ශ්‍රිලනිපයේ සහායත් නව ආණ්ඩුවට

  නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබූ බව දැනගන්නට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනා සහ අගමැති රනිල් වික්‍රමසිංහ…

සජිත්ට අගමැතිකම නොදීම ගැන කිරිඇල්ල දැන් හඬා වැටේ !

ජනධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා එය භාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කොට තිබිය දී බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකශ කළේය. වැඩි ආසන ගණනක් ඇති සජිත්ට නොදී අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් ඇති රනිල්ට බව ද ඒ මහතා කී ය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතා ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය. එමනිසා නව…

අමාරුම කාලය ඊළඟ සති කීපයයි – අගමැති රනිල් වික්‍රමසිංහ

    රටට අමාරුම කාලයේ එන්නේ ඊළඟ සති කීපයේදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරුන් සහ නිලධාරීන් සමඟ තමා සාකච්ඡා කළ අතර ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙන බවත් රටේ අද තිබෙන තත්ත්වය ගැන එම රටවල් වලට දැනුම් දී මෙි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කොට අදාළ ගිවිසුම්වලට ඇතුළු විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ…

ගෝටාගෝගම විනාශකිරීම ; මහින්දට බැරි වූ දේ ජවිපෙ සහ පෙරටුගාමීහු කර දෙති

නිර්පාක්ෂික සවෙච්ඡා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ආරම්භ කොට විශාල මහජන සහයක් සහිතව පවත්වාගෙන ගිය ගෝටාගෝගම මේ වනවිට එහි ඇතුළු වී බලය තහවුරු කරගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීත්වය විසින් විනාශ කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මෙම පක්ෂ විසින් අරගලයේ මුල් ක්‍රියාකාරීන්ට බලපෑම් කොට පලවා හරිමින් සිටින බව සහ…

සජබෙන් මහින්දට ගිය හතරක් යළි එයි

පසුගිය කාලයේ සමගි ජන බලවේගයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු මහින්ද ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු නැවතත් සමගි ජන බලවේගයට එක් වී ඇති බව වාර්තා වෙයි. ඔවුන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී…

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විධිමත් සැලැස්මක් ක්‍රියාවට නගනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

  රට මුහුණ දී සිටින  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මිත්‍ර රටවල සහයෝගයෙන් විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එසේම මෙම අභියෝගාත්මක අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ලබා දීම සදහා අකමැත්තෙන් වුව ද මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවත් අගමැතිවරයා කියා සිටියේ ය. BBC සිංහල සේවය සමඟ සම්මුඛ…

රනිල් අගමැති කරන්නැයි කීවේ ස්වාධින කණ්ඩායමයි – ජනපති කියයි

    රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදීම තමාගේ තනි තීරණයක් නොවන බවත්, එම යෝජනාව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ කණ්ඩායම ඇතුළු විවිධ පිරිස් වලින් ඉදිරිපත් වූ බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ප්‍රකශ කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි. කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් හමුවේ ජනාධිපතිතුමා…

සජිත් අගමැති සටන අතහරී ; විපක්ෂයක් ලෙස සහය දෙන බව කියයි.

    පාර්ලිමේන්තුවේ බහුතරයේ සහය ඇත්තේ තමන්ට බව ඊයේ ප්‍රකාශ කළ සමගි ජන බලවේගය අද වනවිට එම ස්ථාවරය ඉවත් කර ගනිමින් විපක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ යහපත් දේට සහය දෙන බව ප්‍රකාශ කොට ඇත. නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යැවූ ලිපියකට පිළිතුරු ලබාදෙමින් සජිත්…

‘‘රනිල් අගමැතිකම නොගත්තා නම් රටම අමාරුවේ‘‘ – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන ආර්ථිකය හැදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැතිනම් රටෙි සියලුම ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර බාර ගත්තේ රටේ ආර්ථිකය හදන්න බව කී විජයවර්ධන මහතා ලබන සතිය වන විට රටේ තිබෙන ඩොලර් නැත්තටම…

නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති

  පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කර තිබෙයි. කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ මෙම දිවුරුම් දුන් අමාත්‍යවරුන් දිවුරුම් දෙන ලදි දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන්ගේ නම් පහතින් දැක්වෙයි…

සජිත් යලිත් අනාථයි ; රනිල්ට විරුද්ධ වෙන්න අනෙක් පක්ෂ බැහැ කියයි.

    පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය ඇත්තේ තමන්ට බව මේ වනතෙක් කියමින් සිටි සමගි ජන බලවේගය නව ආණ්ඩුව පෙරලීමට සහය නොදෙන බව අනෙක් පක්ෂ ප්‍රකාශ කිරීමත් සමග යලිත් අනාථ වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ 113 ඇත්තේ තමන්ට බව යි. ඒ විපක්ෂයේ පක්ෂ , ආණ්ඩුවෙන්…

ඇමති ධුර භාර ගන්නේ නැහැ ; ජනතා ප්‍රශ්න විසඳන්න සහය දෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන රජයේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළ බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු භාර නොගන්නා බවත්, එසේ වුව ද ජනතා ප්‍රශ්න විසඳීමට සහය දෙන බවත්, එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ අනුව ජනතාවට දැඩිව බලපා ඇති ආහාර මිල, ගෑස්, ඉන්ධන,…