ඇඳිරි නීතිය මැද නිවසින් එළියට බැසීම හැඳුණුම්පතේ අවසන් අංකයට අනුව – ජනපතිගෙන් නව නිවේදනයක්

ඇඳිරි නීතිය පවතින කාලය තුළ අත්‍යව්‍යශ කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයින්ට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඇඳිරිය මැයි 4 තෙක් දිගු කරයි

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය මැයි මස 4 වැනිදා උදැසන 5 දක්වා දිර්ඝ කර තිබේ. අනිකුත් දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය අපෙු්ල් 27 වැනිදා උදැසන 5 ට ඉවත් කර නැවතත් එදිනම රාත්‍රි 8 පනවනු ලැබේ. ඉන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික් වලට ඇදිරිනිතිය මැයි 1 වැනිදා දක්වා පනවනු ලබනුයේ රාත්‍රි 8 සිට පසුදා උදැසන…

මැතිවරණයට හරියට දිනයක් නියම කරන තෙක් මනාප අංකත් නෑ !

මහ මැතිවරණය පැවත්වීමේ හැකියාව ඇති නිශ්චිත දිනයක් පක්ෂ නියෝජිතයන්ගේ ද එකගත්වයෙන් තීරණය කරන තෙක් අපේක්ෂකයන්ගේ මනාප අංක ද ලබා නොදෙනු ඇති බව මැතිවරණ කොමිසමේ අපේ ආරංචි මාර්ග කියයි. කොරෝනා මර්දනයට  හානිකර ලෙස අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම වැලැක්වීම සඳහා මෙම පියවර ගන්නා  බව කියති . සාමාන්‍ය සම්ප්‍රදාය නම් නාම යෝජනා භාරගෙන සති දෙකක් තුළ මනාප…

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 416 ට නගී ; අද 48ක් ; 30ක් වැලිසර නාවික කඳවුරෙන්

අද දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 48ක් හමුවීමත් සමග මුළු ආසාදිත සංඛ්‍යාව 416 දක්වා ඉහල ගියේ ය. අද සොයාගත් 48 අතරින් තිහක් වැලිසර නාවික හමුදා කඳවුරෙනි .

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට අධිචෝදනා ගොනුකිරීම නීතිපති ප්‍රතික්ෂේප කරන ලකුණු !

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට පිටින් යමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන දිගින් දිගටම අවුල් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් චූදිතයින්ට අධිචෝදනා ගොනුකිරීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.  මෙම විමර්ශනය පසුගිය වසරේදී ජාත්‍යන්තර ඔත්තු සේවා ගණනාවක නිලධාරීන් ද සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පරිවේශනීය සාක්ෂි මත ඉතා සීරුවෙන්, සූක්ෂම ලෙස, සාර්ථකව ගොඩ නංවා…

මැතිවරණය තව කල්දාන්න එකඟයි ; අලුත් නාමයෝජනා බැහැ – ඩිලාන් පෙරේරා

ජුනි 20 දින මහ මැතිවරණය පැවැත්විය නොහැකි නම් එය තවත් කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය. ආණ්ඩුව මේ අවස්ථාවේ කටයුතු කරන්නේ කොරෝනා මර්දනය කිරීමට බවත් මැතිවරණය සඳහා හදිසියක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් කී ය. කොළඹ දී මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරමින් ඒ මහතා…

රෝගීන් වැඩි වුණත් කොරෝනා පාලනය ගිලිහී නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ

කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පසුගිය දිනවල පෙන්නුම් කළ ද රෝගය සමාජයීය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි . ඒ මහතා පවසන්නේ තවමත් රෝගීන් පැමිනෙන්නේ හඳුනාගත් ජාල තුලින් බව යි. ඒ අනුව තවමත් රෝගයේ පාලනය ගිලිහී නැති බව අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් පවසයි. සැක සහිත…

පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ කොරෝනා නැහැ

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කිසිවකුට කොවිඩ් 19 අසාදනය වී නැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇත . එහි ඊයේ දිනයේ පරීක්ෂණ 529ක් සිදු කළ  අතර ඒ කිසිවකුට කොරෝනා අසාදිතව නැති බව වාර්තා වී ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මෙය තමන්ට විශාල අස්වැසිල්ලක් වන බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ 29කට කොරෝනා ; අද 38යි ; එකතුව 368යි

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබළුන් 29කට කොවිඩ් 19 අසාදනය වී ඇති බව අද කරන ලද පරීක්ෂණ මගීන්  හෙළි වී ඇත . මෙම හෙළි වීමත් සමඟ නාවික කඳවුර වසා දමා  සියලු දෙනා  නිරෝධායනයට යොමු කොට ඇත. අද තවත් රෝගීන් 9ක් සමග අලුතින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 38කි. ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ්…

දෙරණේ චතුරට එරෙහිව GMOA වෙනුත් පැමිණිල්ලක් !

කට මැත දෙඩවීම නිසා පසුගිය දා අවස්ථා කිහිපයක් දී ම විවේචනයට ලක් වූ දෙරණ රුපවාහිනියේ චතුර අල්විස් මාධ්‍යවේදියාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙරණ පාලනාධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. තමන් ඖෂධ මාෆියාවට සම්බන්ධ බවට ඇගෙන පරිදි අපහාසාත්මක ප්‍රකාශයක් චතුර අල්විස් මාධ්‍යවේදියා  කළ බවට මෙම පැමිණිල්ලෙන් චෝදනා කොට තිබේ. රෝහල්වල පවතින ඖෂධ හිගය පිළිබඳව…

මුරුසුවිල් ඝාතකයාට ජනාධිපති සමාව දුන්නාට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සම් තුනක්

යාපනය අර්ධද්වීපයේ මුරුසවිල් හි දී ළමයින් තිදෙනකු ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනකු මරා දැමු බවට චෝදනා ලබා අධිකරණයෙන් වැරදි කරු වී සිර ගතව සිටි හිටපු හමුදා නිලධාරියාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබ ඇත . ඉන් එක් පෙත්සමක් ඝාතනයට ලක් වූ  පිරිසගේ පවුල් වෙනුවෙන් ඉදිරිපත්ව ඇති අතර තවත් පෙත්සමක්…

වෙළෙඳ පොලෙන් අතුරුදන් කහ සඳහා ආණ්ඩුවෙන් සහතික මිලක් !!!

පිටරටින් ගෙන්වීම නතර කිරීමත් සමඟ මේ වනවිට වෙළෙඳ පොලේ සොයාගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන කහ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය කටයුතු කොට ඇත. ඒ අනුව කහ කුඩු කිලෝවක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 750 කි. කෙසේ වතත් කුමන මිලකට හෝ ලබා ගැනීමට වෙළෙඳ පොලේ කහ නොමැති බව පාරිභෝගිකයෝ කියති .