ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්වෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට ස්ථිර වශයෙන් තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙම තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇතැයි දේශපාලන අංශ කියයි. ලබන සතියේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ දී ශ්‍රී ලනිපය විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කොට ඇති අතර ඊට පෙර එම පක්ෂයේ මැති ඇමතිවරුන් තනතුරුවලින් ඉවත් වනු ඇති කියති. ආණ්ඩුව දිනෙන්…

වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්,එමිල් පෝරකයට

    වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ  හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබා දෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. මේ රටේ මහතා කළබගෑනියකට තුඩුදුන්  මෙම සිද්ධියක් බව…

චීන පොහොර ටොන් 80,000 ක් ගෙන්වන බව කොමර්ෂල් පොහොර සමාගම කියයි

චීනයෙන් පොහොර මෙට්‍රික්ටොන් 80,000 ක් මාර්තු සහ අප්‍රේල් මාස වන විට ආනයනය කරන බවත් එම පොහොර තොගය එළඹෙන කන්නය සඳහා යොදා ගැනීමටත් බලාපොරොත්තු වන බවත් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට ඇත. ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවෙන් පොහොර නැවත නොගන්නා බව කී සභාපතිවරයා එම චීන සමාගමෙන් ලැබෙන අලුත් පොහොර ද…

වියදමට සල්ලි ගන්න රන් සංචිත විකුණු බව මහ බැංකුව පිළිගනී

මහ බැංකුව සතුව තිබු රන් සංචිත විකුණු බව පිළිගනිමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනයේ කියන්නේ සංචිතවල ද්‍රවශීලතාව ඉහළ නැංවීමට රන් සංචිත විකුණු බවයි. එහි තේරුම නම් සංචිත වියදම් කළ හැකි තත්ත්වයට පත් කළ බවයි. කෙසේ වෙතත්, එය කියා ඇත්තේ ඍජුව නොව වැල් වටාරම් මගින් ය. ඩොලර් මිලියන 206 ක් වටිනා…

අද කොවිඩ් වාර්තා : මරණ 15 යි, නව ආසාදිතයින් 623 යි

අද දිනයේ රජය නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් ආසාදිත මරණ ලෙස තහවුරු කළ සංඛ්‍යාව 15 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් ලෙස සටහන් කොට ඇති සංඛ්‍යාව 623 කි. ඒ සමග මෙරටින් වාර්තා වන තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 15,149 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ…

ජනාධිපතිගේ කතාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනවාරි 18 දා ජනාධිපතිවරයා කරන කතාව සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට තිබේ. ඒ අනුව ජනවාරි 19 සහ 20 දින ඒ සඳහා වෙන්කර තිබේ. ජානාධිපතිවරයාගේ කතාව පිළිබඳව මෙලෙස විවාදයක් අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත…

චීන පොහොර ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්නයක් ; පරීක්ෂණයක් කළ යුතුයි – කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ

රජය චීනයෙන් ඇනවුම් කළේ රටට හිතකර පොහොර බවත්, එය මෙරටින් ප්‍රතික්ෂේප කිරීම විශාල ප්‍රශ්නයක් බවත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්ෂේප කළ පොහොර සිංගප්පුරුවේ පරීක්ෂණයෙන් සමත්වී ඇති බවත්, මෙය විශාල ප්‍රශ්නයක් බවත්, කී ඇමතිවරයා ඒ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බව ද කී ය. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ…

පළාත් පාලන ඡන්දය වසරකින් කල් දමයි

පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම වසරකින් කල් දැමීමට රජය කටයුතු කොට ඇත. ඒ අනුව දැනට ක්‍රියාත්මක මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා සියල්ලෙහි නිල කාලය 2023 මාර්තු 19 දක්වා දීර්ඝ කොට තිබේ. එයට අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ රාත්‍රියේ නිකුත්…

අමාත්‍යංශ 10 ක විෂය පථ වෙනස් කෙරේ

රජයේ අමාත්‍යංශ 10 ක විෂයපථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශවලට පැවරෙන ආයතන සහ ක්‍රියාත්මක කළ යුතු අණ පනත් අලුතින් වෙන් කර දී තිබේ.

අද කොවිඩ් වාර්තා : මරණ 15 යි ; නව ආසාදිතයින් 461 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15 ක් වන අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 461 කි . ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,134 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 592,128 ක් වශයෙන් සටහන් වෙයි.

සමාගමේ ගෑස් තිබෙනවා – ‘ලිට්‍රෝ’ නිවේදනය කරයි

දෛනික අවශ්‍යතාව සැපිරීමට අවශ්‍ය ගෑස් සමාගම සතුව ඇති බව ‘ලිට්‍රෝ’ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ ය. එදිනෙදා අවශ්‍යතාවයට පමණක් ගෑස් මිල දී ගන්නා ලෙස ද සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම නිවේදනය මෙසේ ය.

පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම් – සී ජේ අමරතුංග

ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද කියන එක ය. අන්තිමට ගෑස් සංයුතිය නිවැරදි කරන්නට සහ ප්‍රමිතියෙන් යුතුව ගෑස් ලබා දීමට සමාගම් එකඟ වී ය. මෙහි දී…