නිදහස් දා රන්ජන් රාමනයකටත් නිදහස !

මෙවර නිදහස් දිනය දා නිදහස ලබන සිරකරුවන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ද වන බව දැනගන්නට ඇත. ඒ මහතාට ජනාධිපති සමාව දෙන ලෙස බොහෝ පාර්ශව ඉල්ලා සිටි අතර මෙවර එම ඉල්ලීම ඵල දරා ඇති බව කියති. රන්ජන් රාමනායක මහතා සිරගත වුයේ ඔහුගේ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූ බවට වූ චෝදනාවකට වරදකරු වීම නිසා ය….

රාජ්‍ය ඇමති අරුන්දික තනතුරින් ඉවතට !

රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාට තනතුරින් ඉවත්වන ලෙස ජනාධිපතිතුමා දැනුම් දී ඇති බව වාර්තා වෙයි. රටින් පැන සිටි  එතනෝල් ජාවාරම්කරුවකු විශේෂ අමුත්තන්ගේ පර්යන්තය තුලින් රැගෙන ඒම සහ රාගම වෛද්‍ය විද්‍යාල සිසුන්ට පහර දීම යන චෝදනා ඒ මහතාට එරෙහිව එල්ල වී තිබේ. රාගම පහරදීම පිලිබඳ පොලිස් පරීක්ෂනවල දී එයට අරුන්දික ඇමතිවරයාගේ ආධාරකරුවන් සම්බන්ද බවට තොරතුරු හෙළි…

මුදල් ඇමති බැසිල් අයි එම් එෆ් ආධාර ඉල්ලයි

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු පියවර පිළිබඳව ආධාර සහ උපදෙස් ලබාදෙන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ. එම සංවිධානයේ නියෝජිත පිරිසක් ළඟදී ම මෙරටට පැමිණෙනු ඇතැයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත. වත්මන් අර්බුදයට විසඳුම් ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගන්නා  ලෙස හිටපු අගමැති රනිල්…

අද කොවිඩ් වාර්තා : මරණ 19 යි, නව ආසාදිතයින් 1,156 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක් වන අතර හඳුනාගත් නව ආසාදිත සංඛ්‍යාව 1,156 කි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,492 ක් ලෙස සටහන් වී තිබේ. කොවිඩ් රෝගීන් ලෙස මෙරට දී හඳුනාගත් සංඛ්‍යාව සටහන් වන්නේ 613,478 ක් වශයෙනි.

’’ඔමික්‍රෝන් රැල්ල වැඩි කල් පවතින්නේ නැහැ ’’ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා

වේගයෙන් පැතිර ගොස් එක වරම නතර වීම ඔමික්‍රෝන් වෛරසයේ මුලික ලක්ෂණයක් බවත්, ශ්‍රී ලංකාවේ ඕමික්‍රෝන් රැල්ල ද වැඩි කල් නොපවතිනු ඇතැයි ද රාගම වෛද්‍ය පීටයේ  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ලෝකයේ වෙනත් රටවල අත්දැකීම එය බවත්, ශ්‍රී ලංකාවේ දී ද එලෙස ම සිදුවනු ඇති බවත් ඒ මහතා කියයි ඔමික්‍රෝන් රැල්ලක් පැතිර ගියත්…

නිදහස් දා මත්වෙන්න, මස් කන්න නිදහස නෑ !

නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 දා දිවයිනේ සියලු මත්පැන් අලෙවිසල්  සහ මස් අලෙවි සල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කොට ඇත. නිදහස් දිනය යනු කිසිදු ආගමික දිනයක් නොව රටේ ම ජනතාවට පොදු ජාතික දිනයකි.

උතුරු කොරියාවෙන් ආයුධ ගැනීම ගැන මුදල් ඇමති කරුණු කිව යුතුයි – එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන

  යුද සමයේදී රාජපක්ෂ ආණ්ඩුව කලු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තැයි මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන්  රටේ කීර්ති නාමයට හානියක් බැවින් මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (2) පැවසීය. මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා ජාත්‍යන්තර සංවිධාන…

සහල් කිලෝවක මිල රුපියල් 170 න් ඉහළට ; ආණ්ඩුව සහතික කරයි

නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 170 ඉක්මවා යන ලෙස ආණ්ඩුව නව වී සහතික මිල ගණන් නිවේදනය කොට තිබේ. වී අලෙවි මණ්ඩලය විසින් නිවේදනය කොට ඇති සහතික මිල අනුව නාඩු වී කිලෝවක් රුපියල් 92 කටත්, සම්බාසහල් කිලෝවක් රුපියල් 94 කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 97 කටත් මිල දී ගැනීමට නියමිත ය. සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා…

ඇමැති බැසිල්ගේ කතාවෙන් ආණ්ඩුව අර්බුදයක ; විදෙස් මිතුරන්ගෙන් ප්‍රශ්න

යුද්ධය පැවති කාලයේ ආණ්ඩුව කොළඹ කළු කඩවලින් ඩොලර් ලබාගෙන උතුරු කොරියාවෙන් ආයුධ ලබාගත් බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මගින් ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට බලවත් ප්‍රශ්න මතුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. කොළඹ විදේශ තානාපති සේවා මේ පිළිබඳව විදේශ අමාත්‍යංශයෙන් විමසා ඇති අතර එම ප්‍රකාශය බොරුවක් බවට නිවේදනයක් විදේශ ඇමති මහාචාර්ය ජී…

නොරච්චෝලේ යළි වැඩ ; විදුලිය නොකැපේ

නොරච්චෝලේ අක්‍රිය කර තිබු ජනක යන්ත්‍රය අලුත්වැඩියා කොට යළි පද්ධතියට එක්  කළ බව මහජන උපයෝගිතා කොමිසම කියයි. ඒ අනුව විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කොමිසම ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, අක්‍රිය කොට තිබු ජනක යන්ත්‍රය සම්බන්ධ කළ වහා ම එහි උපරිම ධාරිතාවයෙන්  ක්‍රියාත්මක නොකරන අතර මුලින් මෙගාවොට් 100 – 160 අතර ධාරිතාවයකින් ක්‍රියාත්මක කොට පසුව…

උතුරු කොරියාවෙන් අවිගත් බවට ඇමති බැසිල් කීවා කී කතාව බොරුවක් ! – විදේශ ඇමති ජී එල් පීරිස්

යුද්ධයේ අවසන් කාලයේ කොළඹ කළු කඩයෙන් ඩොලර් ලබාගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිල දී ගත්  බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවට පල වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. තමන් බැසිල් ඇමතිවරයාගෙන් මේ ගැන විමසු බවත්, තමන් එවැනි කතාවක් නොකී බව බැසිල්…

කොවිඩ් මරණ, ආසාදිත සංඛ්‍යා තවත් ඉහළට

කොවිඩ් අසාදිත මරණ මෙන් ම නව අසාදිතයින් යන සංඛ්‍යා දෙකෙහි ම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේ තවත් කොවිඩ් මරණ 32 ක් සහ නව ආසාදිතයින් 1137 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කොට තිබේ. අද දිනයේ තහවුරු කළ මරණ 32 සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,473 ක් වශයෙනි. මෙරටින් වාර්තා…