කොවිඩ් මරණ 12 දක්වා පහළට ; නව ආසාදිතයින් 578 යි

රජය දිනක දී තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව මෑත කාලයේ පහළ ම අගයක් සටහන් කරමින් අද වාර්තා වුයේ මරණ 12 ක් පමණකි. දිනකට වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ද අද සටහන් වුයේ 578 ක් වශයෙනි. එය ද මෑත කාලයේ වාර්තා වූ අඩු ම අගය කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ…

ජනාධිපති ලෝකයට කළ කතාව විදේශ ඇමති රිවස් කරයි ! දෙමළ ඩයසපෝරාව සමග සාකච්ඡා බෑ !!

තම රජය දෙමළ ඩයසපෝරාව සමග සාකච්ඡා කිරීමට සුදානම් බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා ප්‍රකාශ කිරීමෙන්  සති කිහිපයක් ගත වන්නට මත්තෙන් ශ්‍රී ලංකා විදේශ ඇමති ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ රජය විසින් තහනමට ලක් කොට ඇති දෙමළ ඩයසපෝරාව  සමග සාකච්ඡා කිරීමට රජයට හැකියාවක් නැති බවයි. “ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තහනම්…

කොඩියේ පක්ෂයෙන් රතන හිමි ඉවත් කළත්, මන්ත්‍රී ධුරයෙන් නොයයි.

කොඩිය ලකුණින් මහ මැතිවරණය තරග කළ අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කළ අතුරලියේ රතන හිමියන් එම පක්ෂයෙන් නෙරපා ඇතත්, උන් වහන්සේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවන බව ප්‍රකාශ කොට ඇති අතර එම  තත්ත්වාට්‍ය තුළ එම මන්ත්‍රී ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර මිහියන් පත්කරව ගැනීමට පක්ෂයට නීතිමය සටනක් කරන්නට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. පක්ෂය…

අද කොවිඩ් මරණ 23 යි ; නව ආසාදිතයින් 649 යි

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ 23 ක් රජය අද තහවුරු කොට ඇති අතර අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 649 දෙනෙකු හඳුනාගත බව නිවේදනය කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,472 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් රෝගී සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 531,070 ක්…

අද කොචිඩ් වාර්තා ; මරණ 21 යි ; නව ආසාදිතයින් 673 යි

කොවිඩ් ආසාදිත මරණ 21 ක් අද දිනයේ තහවුරු කොට තිබේ. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,429 ක් වශයෙනි. අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 763 ක් ලෙස වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 529,754 ක් ලෙස සටහන්…

“‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ” – මාහාචාර්ය මෙත්තිකා විතානගේ

  රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය. පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය…

එජාප මහලේකම්ගෙන් හිටපු ජනපතිට චෝදනා පත්‍රයක් ?

  යහපාලන ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑමට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවුවැදෑරුම් චෝදනා පත්‍රයක් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය. ශ්‍රී ලංකේය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් දරුදැරියන්ට ටැබ්  පරිගණක ලබා දෙන්නට උත්සාහ කරන විට එය නතර කිරීම,ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට්…

වගාවට මුලින් යොදන්න නුසුදුසු රසායනික පොහොරක් ගෙන්වා කාබනික නමින් බෙදන්න යයි

වී වගාවට මුලින් යෙදීමට කිසිසේත් නුසුදුසු බව කියන පොටසියම් ක්ලෝරයිඩ් නම් රසායනික පොහොර ටොන් 30,000 ක් ගෙන්වා ඇති ආණ්ඩුව කාබනික පොහොර බෙදා දෙන බව කියමින් ගොවීන්ට බෙදා තවත් රැවටීමක් කිරීමට සුදානම් වෙයි. ලිතුවෙනියාවෙන් ගෙන් වූ මෙම පොහොර තොගය ඊයේ කොළඹ වරායට ළඟා වූ බවත්, වී  වගාව සඳහා ඒවා අද සිට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බවත්,…

මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ දේශපාලන විචාරකයකු වූ වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක් අසනීපව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදේ අභාවප්‍රාප්ත වී ය. දිගු කලක් දෙසතිය සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ලංකාදීප ඇතුලි ප්‍රධාන පුත්පත්වලට නිතිපතා දේශපාලන විචාර ලිපි සම්පාදනයේ ද නිරතව සිටියේ ය. රජයේ…

අද කොවිඩ් මරණ 31 ක් , නව ආසාදිතයින් 679 ක් වාර්තා වෙයි.

රජය අද නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 31 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,404 ක් ලෙස සටහන් වෙයි. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 679 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 528,414 ක් වශයෙනි.

ආණ්ඩුව කන් කෙටියෙන් අල්ලා අර්ජුන් මහේන්ද්‍රන් ගෙනෙන තෙක් ඔහු නොමැතිව බැඳුම්කර නඩුව අහන්නයි ඉල්ලයි

  බලයට පැමිණි වහාම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කන් කෙටියෙන් අල්ලා මෙරටට රැගෙන එන බව වත්මන් ආණ්ඩුව බලයට එන්නට පෙර ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු නොවූ තත්ත්වය තුළ නීතිපතිවරයා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට කටයුතු කරන ලෙසයි. නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත්  කළේ 2015 වසරේ…

මහා බැංකුවේ පතුලත් හිල්වෙයි ! සංචිත ඍන වෙයි !!

මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය අවසන් වී මේ වනවිට ඍන අගයක් පෙන්නුම් කරන බව මුල්‍ය වෙළෙඳපොළ ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි. ඒ අනුව මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 400 ක් ඍන අගයක් වාර්තා කොට තිබේ. මෙය ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවූ තත්ත්වයක් බව ද එම ප්‍රවෘත්ති සේවා කියයි. ආණ්ඩුවේ වියදම් පියවීමට මහ…