වාස්ට ආයුධ දැම්මෙ ශානි කිව්වොත්, අත්අඩංගුවට ගන්නෙ නෑ ! අධිකරණයේ දී එළියට ආ, මාධ්‍යයෙන් හැංගූ කතාව

වාස්ට ආයුධ දැම්මෙ ශානි කිව්වොත්, අත්අඩංගුවට ගන්නෙ නෑ ! අධිකරණයේ දී එළියට ආ, මාධ්‍යයෙන් හැංගූ කතාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඔහු සතුව තිබූ ආයුධ තොගයක් ගෙනවිත්, කළගෙඩිහේන ප්‍රදේශයේ වත්තක ඌරු කොටුවක් තුළ සඟවා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එම වරදට හසු කිරීමට උත්සාහ කළ බවට ප්‍රකාශයක් දෙනවා නම්, තමන් අත්අඩංගුවට නොගෙන මුදාහරින බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව දැනට ඇඹිලිපිටිය පොලිසියේ රාජකාරියේ නියුතු…

විදුරටත් රාජ්‍ය ඇමතිකම එපා වෙලා – අවසන් තීරණය හෙට !

විදුරටත් රාජ්‍ය ඇමතිකම එපා වෙලා – අවසන් තීරණය හෙට !

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති බවයි වාර්තා වන්නේ. කළුතර දිස්ත්‍රික්ක‍යේ පාක්ෂිකයන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් තමාට, එම ජනතාවට උපරිම සේවයක් සිදු කිරීම සඳහා කැබිනට් ඇමති තනතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවයි ඔහු පවසා තිබෙන්නේ. ඒ…

ඇමතිවරු බහුතරයක් නොසතුටින් – ඇමතිකම්වලට ගමේ අය විහිළු කරනවාලු !

පසුගිය 12 වැනිදා මහනුවර මගුල් මඩුවේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය ආමත්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් සිය තනතුරුවල වැඩ ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් සිය අමාත්‍යංශවල වැඩ අරඹන අවස්ථාවේදී ඇතැම් ඇමතිවරුන් පළකළ අදහස් අනුව පෙනී යන්නේ ඔවුන් ඇමති ධුර ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති බවයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිය අමාත්‍යංශයේ…

අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරේ

පුවත් කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අද (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.   නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් 02- ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග…

මහාචාර්ය ධම්මික ගංගානාත් දිවිසැරියට සමුදෙයි

මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අද (11) මහරගම අපේක්‍ෂා රෝහලේ දී අභවප්‍රාප්ත වී ඇත.   මිය යන විට ඒ මහතා 62වැනි වියෙහි පසුවිය.   ධම්මික ගංගානාත් දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ  අංශ ප්‍රධානී ලෙසද කලක් කටයුතු කළේය. එසේම ඒ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ද වේ.    …

එජාප නායකත්වයට නම් හතරක් !

එජාප නායකත්වයට නම් හතරක් !

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. පක්ෂයේ නායකත්වය සඳහා රවී කරුණානායක , දයා ගමගේ , අකිල වීරාජ් කාරියවසම් සහ වජිර අබේවර්ධන යන අයගේ නම් යෝජනා වී ඇති බව එජාප මහා ලේකම්වරයා පවසයි .

නායකත්වයෙන් ඉවත්  වන බව රනිල් කිව්වා ; පක්ෂය බාර ගන්න මම සූදානම් – වජිර අබේවර්ධන

නායකත්වයෙන් ඉවත් වන බව රනිල් කිව්වා ; පක්ෂය බාර ගන්න මම සූදානම් – වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සුදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා(07) ප්‍රකාශ කළේ යැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඊයේ(10) ප්‍රකාශ කළේය. තමන් දැන් හිටියා ඇති ඊළඟ පරම්පරාවට අවස්ථාව දිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව පැවැසු ඒ මහතා, එක්සත් ජාතික පක්ෂයට වෙන්න තිබෙන…

මොකද වුණේ ? – නිශාන්ත කමලදාස

මොකද වුණේ ? – නිශාන්ත කමලදාස

අලියා හොයා ගන්නටවත් නැත. ටෙලිෆෝනයෙන් නිකුත් වන්නේ හීන් කෙඳිරියක් පමණ ය. මාලිමාව තුවාල පිස දමමින් අඬන හඬ දුක හිතෙන තරම් ය. එපමණක් නම් මදෑ. ප්‍රතිඵල පොහොට්ටුව ද පුදුමයට පත් කරන්නට ඇතැයි මැතිවරණයට පෙර පොහොට්ටුවේම ප්‍රකාශ දෙස දැන් බලන විට පෙනෙන්නේ ය. 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අප විග්‍රහ කරන්නේ ඒ සියල්ල පසුබිමේ තියා ගෙන ය. පළමුවෙන්…

වජිර අබේවර්ධන එජාප නායකත්වයට සුදුසුකම් පෙන්වයි!

වජිර අබේවර්ධන එජාප නායකත්වයට සුදුසුකම් පෙන්වයි!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා එහි නායකයින් අතර මේවනවිට තියුණු තරඟයක් මතුව ඇත. එවැනි තත්වයක් මතුව ඇත්තේ, පසුගිය 05 දා පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත් වීමෙන් පසු  පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ තීරණය කිරීමත් සමගය. ඒ අනුව පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, නවීන් දිසානායක, අඛිල විරාජ් කාරියවසම්,…

වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

කොළඹ වරායේ දකුණු තටාකයේ ECT නමින් හැඳින්වෙන නැගෙනහිර බහාලුම් පර්යන්තය ජාතිකවාදීන්ගේ සටන් පෙරමුණක් බවට පත්ව ඇත. ගිය වසරේ අස්සන් කරන ලද ඉන්දියානු සහ ජපන් ආණ්ඩු සමග එක්ව නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ ගිවිසුම ඉරා දමන ලෙස වෘත්තීය සමිති සමග පෙළගැසුණු ඇතැම් පිරිස් උද්ඝෝෂණය කරති. ඔවුන්ගේ ඉල්ලීම ශ්‍රී ලංකා වරාය අධිකාරියට සම්පුර්ණ හිමිකම ඇති සහ එමගින්…

රනිල් පස්සා දොරෙන් එන්න බෑ කියයි. මන්ත්‍රී ධුරය නිසා එජාපයේ යළිත් අභ්‍යන්තර ගැටුම් !

රනිල් පස්සා දොරෙන් එන්න බෑ කියයි. මන්ත්‍රී ධුරය නිසා එජාපයේ යළිත් අභ්‍යන්තර ගැටුම් !

එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම පාර්ලිමේන්තු නියෝජනය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බාරගන්නා ලෙස පක්ෂ ජ්‍යේෂ්ඨයින් විසින් කළ ඉල්ලීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.  ඊයේ (07) පක්ෂ ජ්‍යේෂ්ඨයින් විසින් එම ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන් වසර 43ක් ජනතා ඡන්දයෙන් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බව සිහිපත් කර ඇති…

එජාපයට නව නායකයෙක් – රනිල් ඉවත්වීමට සුදානම්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. අද උදෑසන රනිල් වික්‍රමසිංහ සමග එජාප පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීම කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කරවා ඇති බව වාර්තා…