මහ මැතිවරණය අගෝස්තුවේ ?

දැනට සිදුවෙමින් පවතින නීතිමය ක්‍රියාදාමයට අනුව මහ මැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ විභාගවන පෙත්සම් වල තීන්දුව ලැබීමට තවත් දින කිහිපයක් ගතවීමට ඉඩ තිබීමත් , කොවිඩ් තත්ත්වය යටතේ විශේෂ විධිවිධාන යොදා ගනිමින් මැතිවරණය පැවැත්වීමට දින 70 ක කාලයක් යන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් අනුව…

කොවිඩ් 1068 ට නගී

මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද උදේ වනවිට 1068 දෙනකු දක්වා ඉහල ගොස් තිබිණි. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 13 දෙනා  ද සමග ය. ඊයේ හමු වූ 13 දෙනාගෙන් 11 ක් ම නාවික හමුදා භටයන් බව ද වාර්තා වී ය.

නොරෝච්චෝල ගල් අඟුරු බලාගාර සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති; කොවිඩ් දැයි සැක; හදිසි පියවර ගනිති

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි. ලක් විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9…

පාස්කු ප්‍රහාරය : 2015 දී SIS පවරා ගැනීම මෛත්‍රීට මාරාන්තික වන ලකුණු !

2015 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය බුද්ධි සේවය (SIS) තමන් යටතට පවරාගෙන ඇත.  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි තමන් යටතේ ඇති ආරක්ෂක අංශ තාවකාලිකව හෝ වෙනත් පාර්ශ්වයකට පවරා දී නොමැති නම් එවන් අවස්ථාවක සම්පූර්ණ වගකීම සේනාධිනායකයා විසින්, එනම් ජනාධිපතිවරයා විසින් භාරගත යුතුව තිබේ.  2019 පාස්කු…

24, 25 රට පුරා ඇඳිරි නීතිය

24 හා 25 දෙදින රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක කෙරේ.

පැය දොළහට තව දහයක් ; කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1055 ට නගියි

ඊයේ රාත්‍රී 10.00 ත් අද උදේ 10.00 ත් අතර කාලයේ කොවිඩ් ආසාදිතයන් 10 දෙනකු ගැන අලුතින් වාර්තා වීය. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1055 ක් දක්වා ඉහල ගොස් ඇත.

සහල් හිගය ආණ්ඩුවේ පාලන මිල නිසායි; මාෆියාවකට බැනවදීම බොරුවක් – කුඩා වී මෝල් හිමියෝ කියති

රට පුරා සහල් හිගයක් ඇති වී තිබෙන්නේ ආණ්ඩුව නියම කර ඇති රුපියල් 90 ක සහතික මිලට සහල් ලබාදිය නොහැකි නිසා බව කුඩා මෝල් හිමියෝ කියති . මේ නිසා කුඩා මෝල් හිමියන් වන තමන්ට ව්‍යාපාරය කරගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ඔවුහු කියති. අප වෙත කරුණු දැක වූ එක් මෝල් හිමියෙක් කීවේ ආණ්ඩුව වී…

අගමැති මහින්ද, හිටපු ඇමති බැසිල් නිසා මංගල සමරවීර නිදහස් !!!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාත් නිසා ඇප නොදී රීමාන්ඩ් භාරයට පත් කිරීමට සැලසුම් කොට තබූ උගුලකින් හිටපු ඇමති මංගල සමරවීර මහතාට නිදහස්වීමට හැකි වූ බව සමරවීර මහතාට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි. පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කරන ලද්දේ ඇමති රිෂාඩ් බදුයුදීන් මහතාගේ…

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1045 දක්වා ඉහලට

මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1045 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි . ඒ අද සවස් වනවිට වාර්තා වී තිබු රෝගීන් 17 දෙනා සමග ය.

බන්දුලගේ හෝමාගම මහා ක්‍රිකට් පිටිය මහින්ද නවතා දමයි

ඩොලර් මිලියන 40 ක වියදමින් හෝමාගම ඉදිකිරීමට යෝජනා කොට තිබු ලෝකයේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නවතා  දැමීමට රජය තීරණය කොට ඇත. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන බව අගමැති කාර්යාලය අද හවස නිවේදනය කළේ ය. ඇමති බන්දුල ගුනවර්දන මහතා මෙම ක්‍රිකට් පිටිය ඉදිකිරීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව එයට විශාල මහජන විරෝධයක් එල්ල වීය. මෙහි ඉදිකිරීම්…

පාර්ලිමේන්තුව කැඳවන්නැයි එජාප මහ ලේකම් අකිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අලුත් පෙත්සමක්

08 වැනි පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක්  නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම්  උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි  ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.   ජනාධිපති වරයා  වෙනුවෙන්  නීතිපතිවරයා සහ නීතිපති වරයා මෙහි…

නාවික භටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අබිරහසක් – නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා

කොරෝනා වයිරසය නාවික භටයන්ට ආවේ කෙසේද යන්න තවමත් අබිරහසක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට ඊයේ (20) පැවැසීය. වැලිසර නාවික හමුදා කඳවුරේ සිටිය යුතු අවම පිරිස පමණක් තබාගෙන අනෙකුත් භටයන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යවා මුළු කඳවුරම පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි කී නාවික හමුදාපතිවරයා කොරෝනා පැතිරීම පාලනය කිරීම…