ඥානසාර හිමියන්ට යළි වසර හතරක සිර දඬුවම්

  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත. ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් මාධ්‍යවත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනා වලට අදාල නඩුවේ තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. 2016 වසරේදී පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරය සම්බන්ධයෙන්…

පොහොට්ටුවේ බැසිල්ගේ තැන නාමල්ට

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් දැරූ තනතුරට නාමල් රාජපක්ෂ මහතා පත්කොට ඇත. එම තනතුරට බැසිල් රාජපක්ෂ මහතා යළි පත්කර ගැනීමට බැසිල් හිතවාදීන් උත්සහ දැරුව ද ඒ මහතා තරගයෙන් ඉවත් වීම නිසා නාමල් රාජපක්ෂ මහතා නිතරගයෙන් පත් වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති විශේෂ රැස්වීමක දී…

පිටකොටුව පාවෙන වෙළෙඳ සැල් ජපානයට

  පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) වසර තිහක බදු පදනමක් මත  ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි. ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ…

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත් මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

|

ඩොලරය රුපියල් 300.85 ට බසී

කොළඹ එතැන් වෙළෙඳපොළේ ඩොලරයක මිල අද දින රුපියල් 300.85 දක්වා පහත වැටුණු බව වාර්තා වෙයි. අදදින ඩොලරය අලෙවි වුයේ රුපියල් 300.85 – 301.00 මිල ගණන් වලට ය.

|

විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළට

මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට හිමිව තිබේ. එමෙන්ම ලක්ෂ 2 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට මේ වනවිට පැමිණෙමින් ඇති බව ද සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ තුළින් ගෙවුණු…

|

බැංකු පොලී තව දුරටත් පහළට

  මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මහ බැංකුවේ  මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත්…

|

ඩොලරය රුපියල් 302.60 ට බසී

  රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරය අද එතැන් වෙළෙඳ පොළේ අලෙවි වුයේ රුපියල් 302.60 – 302.70 මිලට බව වෙළෙඳපොළ වාර්තා පෙන්නුම් කරයි වාණිජ බැංකු මගින් ඩොලරය මිලදී ගැනීමේ මිල රුපියල් 297 දක්වා පහත වැටී තිබු බව වාර්තා වෙයි . එහි විකුණුම් මිල වාර්තා වන්නේ රුපියල් 308 ක් වශයෙනි.

කිරිපිටි මිල අඩුවෙයි

    ආනයනික කිරිපිටි කිලෝවක මිල අද රාත්‍රියේ සිට රුපියල් 150 කින් අඩු කරන බව වෙළෙඳ අමාත්යංශය නිවේදනය කරයි. ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් අඩු කොට ඇත. රුපියල ශක්තිමත් වීමේ වාසිය මත මෙම අඩු කිරීම සිදුකොට තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රැස්වීමකට ජනපති හදිසියේ යයි

  නවීන වෛද්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති හමුවකදීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ…

|

ඉන්දියාව සහ පැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාවට වසර හයක ණය සහන කාලයක්

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව…

ලෝක බැංකුව හා එක්සත් ජාතීන් වසර 15කදී ආපසු ලබාගත් සොරකම් කළ දේපළ ලංකාවේ එක් මසක ආනයන වියදමට වඩා අඩුයි

ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි. මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි. වසර 15ක් තිස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ…