මහ බැංකුවේ තර්ජන ගර්ජන මැද විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් එවීම අඩකින් අඩුවෙලා
ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරය සඳහා කෘතීම අඩු මිලක් නියම කොට තබාගෙන විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ මුදල් එම අඩු මිලට මාරු කළ යුතු බවට තර්ජන ගර්ජන කරමින් සිටිය දී විදේශගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම අඩකින් අඩු කොට ඇති බව අලුත් ම සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි. විදේශ ශ්‍රමිකයින් එවන මුදල මෙම වසර පුරා ම…
