිකම ඇති රටවල් ලෙස නම්කර ඇත. ලෝක ජනගහනයෙන් අඩක් ජීවත්වන්නේ මෙම රටවල…

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවූ බව ඇමතිනී පවිත්‍රා කියයි

අද උදෑසන සිට මේ වනතුරු කිසිඳු කොරෝනා අසාදිතයකු හමු වී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා අසාදිත සංඛ්‍යාව 102 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියයි. අද උදෑසන සිට පෙරවරු 4.30 වන විට  කිසිදු රෝගියකු වාර්තා වී…

මහ මැතිවරණය මාස තුනකින් කල්යයි

දැනට කල් දමා ඇති මහ මැතිවරණය කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අඩුම තරමින් තවත් මාස තුනකින් පමණ කල්යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.   මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රි‍ය මහතා විසින් ඉකුත් 19 වැනිදා දින නියමයක් නොමැතිව කල්දමනු ලැබීය.   ඒ සම්බන්ධයෙන් දිනයක්…

තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද(25) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්තවී තිබේ.   මිය යන විට ඒ මහතා 78වැනි වියෙහි පසුවිය.    මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ ඔහු කැපී පෙනෙන චරිතයක් වන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ චිත්‍රපට රැසක් සංරක්‍ෂණය කිරීම හේතුවෙනි. 

නිරෝධායනය වූ තවත් 201 ක් මුදාහරී, හැංගුණු අය සොයා තවදුරටත් මෙහෙයුම්

විදෙස් රටවල සිට නැවත පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි තවත් පුද්ගලයන් 201 ක් මුදාහැර තිබෙනවා. මෙසේ මුදාහැර තිබෙන්නේ පූනානි සහ කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි පිරිසකි. කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි 144 දෙ‍නෙකු මුදාහැර තිබෙන අතර සෙසු පිරිස පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් වේ. මේ අතර විදෙස් රටවල සිට පැමිණීමෙන් අනතුරුව නිරෝධායනය මගහැර සාමාන්‍ය සමාජයට පැමිණි…

කොටස් වෙළෙඳපොළ වසා දමයි

මේ සතියේ ඉදිරි දින කිහිපයේ දී ද කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙම සතිය ම කොටස් වෙළෙඳපොළ වසා  දමා තිබෙනු ඇත. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය සතියේ ද ක්‍රියාත්මක වුයේ නැත . ඊට පෙර සතියේ දී දින තුනක දී කොටස් වෙළෙඳ පොළ බිඳ වැටීම නිසා එහි ගනු දෙනු ඇත හිටුවීමට සිදුවීය….

|

ආණ්ඩුවට බඩු හිග නැත; අපට ගන්න බඩු නැත

රටේ බඩු හිගයක් නැති බව හා කලබල නොවී පෝලිමේ ගොස් බඩු ගන්නා  ලෙස ආණ්ඩුව පුන පුනා කීව ද , පෝලිමේ සිට වෙළඳ සල් තුලට ගිය බොහෝ දෙනාට දැක ගන්නට ලැබුනේ අත්‍යවශ්‍ය අහාර අවසන්ව ඇති බව යි. පැය දෙකක් පෝලිමේ සිට පෙ ව 11.30 ට තලපත්පිටිය කාගිල්ස් සුපිරි වෙළඳ සැලට ඇතුළු වන විට එහි බක්කි හිස්…

මුඛ ආවරණ නිර්දේශ කර ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණයි. සාමාන්‍ය අයට අවශ්‍ය නෑ – වෛද්‍ය පබා

සාමාන්‍ය එදිනෙදා කටයුතුවල නියැළෙන, වෙළඳ සැල් කරා යන ජනතාව මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය යැයි මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි. “අදටත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ වැස්මක් පැළඳගෙන එහෙ මෙහෙ ගමන් යාම අනුමත කරන්නෙ නෑ. මුඛ වැස්මක් පැළඳීම ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය…

කොවිඩ් 19යෙන් සුවය ලබන්න හිතුමතේ ක්ලෝරෝක්වීන් ගත් රෝගියෙක් මරුට

කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් ලෙස හඳුනාගෙන ඇති ක්ලෝරෝක්වීන් භාවිත කළ රෝගියකු මියගොස් ඇති බව ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. සී එන් එන් පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම රෝගියා ක්ලෝරෝක්වීන් ඖෂධය භාවිතා කර ඇත්තේ වෛද්‍ය උපදෙස් වලින් තොරව ය. ඔහු සමඟ ක්ලෝරෝක්වීන් භාවිතා කළ ඔහුගේ බිරිඳ ද අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව…

කොවිඩ් 19 ආසාධිත සංඛ්‍යාව 100ක් වෙයි

කොවිඩ් 19වයිරසයෙන්  ආසාධිත සංඛ්‍යාව 100ක් ලෙස අද සවස 3.00 වනවිට වාර්තා වී ය. ඊයේ සවස් වනවිට රෝගීන් 97ක් වාර්තා වූ අතර අද තව රෝගීන් තිදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇත.

කොළඹ, ගම්පහ, කළුතර ඇඳිරි නීතිය දිගටම

කොවිඩ් 19 අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි. මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සිකුරාදා උදේ ඉවත්කරන බව කලින් නිවේදනය කොට තිබිණි.