පාර්ලිමේන්තුවේ රනිල්ගේ පුරප්පාඩුවට වජිර අබේවර්ධන පත්කරයි

  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත්කොට තිබේ. ඒ මහතාගේ  පත්වීම පිලිබඳ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කොට ඇති බව වාර්තා වෙයි.

ඇමතිවරු දිවුරුම් දෙති ; ජී එල් වෙනුවට සබ්රි ; අනෙක් ඇමතිවරු එලෙස ම

  නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දහවල් දිවුරුම් දුන්නේය. කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි. ජී එල් පීරිස් ඇමතිවරයා දැරූ විදේශ ඇමති ධුරය අලි සබ්රි ඇමතිවරයාට හිමිව ඇත. අනෙක් ඇමතිවරුන් කලින් දැරූ ඇමති ධුරවල ම නැවත දිවුරුම් දී තිබේ. ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයාව සිටි ධම්මික…

තවත් පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් එයි

  තවත් පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් දිවයිනට ලඟා වී ඇති බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා කියයි. තෙල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ය. විදුලි නිෂ්පාදනය සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා දැවිතෙල් ලබා දෙනු ඇත. ප්‍රමාණවත් තෙල් තොග ලැබී ඇතත්, ඉදිරි කාලයේ සුරක්ෂිතතාවය සඳහා සලාක ක්‍රමය දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිත…

නව අගමැති ලෙස දිනේෂ් දිව්රුම් දෙයි

  නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිව්රුම් දී ඇත. පිලිප් ගුණවර්ධන මහතගේ අභාවයෙන් පසු මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස 1973 දී පත් වූ දිනේෂ් ගුණවර්ධන මහතා 1983 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. ඒ මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස කටයුතු කරමින් සිටියේ ය.

ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි

  ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි පිරිස අද අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය පොලිසිය යුද හමුදාව සහ පොලිස්…

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවන තෙක් පැරණි ඇමති මණ්ඩලය ම යි !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන තෙක් තාවකාලික ඇමති මණ්ඩලයක් ලෙස හිටපු ඇමති මණ්ඩලය ම හෙට නැවත දිවුරුම් දෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ජනාධිපති ලෙස දිවුරුම් දීමත් සමග අගමැති තනතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීම නිසා මේ වන විට ඇමති මණ්ඩලය අහෝසි වී ඇත. නව අගමැතිවරයකු යටතේ ඇමති මණ්ඩලය යලි දිවුරුම් දීම පමණක් හෙට…

රනිල්ගෙන් හිස් වූ එජාප මන්ත්‍රී ධුරය වජිරට ?

  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත අද දැනුම් දුන්නේ ය. එම පුරප්පාඩුව පිරවීම සඳහා නමක් පක්ෂයේ මහා ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට…

නව අගමැති දිනේෂ් ගුණවර්ධන ; ඇමති මණ්ඩලය හෙට

  නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමට නියමිතය නව ඇමති මණ්ඩලය දිව්රුම් දීම ද හෙට උදේ සිදු කිරීමට නිඅමිත ය . දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට  පාර්ලිමේන්තුවේ  සභානායක ධුරයේ කටයුතු කරයි.

ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි !

  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයේ අවසන් කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට සහ ප්‍රබල ඇමති ධුරයකට ධම්මික පෙරේරා මහතා පත්කරනු ලැබී ය. අගමැති ලෙස පත්ව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය බිඳීම සඳහා ඒ මහතා පත් කරගත් බව…

8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයි

  ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි. පාර්ලිමේන්තු ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ම දිවුරුම් දීමට අවස්ථාව…

|

සියල්ල ගින්නෙන් විනාශයි ; නව ජනපතිට අලුත් ඇඳුම් මහන්න වෙලා !

  තම පෞද්ගලික නිවෙසට කැරලිකරුවන් ගිනි තැබීමෙන්  ඇඳුම් පැළඳුම් විනාශ වී ඇති නිසා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධික වැඩ කටයුතු අතර ඇඳුම් පැළඳුම් සපයා ගැනීමට ද කාලය වෙන් කිරීමට සිදුව ඇති බව දැනගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු ඇඳුම් ගිනිගත් නිවසේ ගින්නට හසු වී විනාශ වී ඇති බව කියති. එබැවින් පසුගිය දිනවල ද තම…

රනිල් එලවන “දැවන්ත ” සටන 300 කට බසී

  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවීම වැලක්වීමට දැවැන්ත සටනක් සඳහා මහජනයා කැඳවන බව කී අන්තවාදී කණ්ඩායම්වල බලය අද දහවල් වන විට 300 ක් පමණ පිරිසකට සීමා වී තිබු බව වාර්තා වෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය , එයට සම්බන්ධ අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සුළු කණ්ඩායම් කිහිපයක් පමණක් මෙම සටනේ සිටින අතර එයට කිසිදු මහජන…