පාකිස්ථානය අයි එම් එෆ් ගොස් ණය ගනිද්දී ශ්‍රී ලංකාව ඉන් ටිකක් ඉල්ලා ගනී !

තමන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ඉල්ලා ණය ලබාගැනීමට පාකිස්ථානය කටයුතු කොට ඇති අතර ඉන් කොටසක් ඉල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දීමට පකිස්ථානය එකඟ වී තිබේ. පකිස්ථානයෙන් සහල්, අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ලබා ගැනීම…

අද කොවිඩ් මරණ 29 ක් නව ආසාදිතයින් 1243 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 29 ක් වන අතර අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1243 ක් වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,544 ක් වශයෙන් සටහන් වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත…

විචාර ශීලීව තීරණ ගන්නැයි ජනාධිපති ජනතාවගෙන් ඉල්ලයි ;දත්ත මත පමණක් තීරණ ගන්නලු !

විචාරශීලීව තීරණ ගන්න ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනතාව තීරණ ගත යුත්තේ දත්ත මත පදනම්ව පමණක් බව ද පැවසීය. දුෂ්කර කාල සැම දා පවතින්නේ නැති බව ද ඒ මහතා කීය. හැත්තෑ හත්වන නිදහස් දින සමරු උත්සවය අමතමින් පරිවර්තන නොමැතිව සිංහලෙන් පමණක් කතා කරමින් ජනාධිපති තුමා මේ අදහස් පළ කළේ ය. ලැබූ නිදහසෙන්…

නිදහස් දිනයේත් රන්ජන්ට නිදහස නැහැ ?

හැත්තෑ හතර වන ජාතික නිදහස් සැමරුම පවත්වන අද දිනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිවනු ඇතැයි වාර්තා පළ වී තිබුණ ද අද දින නිදහස් කළ සිරකරු ලයිස්තුවේ ඒ මහතාගේ නම නොතිබිණි. රාමනායක මහතා වෙන ම නිදහස් කරනු ඇතැයි ආරංචි පැතිර තිබුණ ද එය ද සිදු වී නැත. අද උදේ 11 ට රාමනායක මහතා…

ඩොලර් හිගයෙන් ආහාර බහාලුම් 1500 වරායේ හිරවෙයි

ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1,500 ක් පමණ තවමත් වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙලදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ලංකාදීපය පුවත්පතට ප්‍රකාශ කොට ඇත. පවතින ඩොලර් හිඟය හේතුවෙන්  දිනකට ඉන් මුදාගැනීමට හැකි වන්නේ බහලුම් 50ක පමණ ප්‍රමාණයක් බවද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කොට ඇත. හාල්, පරිප්පු, සීනි ඇතුලු…

නිදහස් දිනයට විපක්ෂය නැහැ

ආණ්ඩුව සංවිධානය කොට තිබු 74 වැනි නිදහස් දින සමුරු උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය ඇතුළු තවත් ප්‍රබල පිරිසක් සහභාගී නොවුහ. ආණ්ඩුව රටේ මරණ බිය, රෝ බිය සහ දුර්භික්ෂ බිය යන තුන් බිය ඇතිකර ඇති අතර ජනතාවට සහන නොදී කෝටි ගණන් වියදම් කොට නිදහස් දින උත්සව පැවැත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස…

පොහොට්ටුව මැතිවරණයකට සුදානම්, ප්‍රචාරක කටයුතු 9 දා අරඹනවා – මුදල් ඇමති බැසිල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට සුදානම් බවත්, තම පක්ෂයේ ප්‍රචාරක කටයුතු 9 දා අනුරාධපුරයෙන් ආරම්භ කරන බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තවත් දිස්ත්‍රික් පහක රැස්වීම් සඳහා ද මේ වනවිට දින යොදාගෙන අවසන් බව ද ඒ මහතා පැවසීය. ඒ මහතා වැඩි දුරටත් කීවේ තම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව සහ හැම විටම මැතිවරණ…

ඊළඟ යල කන්නයත් කාබනිකව ම කරන්නැයි ජානාධිපති උපදෙස් දෙයි

එළඹෙන යල කන්නයට සියලු ම ගොවීන්ට කාබනික පොහොර ලබා දී සම්පුර්ණයෙන් කාබනික ගොවිතැන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සියලු නිලධාරීන්ට අද උපදෙස් දුන්නේ ය. පොහොර සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකාය අද රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කළේ මහා කන්නයේ සිදු වූ අඩුපාඩු සිදු නොවීමට වග…

මැති ඇමතිවරු වතුරට කෝටියක් පොලු තියලා – වාර්තාව කැබිනට් මණ්ඩලයට

මැති ඇමතිවරුන් සහ අමාත්‍යංශ විසින් නොගෙවන ලද ජල බිල්පත් වටිනාකම රුපියල් කොටිය ඉක්මවා ගොස් ඇති බව ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා කියයි. එලෙස ජල බිල්පත් නොගෙවා හිග තබා ඇති මැති ඇමතිවරුන් පිලිබඳ වාර්තාවක් ලබන සඳුදා (7 දා ) පැවැත්වෙන කැබිනට රැස්වීමට ඉදිරිපත් කරන බව ද ඇමතිවරයා නිවේදනයක් මගින් ප්‍රකාශ කොට තිබේ. සාමාන්‍ය පාරිභෝගිකයින් ජල…

කොවිඩ් මරණ 23ක් , නව ආසාදිතයින් 1181 ක් අද වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ කොවිඩ් වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 23 කි. අද දින අලුතින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 1181 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව අද සවස වාර්තා වී තිබුණේ 15,515 ක් වශයෙනි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත…

ජනාධිපති දැනුම්දීම අනුව අරුන්දික ඇමති ධුරයෙන් ඉවත් වෙයි

  ජනාධිපතිතුමා කළ දැනුම්දීමකට අනුව කටයුතු කරමින්, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වෙයි. අරුන්දික ප්‍රනාන්දු මහතා කියන්නේ රාගම වෛද්‍ය පීඨයේ සිදුනට පහර දීමේ සිදුවීම පිලිබදව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින්…

වෛද්‍ය සිසුන්ට පහර දුන් සිදුවීමට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා පොලිසියට බාරවෙයි

රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිදුවීමේ සැකකරුවකු ලෙස පොලීසිය සොයමින් සිටි රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද අලුයම රාගම පොලිසියට පැමිණ බාර වී ඇති බව වාර්තා වෙයි. බාර වීමෙන් පසු අත් අඩංගුවට ගත් සැකකරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. පහරදීම සඳහා සැකකරු පැමිණි බව කියන සුඛපභෝගී මෝටර් රථය ද පොලිසිය විසින් අත්…