මෙරට ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට විදේශ සමාගම්වලට ඉඩ

  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල  ඉන්ධන සමාගම් වෙත ලබාදීමටත්  නව ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමට එම සමාගම්වලට අවසර දීමටත්, කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්ධන සපයන සමාගම් වෙත තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් මෙන්ම නව පිරවුම්හල්ද විවෘත කිරීමටද අවස්ථාව…

තෙල් නැව් විසි පහකට මුදල් නොගෙවා පොලු තියලා !

  ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයු සමාගම්වලට ගෙවීමට ඇති හිග මුදල් පිළිබඳව ගණන් බැලීමේ දී පෙනී යන්නේ ඉන්ධන නැව් විසි පහකට  වැඩි සංඛ්‍යාවක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර ඇති බව යයි වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. ඉන්ධන සැපයුම්කරුවන්ට ඛනිජ තෙල් සංස්ථාව ගෙවිය යුතුව ඇති මුළු මුදල ඩොලර් මිලියන 735 කි. ලෝක වෙළෙඳපොළේ එවකට පැවති ඉන්ධන මිල ගණන්…

පොලු තියා තියෙද්දී තෙල් දෙන්න නම් මව් සමාගම් සමග කතා කරන්න – තෙල් සමාගම් නියෝජිතයෝ ජනපතිට කියති

පසුගිය කාලයේ කළ ඉන්ධන සැපයුම් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 735 ක මුදලක් ගෙවීම ශ්‍රී ලංකා රජය විසින් පැහැර හැර තිබිය දී දිගට ම ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් රජයේ ඉහළ නිලධාරීන් තම මව් සමාගම් සමග සාකාච්ඡා කළ යුතුව ඇති බව මෙරටට පසුගිය කාලයේ ඉන්ධන සැපයු ප්‍රධාන සමාගම් නියෝජිතයින් ඊයේ ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේ දී…

ඉන්දියාවෙන් ඩීසල් නැවක් ; පෙට්‍රල් එන්නේ සිංගප්පූරුවෙන් ; මිලින්ද – පූරි සාකච්ඡා සාර්ථකයි

  රටේ උද්ගත වී තිබෙන ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ඉන්ධන නැව් 4ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා-ඉන්දියා රජයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සහ නිවාස හා නාගරික කටයුතු ඇමැති හර්දීප් සිංග් පූරි මහත්වරුන් අතර එම සාකච්ඡා සිදු වන…

ආණ්ඩුවේ 22 සංශෝධනයට අවසන් කැබිනට් අනුමැතිය අද හිමිවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද කැබිනට මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. මුලින් එය 21 සංශෝධනය ලෙස හඳුන්වනු ලැබුව ද සමගි ජන බලවේගයේ යෝජනාව 21 ලෙස ඉදිරිපත්ව ඇති බැවින් මෙම සංශෝධනය 22 වැනි සංශෝධනය ලෙස ගැසට් කිරීමට නියමිත ය. මෙම සංශෝධනයේ මුලික අරමුණ ජනාධිපති බලතල සීමා…

මේ වසරේ මුල් මාස 5ට ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක්

  මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක්…

ඇමැති කාංචන සහ නසීර් කටාර් බලා යයි

  මෙරටට ඉන්ධන ලබාගැනීම සහ විදේශගත ශ්‍රමික ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජෙසේකර සහ පරිසර ඇමති නසීර් අහමඩ් මහත්වරුන් අද සවස කටාර් රාජ්‍යය කරා පිටත්ව ගිය බව වාර්තා වෙයි. ඉන්ධන ලබාගැනීම මේ වනවිට අර්බුදයක් බවට පත්ව තිබීම නිසා එයට හදිසි ආධාර ලබාගැනීම මෙම ගමනේ ප්‍රධාන අරමුණ වී තිබේ. පසුගිය දිනවල ඇනවුම්…

තෙල් ගැන කතාවට ඇමැති සුසිල් රුසියාවට

  ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන, ගල අඟුරු , ගෑස් ආදිය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා අද රුසියාව බලා පිටත්ව ගොස් ඇත. වැඩ බලන අධ්‍යාපන ඇමති ලෙස බන්දුල ගුණවර්ධන මහතා අද දිව්රුම් දී තිබේ.

කෝප් කමිටු රැස්වීම් ආවරණය කිරීමට මාධ්‍යයට ලබා දී තිබූ අවස්ථාව අහමි කිරීම ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ අහිම් කිරීමක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  පාර්ලිමේන්තුවේ කෝප් (COPE- පොදු ව්‍යාපාර කාරක සභාව) කමිටුවේ විමර්ශන රැස්වීම් ආවරණය කිරීම සඳහා මාධ්‍යයට හිමිව තිබූ අවස්ථාව ජුනි 23 වැනිදා සිට වළක්වා තිබේ. මෙය ජනමාධ්‍ය සතුව තිබූ අයිතියක් උදුරාගැනීමක් මෙන්ම ජනතාව සතු මූලික අයිතිවාසිකමක් වන ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ අහිම් කිරීමක් බවත් විනිවිධභාවය හා වගවීම යන යහපාලන මූලධර්මවලට පිටු පෑමක් බවත් අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම තීරණය වහා අත්හිටුවන ලෙස…

මහ බැංකු අධිපති ඉවත්කිරීමේ අදහසක් නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ

  මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තනතුරින් ඉවත් කිරීමට යන බවට පලවන වාර්තාවල සත්‍යතාවයක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. තමන් එවැන්නක් ගැන සිතාවත් නැති බවත්, ආර්ථිකයේ විසඳිය යුතු වඩා බරපතළ ප්‍රශ්න රාශියක් ඇති බවත් අගමැතිතුමා කියයි. වෘත්තියවේදීන් පිරිසක් සමග පවතී සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

ආණ්ඩුවේ 21 සංශෝධනය හෙට යළි කැබිනට් මණ්ඩලයට

  ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අවසන් අනුමැතිය සඳහා හෙට යළිත් වරක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි. නීතිපතිවරයන් පරීක්ෂා කිරීමෙන් පසු අවසන් පිටපතට අනුමැතිය ගැනීම හෙට සිදුවන බව කියති. 21 වැනි සංශෝධනයක් සමගි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති බැවින් මෙම සංශෝධනය 22 සංශෝධනය ලෙස ගැසට් කිරීමට නියමිත ය….

එක්සත් ජනපද නියෝජිතයෝ අද උදේ එති

  ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික, මූල්‍ය සහ සමාජීය අර්බුදකාරී පිළිබඳව සොයා බැලීම සදහා සිව් දෙනෙක්ගෙන් යුතු ඇමෙරිකානු ඉහල පෙළේ රාජ්‍ය දූත පිරිසක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියහ. මෙම දූත පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කළාපය භාර නියෝජ්‍ය ලේකම් රොබට් කැප්‍රෝත් (Robert Kaprot) සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු…