උද්ඝෝෂණ , රැස්වීම්වල දී මින් මතු මුහුණු ආවරණ අනිවාර්ය නැහැ – නව සෞඛ්‍ය ඇමතිගේ තීරණයක් !

  උද්ඝෝෂණ සහ ප්‍රසිද්ධ රැස්වීම්වල දී මින් මතු මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවනු ඇත. නව සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇමති ධුරයේ වැඩ භාර ගනිමි ගත් පළමු තීරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවෙයි. ඒ මහතාගේ තීරණය ලෙස අද ප්‍රකාශයට පත් වුයේ මින් පසු මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරන විට සහ ශාලා…

රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට

  රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරයි. ඒ අනුව අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය…

විසිවැනි සංශෝධනය ඉවත්කොට දහ නවයට යන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයක් – සභානායක  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

  ජනාධිපතිවරයාට සුපිරි බලතල ලබා දුන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කොට දහනව වන ව්‍යවස්ථාව අනුව නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර එකඟත්වයක් ඇති වී තිබේ. ඒ අනුව දහ නව  වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබාදී  පාර්ලිමේන්තුවේදී  ඒ සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක…

ජනාධිපති ප්‍රධාන වැරදි දෙකක් පිළිගනී ; රසායනික පොහොර තහනම, අයි එම් එෆ් නොයාම වැරදියි

රසායනික පොහොර තහනම් කිරීම සහ කල්තබා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීම වැරදි බව ජානාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ය. නව කැබිනට මණ්ඩලය අමතා කතා කරමින් ඒ මහතා මේ බව පැවසීය. එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, එබඳු ක්‍රියා මාර්ගයකට තම සම්පුර්ණ සහාය ලබාදෙන බවත් ඒ මහතා වැඩි දුරටත්…

කබ්රාල්ට සිතාසී

  බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන මැයි මස 02 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට  අද (18) යළි සිතාසී නිකුත් කළේය. එසේම හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයෙන් පනවා තිබු විදෙස් ගමන් තහනම…

හිටපු ප්‍රබල ඇමතිවරු තොගයක් ගෙදර

පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් මෙවර ඇමති මණ්ඩලයෙන් ඉවත් කොට තිබේ. එයින් එක් පිරිසක් ජනතා විරෝධයට ලක්වුවන් ලෙස ඉවත්කොට ඇති අතර තවත් පිරිසක් පවතින තත්ත්වයට විසඳුමක් නොවන මෙම ඇමති මණ්ඩලයේ ඇමති ධුර භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇත. එලෙස ඇමති මණ්ඩලයෙන් ඉවත් කළ හෝ ඉවත් වූ පිරිස අතරින් කැපී පෙනෙන නම් කිහිපයක් මෙසේ ය ….

බිලීබෑම් අසාර්ථකයි ; පොහොට්ටු ඇමති මණ්ඩලයක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමති මණ්ඩලයක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර ආණ්ඩුවෙන් ඉවත් වූ හෝ විපක්ෂයේ හෝ මන්ත්‍රීන් කිසිවකු එයට ඇතුළත් කරගත නොහැකි වී ඇති බව පෙනෙන්නට තිබේ. පොදුජන පෙරමුණ හැරුණු විට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ් මහතා පමණක් ඇමති තනතුරක දිවුරුම් දී ඇත. ඒ මහතා 20 වැනි සංශෝධනයට…

අගමැති මහින්ද වෙනුවෙන් උගන්ඩාවේ සේරනිටි ග්රූප් සමාගමෙන් නිවේදනයක්

  තම සමාගමේ ඩොලර් මිලියන 10 ක් මහින්ද රාජපක්ෂ මහතා නමින් ආයෝජනය කොට ඇතැයි පලවන ප්‍රවෘත්ති බොරු බව උගන්ඩාවේ සේරනිටි ග්රූප් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. නොමග ගිය පිරිසක් මෙම චෝදනා කරන බවත්, තම සමාගම ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාවේ බැංකු සමග සම්බන්ධ වී දියුණු වූ බවත්, ඒ බව නොදන්නා පිරිස් මෙම චෝදනා එල්ල…

එක් කොවිඩ් මරණයක් සහ නව ආසාදිතයින් 37 ක් ඊයේ වාර්තා වෙයි

  එක් කොවිඩ්  මරණයක් සහ නව ආසාදිතයින් 37 ක් ඊයේ දිනයේ වාර්තා වී තිබේ. ඒඅනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,496 ක් වෙයි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 662,864 ක් වශයෙනි.

LIOC තෙල් මිල යලි වැඩි කරයි

  LIOC සමාගම අලෙවි කරන සියලු තෙල් වර්ගවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කොට ඇත. සියලු පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 35 කින් ද, සියලු ඩීසල් වර්ගවල මිල රුපියල් 75 කින් ද වැඩි කළ බව එම සමාගම නිවේදනය කරයි ඒ අනුව නව මිල ගණන් මෙසේ ය. පෙට්‍රල් 92 – රුපියල් 338 යි පෙට්‍රල් 95 –…

නාමල්ගේ කැබිනට ඇමති යෝජනාවට තොන්ඩමන් බෑ කියයි

නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළ පරිදි ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුරයක් භාර නොගැනීමට ලංකා කම්කරු කොන්ග්‍රසය තීරණය කොට තිබේ. පක්ෂයේ නායක ජීවන් තොන්ඩමන් මහතා මේ බව නිවේදනය කොට තිබේ.

ගෝටාට නොයා ඉන්න අගසව්වෝ යවති ; ජොන්ස්ටන්ට, මහින්දානන්දට, රෝහිතට ඇමතිකම් නැහැ

ජනතා ඉල්ලීම් අනුව තනතුරින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කොට ඇති ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසා අප්‍රසාදයට ලක්ව සිටින සහ මේ දක්වා ඔහුගේ කිට්ටුම සගයින්ව සිටි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන මහත්වරුන් නව ඇමති මණ්ඩලයට ඇතුළත් කර නොගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ජනතා විරෝධයට ලක් වුවන් ඉවත්කිරීමේ පදනම…