පළාත් පාලන චන්දයේ දී පොහොට්ටුව තුනට බෙදෙයි ?

  පළාත් සභා මැතිවරණය පැවත්වුනොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් තුනක් ලෙස තරංග බිමට පැමිනෙනු ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් රට පුරා තරඟ වැදීමට සුදානම්වන නමුත්, ඒ හා එක්  නොවන පිරිසක් ස්වාධින කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව…

ශාෆ්ටර් ගේ මරණය සියදිවි නසා ගැනීමක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබේ. මේ බව කොළඹ මහෙස්ත්‍රාත්…

අලුත් ගිවිසුමකින් බැඳ දැමුණ රාජ්‍ය සේවයේ නම්බුකාර පැවැත්ම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

නව අමාත්‍යාංශ ලේකම්වරුන් ලවා ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්සන් කරවා ගත් ගිවිසුම අනුව,රාජ්‍ය  මූල්‍ය කළමනාකරණය, විෂය කාර්ය පලදායිතාව ආදි කරුණු පිළිබඳව අපේක්ෂිත කාර්යක්ෂමතාව පවත්වාගෙන විධිමත්ව යා යුතු වේ. පැවරුණ වගකීම් ඉටු කිරිමට අසමත්වන ලේකම්වරුන් එකී තනතුරු වලින් ඉවත් කිරීමට නියමිත හෙයින් එකී නියමයන් ඉටු කිරීමට පසු කටයුතු පාරදෘශ්‍ය භාවයකින් යුක්තව සිදු කෙරෙන්නේදැයි ජනතාවට දැන ගැනීම…

තවත් ගල් අඟුරු නැවක් හෙට දිවයිනට

  තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් හෙට (07) පස්වරුවේ දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සඳහන් කළේ, එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් අඩංගු වන බවයි. දකුණු අප්‍රිකාවේ සිට නෞකාව මෙරටට යාත්‍රා කරමින් පවති. මේ අතර අද උදෑසන දිවයිනට ළඟා වූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවේ…

දැන් මැතිවරණයක් තිබ්බොත් ලෝක වාර් තාවක් පිහිටුවිය හැකියි – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

   රට බංකොළොත් වී තිබිය දී මුදල් අච්චු ගසා පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේදී  පැවැත්වුවහොත් එය ලෝක වාර් තාවක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කොට ඇත. එසේ කළහොත් මුදල් මුද්‍රණය කර පළාත් පාලන මැතිවරණයක් පවත්වන එකම රට ලෙස ඉතිහාස ගතවන බවද ඒ මහතා පවසයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කොට තිබේ….

රටවල් තුනක් සමග වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා

  චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 2018 වසරේදී අතර මග නවතා දැමුණු සාකච්ඡාවල තුන්වැනි වටය ආරම්භ කිරීම සඳහා තායිලන්ත නිලධාරීන් එළඹෙන සඳුදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු…

ගල් අඟුරු පළමු නැව එයි ; ගොඩබෑම අරඹයි

ගල් අඟුරු ටොන් 60,000 ක් රැගත් පළමු නැව අද පුත්තලම වරායට ළඟා වූ බවත් එහි ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කළ බවත් ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව නොරච්චෝලේ බලාගාරය සම්පුර්න ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත. ලංවිම ඉන්ජිනේරු සංගමය ප්‍රකාශ කොට තිබුණේ ගල් අඟුරු ලබා ගැනීමට රජය පියවර ගෙන නැති බව සහ…

දළදාවට අපහාස කළයි සේපාල් අමරසේකර රිමාන්ඩ්

  ශ්‍රී දළදා වහන්සේට අපහාසාත්මක ප්‍රක්ෂයක් කළයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය. නීතිය අනුව ඔහු වරදක් කොට ඇති බව හදුනාගෙන ඇති නිසා ඊයේ සවස අත් අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන බව…

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව පාර් ලින්තුවට !

  විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ පසුව එය පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කොට ඇති බව තතු දත් ආරංචි මාර් ග  කියයි. එම යෝජනාව සමග එහි අවශ්‍යතාවය පිලිබඳ වාර්තාවක් මෙන් ම පීඩාවට පත්වන ජනයාට සහන සැලසීම සඳහා ගන්නා පියවර ගැන ද පාර් ලිමේන්තුව දැනුවත් කරනු ඇතැයි කියති. ඒකක හැටකට අඩුවෙන් විදුලිය…

GMOA බදු පෙත්සම නොමැතිව කොළවලට අත්සන් එකතුකරයි

  උපයන විට ගෙවීමේ බද්දට එරහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කිරීමට යන පෙත්සම නොපෙන්වා වෛද්‍යවරුන්ගෙන් කොළවලට අත්සන් එකතු කරන බව වෛද්‍යවරු කියති. එම කොළවල අත්සන් කරන පෙත්සම හෝ අත්සන් කරන්නේ කුමකට ද යන්න හෝ සඳහන් නොවේ. වෛද්‍ය නිලධාරියාගේ නම සහ සේවා අංකය සඳහන් කොලවල අත්සන් කිරීමට තීරුවක් වෙන් කොට තිබේ. සියලු වෛද්‍යවරුන්ට එම කොළවලට…

ගල් අඟුරු නැව් හත ළඟම එයි ; පළමු නැව අද පුත්තලමට

  ගල් අඟුරු රැගත් නැව් හතක් මේ දිනවල ශ්‍රී ලංකාවට ළඟා වෙමින් පවතී. ඒ අනුව ජනවාරි 6, 7, 13, 20, 23, 27, 31 යන දිනවල මෙට්‍රික් ටොන් 60000 බැගින් වූ ගල් අඟුරු නෞකා මෙරටට පැමිණීමට නියමිත බව ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා   පැවසීය. මේ ගල් අඟුරු නැව් පුත්තලම වරායේ ගොඩබෑමට නියමිත අතර, අනතුරුව…

සංචිත ඉහළට

2022 දෙසැම්බර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,896 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2022 නොවැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,806 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 5%ක ඉහළ යාමක් වේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන…