තැන තැන හදා ඇති කාබනික පොහොර වී ගොවිතැනට නුසුදුසුයි ; ජනාධිපතිගේ ඔයාමඩුව සංචාරයෙන් හෙළිවෙයි

රජයේ ආයතන මගින් පසුගිය කාලයේ හිතු මතේ නිෂ්පාදනය කොට ඇති කාබනික යයි කියන පොහොරවල වී ගොවිතැන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කොට ඇති ප්‍රමිතිය නැති බවත්, එම පොහොර යෙදීමෙන් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගිය දා අනුරාධපුර ඔයාමඩුවේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කිරීමෙන් පසු කරන ලද…

අද කොවිඩ් වාර්තාව : මරණ 22 යි ; නව ආසාදිතයින් 725 යි

රජය අද දිනයේ තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 22 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,108 ක් වශයෙනි. අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව  725 ක් වෙයි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 555,927 වශයෙනි.

ජනාධිපති මහින්දගේ එක උද්ධච්ච තීරණයක පාඩුව බිලියන 250 ක් ඉක්මවයි

තමන්ගේ ජනාධිපති සංචාරක කණ්ඩායමේ එකසිය ගණනකට වහාම ආසන ලබා නොදුන්නැයි උරණ වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලන්කන් ගුවන සමාගමේ එමිරේට්ස් පාලනය ඉවත් කිරීමේ ප්‍රතිඵල ලෙස පාඩු ලබන්නට පටන් ගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුව මේ වනවිට බිලියන 250 ක් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. එමිරේට්ස් සමාගමේ පාලනය යටතේ ලාභ ඉපයූ ශ්‍රී ලන්කන්…

ඇමෙරිකාවේ ජනාධිපති බලතල සියල්ල උප ජනාධිපතිනියට පවරයි ; එරට ජනාධිපති බලය ලබන පළමු කාන්තාව කමලා හැරිස්

ඇමෙරිකාවේ ජනාධිපති බලතල සියල්ල උප ජනාධිපතිනි කමලා හැරිස්ට තාවකාලිකව පවරා දීමට ජනාධිපති ජෝ බයිඩන් ඊයේ කටයුතු කළේ ය. ජනාධිපතිවරයා සෞඛ්‍ය පරීක්ෂාවකට යොමුවන නිසා මෙම පියවර ගෙන තිබේ. මෙලෙස බලය පැවරීම ඇමෙරිකාවේ සාමාන්‍ය සම්ප්‍රදායක් වුව ද මෙහි විශේෂත්වය වන්නේ ඇමෙරිකාවේ ජනාධිපති බලය හොබවන පළමු කාන්තාව ලෙස කමලා හැරිස් වාර්තා පොතට එක වීමයි. ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවකට…

මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

“මිලේනියම් සිටි” හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. එම ස්ථානයේ අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ අයථා වැඩක් බව පැවසූ මන්ත්‍රීවරයා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට මේ අය හැමදාම…

අද තවත් කොවිඩ් මරණ 14 ක් ; නව ආසාදිතයින් 745 ක්

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන සටහන් වන්නේ 14,086 ක් වශයෙනි. අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනය තුළ වාර්තා කොට ඇති සංඛ්‍යාව 745 කි. මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී ඇත්තේ 555,202 ක්…

ජනාධිපති ක්‍රමය දිගට ම තිබුණොත් තවත් පිස්සෙක් බලයට එන්න පුළුවන් – කුමාර වෙල්ගම

ජනාධිපති ක්‍රමය දිගට පැවතිය හොත් තවත් පිස්සෙක් බලයට පත්විය හැකි බවත්, එයට ඉඩ නොතබා සියලු පක්ෂ එකතු වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඒ සඳහා මුස්ලිම් පක්ෂ, දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ආදී සියලු පක්ෂ සම්බන්ධ කරගත යුතු බව ද…

අද කොවිඩ් මරණ 15 ක් ; නව ආසාදිතයින් 737 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 15 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,072 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 737 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන්…

බොරතෙල් ආනයනයට වඩා ඉන්ධන ආනයනය ලාභ දායකයි – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

  ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (18) පැවසීය.   බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුණ ද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15 ක පමණ ලාභයක් ඇති බව කී අමාත්‍යවරයා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට…

ජනාධිපති ඊයේ බලන්න ගිය ඔයාමඩුව පොහොරවලට ප්‍රමිතියක් නැහැ ; ගොවීන්ට නිකුත් කොට නැහැ

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ නිරීක්ෂණය කළ අනුරාධපුර ඔයාමඩුවේ නිෂ්පාදනාගාරයේ කාබනික පොහොර සඳහා කිසිදු ප්‍රමිති සහතිකයක් නැති බවත්, ඒවා යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කිසිවක් නැති බවත්, මේ වනතෙක් කිසිදු ගොවියකුට එම පොහොර නිකුත් කොට නැති බවත්, වාර්තා වෙයි. අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත පිහිටි මෙම කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට…

ආයෝජන ආපසු හරවන දේශප්‍රේමය – හර්ෂ ගුණසේන

ඉකුත්දා යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ඇමෙරිකානු නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම එළැඹුණු ගිවිසුමට එරෙහිව රජයට හවුල් වූ පක්‍ෂ එකොළහක්, ලංවිම වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති එක්ව විරෝධතාවක් දියත් කරනු ලැබුවේය. නිව් ෆෝට්‍රස් එනර්ජි යනු 2014 දී ආරම්භ කරනු ලැබූ ස්වභාවික ද්‍රව වායු (LNG) සැකසුම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන සමාගමකි. රජයට සහයෝගය දුන් පක්‍ෂ එකොළහ, රජයට…

කොවිඩ් මරණ 23 ක් ; නව ආසාදිතයින් 728 ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවූ මරණ 23 ක් අද රජය තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කවිඩ් මරණ සංඛ්‍යාව 14,057 ක් දක්වා ඉහල ගොස් ඇත. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 728 කි. මෙරටින් මේ වන විට වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 553,722 ක් වශයෙනි.