විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනුම්- වැඩි ඡන්ද 27 ක්

ආණ්ඩුවට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන් ජය ගැනීමට ආණ්ඩුව සමත් විය. විශ්වාසභංග යෝජනාවට විපක්ෂන්‍ ඡුන්ද 119 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡුන්ද 92 ක් පමණි. ඒ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡුන්දයෙන් පරාජයට පත් විය.

වෛද්‍ය ෂාෆිට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නෑ-මාස 3කට දුන් රැඳවුම් නියෝග අවලංගුයි – 25 තෙක් රිමාන්ඩ්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි අද(11) දින කැඳවූ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ෂාෆි වෛද්‍යවරයා ද අධිකරණය වෙත රැගෙන එනු ලැබීය. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි ෂාෆි වෛද්‍යවරයාට…

ඉන්ධන මිල පහළට

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත.  ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරේ. ඉන්ධන වර්ගය           පැවැති මිල රු.   නව මිල රු.     මිල අඩුවීම රු….

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළි වරෙන්තු

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මෙන්ම ඔහුගේ බිරිඳ සහ ඇයගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද යළිත් විවෘත වරෙන්තු නිකුත් කළේ ය. අධිකරණයේ අවසරය පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වූ එම සැකකරු මෙන්ම ඔහුගේ ඇපකාරියන් වන ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද විදෙස්ගත වී ඇති බවත් නැවත…

ගාමීණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි ලිට්‍රෝ ගෑස් නඩුවේ තීන්දුව අගෝස්තු 8

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති කාර්ය  මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාල නඩුවේ තීන්දුව ලබන අගෝස්තු මස 8 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද(09) දන්වා තිබේ. සිද්ධියට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ…

මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේපයි ; පොලිස්පති පුජිතට සහ හිටපු ආරක්ෂක ‌ලේකම් හේමසිරිට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනගර ගතකොට සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(09) නියෝග කර තිබේ. ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබු මිනීමැරුම් චෝදනා සදහා ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියූ මහේස්ත්‍රාත් තුමිය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය . පාස්කු…

SOFA ගිවිසුමක් ඇත්තෙත් නෑ, අත්සන් කරන්නෙත් නෑ – අකිල

ඇමරිකාවත් සමඟ SOFA ගිවිසුමක් ඇත්තේත් නොමැති බවත් එවැන්නක් අත්සන් තබාත් නොමැති බවත් අත්සන් තබන්නේත් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  මෙවැන්නක් පිළිබඳව ආන්දෝලනයක් ඇතිකර ඇත්තේ විපක්ෂය විසින් බවටයි ඒ මහතා චෝදනා කළේ.  ඒ අනුව ජනතාවට බියවීමට කරුණක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) බරපතළ වංචා විමර්ශන…

කැනඩාවට මෛත්‍රීව එපා වෙයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කැනඩාවේ සංචාරයක් සදහා කැමතිව ඒ සම්බන්ධව දන්වා ඇතත් කැනඩා රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති කාර්යාලය විසින් රාජතාන්ත්‍රික ආකාරයට මේ ඉල්ලීම සිදුකර ඇති අතර ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත්තේ ද රාජතාන්ත්‍රික ආකාරයටය . කිසියම් රටක රාජ්‍ය නායකයෙකුට තවත් රටක් සමග…

දොස්තර සාෆි වඳ සැත්කම් කර නෑ ; බොරු චෝදනාවකට පටලවලා – ඒ එෆ් පී පුවත් සේවය ලෝකයටම කියයි .

කුරුනෑගල රෝහලේ ජේෂ්ට නේවාසික වෛද්‍ය ලෙස සේවය කළ දොස්තර මොහොමඩ් සහබ්දීන් සාෆි මහතා වඳ සැත්කම් කළ බවට කිසිදු සාක්ෂියක් නැති බවත් , ඔහු බොරු චෝදනාවක් පටලවා අත් අඩංගුවට ගෙන ඇති බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කොට ඇතැයි ඒ එෆ් පී පුවත් සේවය විශේෂ වාර්තාවක් සපයමින් කියයි .කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලිසිය ඉදිරිපත් කළ…

ජනතාවට සින්නක්කර ඔප්පු දෙන්න ජනතාව සමඟ පාරට බැසීමට මම සූදානම් – අගමැති රනිල් වික්‍රමසිංහ

ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම වළක්වන්න උත්සාහ කරන සංවිධාන වලට විරුද්ධව තමා ජනතාව සමඟ පාරට බැසීමට සුදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යටතේ අම්පාර ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයක දී ය. තව දුරටත් කතා කළ අගමැතිතුමා මෙසේ කීය. ඔබට දෙන ඔප්පුවල සින්නකර…

මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටුවයි-ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ලැබුවේය. බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ  ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළේය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික…

19 අහෝසි කරන්න කියන යෝජනාවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි – සමන් රත්නප්‍රිය

ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව, ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවුරුදු හතර හමාරක් යනකල් කරන්න බෑ’ කියන නීතිය එන්නෙ 19 වැනි සංශෝධනය හරහා. ඒ නීතිය ආවේ නැත්නම්, ජනාධිපතිවරයා (දින 52) නීතිය කඩ කරපු වෙලාවේ මේ රට සම්පූර්ණ ආරවුල් ජලාවක් බවට පත් වෙනවා. අට අරාජික නොවුනෙ. අවුල්ජාලාවක් බවට පත් නොවුනෙ 19 වන සංශෝධනය නිසා. ඒක ඉතාම පැහැදිලියි.  සිවිල් සංවිධාන හා…