ශ්‍රිලනිප අර්බුදයේ ගැඹුර – රටේ රාළ
|

ශ්‍රිලනිප අර්බුදයේ ගැඹුර – රටේ රාළ

” ශ්‍රිලනිපය තුල අනීතික මෙහෙයුමක් ” ලිපියෙන් රටේ රාළ කිව්වා වගේම මේ වෙනකොටත් ඩාලි පාරේ ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට දැවැන්තම පොලිස් ආරක්ෂාවක් දීලා තියනවා.ඒ වගේම ශ්‍රිලනිප මූලස්ථානයට කිසිකෙනෙකුටවත් ඇතුළු වෙන්න එපා කියලා පොලිසියෙන් දැනුම් දීලා. ඒකට හේතු වෙලා තියෙන්නේ ශ්‍රිලනිප මූලස්ථානයේ තිබුණ ලිපිගොනු ප්‍රමාණයක් අතුරුදහන් වෙලා කියලා ශ්‍රිලනිප වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත කරලා තියන පැමිණිල්ල…

| |

ගෙවූ ණය හා ගත් ණය – ඉකොනොමැට්ටා

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් වරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මාධ්‍ය ප්‍රකාශයකට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ගෙවුණු මාස දහ අටක පමණ කාලය තුළ ඩොලර් මිලියන 1,338.8ක මුදලක් බහුපාර්ශ්වීය ණය හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙම තොරතුරු රාජ්‍ය ආයතනයක් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, ඉදිරිපත් කර තිබෙන විස්තරාත්මක…

|

ලන්සා හමුවේ ඇති අභියෝගය – රටේ රාළ

දැන් රනිල් වටේ ඉන්න කණ්ඩායම්වල නිර්මාණය වෙලා තියන තත්වයන් එක්ක රනිල් හදන්න හිතාගෙන ඉන්න සන්ධානය තවත් ටිකක් පස්සට ගන්න වෙනවා.එක්කෝ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඔන්න මෙන්න තියෙද්දී හරි,නැත්තං ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කලාට පස්සේ හරි තමයි දැන් සන්ධානය හදන එක ප්‍රායෝගික වෙන්නේ. පහුගිය දවස්වල සිද්ධවුන දේශපාලන වෙනස්කම් එක්ක අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සමහරුන්ට සිද්ධවෙලා.ඒ අය අතර අනුර යාපා…

|

රනිල් බෙදාගෙන සටන අවසන් කිරීම – රටේ රාළ

අනුර,සජිත්,දිලිත් ජනාධිපති අපේක්ෂකයෝ විදිහට විවිධ ආකෘතිවලින් ජනතාව අමතමින් යනවා.මීට අමතරව අනෙක් පක්ෂත් ඉදිරි මැතිවරණයට සුදානම් වෙමින් ඉන්නවා.දැනට පක්ෂ බහුතරයක් භූමියට බැහැලා.ඒ කිසිම පක්ෂයක ආරම්භක පියවර අසාර්ථක නෑ.මැතිවරණ උණුසුම වැඩි වෙනවත් එක්ක ජනතාව තමන් කැමති මතවාද එක්ක එකතු වෙනවා.ඒවාට ප්‍රතිචාර දක්වනවා. මෙතනදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙක් අයට වඩා වෙනස් ආකාරයේ ප්‍රවේශයක් අරන්.පහුගිය දවස්වල මාධ්‍යවලට මුදා හැරලා…

| |

නිෂ්පාදන ආර්ථිකයට නව මගක් – මහාචාර්ය සේමසිංහ දිසානායක

වර්තමානයේ  ශ්‍රී ලංකාව මුහුණ දී ඇති  විවිධ ගැටලු‍ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන්  පමණක් විසඳාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස්  ප්‍රකාශ  කරන ආකාරයක් දැකිය හැක. මෙසේ  නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්‍ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. ඒ අනුව යමින් තවත් සමහරෙක් ප්‍රකාශ කරන්නේ ලංකාවේ ඇත්තේ ගැනුම්…

|

‘දෙරණ’ භාෂණයේ නිදහසට එරෙහිව නඩු කියන එක මරු – චින්තන ධර්මදාස

දෙරණ හසාට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒක මරු. මාධ්‍යයක් භාෂණයේ නිදහසට එරෙහිව නඩු කියන එක මරු. ඒක භාෂණයක් නෙමෙයි අපහාසයක් කියලයි දෙරණ කියන්නෙ.   අපිට නඩුවකින් බලාගන්න පුළුවන් අපහාසය සහ භාෂණය නැත්තං අදහස් ප්‍රකාශ කිරීම ගැන නීතිමය ස්ථාවරය. දෙරණට මේ වෙන්න යන දේ අයිරනියක්. ඒක දෛවෝපගතයි. හසා බනින්නෙ දෙරනෙ නින්දිත මාධ්‍ය හැසිරීමට. මෑතක දෙරණ මැදිරියටම…

|

ලක්ෂ 20 ක් ජනයාට සින්නක්කර ඉඩම් අයිතිය

  රජයේ බලපත්‍ර මගින් ඉඩම් ලබා දී ඇති ලක්ෂ 20 ක් ජනයාට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීමට මුදල් ඇමති , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ලේඛනයෙන් යෝජනා කළේය. ඒ අනුව එමජනයට තම පදිංචි ඉඩම් වල සින්නක්කර අයිතිය හිමි වෙයි.

| |

රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා

කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ. 2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්: රාජ්‍ය සේවක වැටුප් – රුපියල් බිලියන 956.2 රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් – රුපියල් බිලියන 309.1 මියගිය හා…

| |

අයිඑම්එෆ් වානා! සුරංගනාවියක් තමයි ඕනා! – අජිත් පැරකුම් ජයසිංහ

  “මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වය ඉහළ නැංවීම, තරඟකාරිත්වය සහ කලාපීය සම්බන්ධතා ප්‍රවර්ධනය…

|

එජාපයේ 77වෙනි සංවත්සරය තෙක් කතාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පසුගියදා පැවති එජාප සමුළුවට මා සහභාගි නොවූ බව දැන සිටි මිතුරෙකු ඒක හොඳයි කියා සිය කාලකන්නි සතුට පළ කළේය.ඊට හේතු කුමක්දැයි මා  ඇසූ විට ඔහුගේ ප්‍රතිචාරය වුණේ අපට (මාලිමාවට) එකතු වෙන්න කියාය. ගඟක් ආපසු ගලන්නේ නෑනේ. යයි මම ඇඟට පතට නොදැනී කී විට එහෙම කියන්නේ ඇයිදැහි ඔහු විමසා සිටියේය. ඩී.එස්. නවසිය තිස් ගණන්වල ගොවි ජනපද…

|

ජවිපෙ ඇමරිකන් දීගය කුමටද? – අජිත් පැරකුම් ජයසිංහ

  ඇමරිකාවෙ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ගොඩක් නිලධාරිවාදීයි. ඒ නිසා ඉතා සංකීර්ණයි. ලංකාව වගේ ඒ අයට ප්‍රමුඛ නොවන රටවල රාජ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග හැඩගැසෙන්නෙ මේ නිලධාරිවාදය අනුව. ඒ පසුබිමේ ආගමික දේශපාලනයකුත් ක්‍රියාත්මකයි. එහි විශාල බෝන් අගේන් බලපෑමකුත් තියෙන බව පෙනෙනවා. දෙමළ ඊලාම්වාදී දේශපාලනය මේවා ඇතුළෙ සියුම් විදියට ක්‍රියාත්මක වෙන බව ඉතාම පැහැදිලියි. අරගල කාලෙ මේ ලක්ෂණ ඉතා…

|

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා – අජිත් පැරකුම් ජයසිංහ

මටත් සමහරු මාධ්‍යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්‍යවේදියා? ලංකාවට මේ සංකල්ප එන්නෙ බටහිරින් සහ ඉංග්‍රීසියෙන්. මාධ්‍ය කියන්නෙ ඉංග්‍රීසියෙන් Media. Medialogy කියල ඉංග්‍රීසියෙ වචනයක් නැහැ. ඒ කියන්නෙ ඒ සම්බන්ධ වේදයක්, විද්‍යාවක් නැහැ. තියෙන්නෙ එක්කො මාධ්‍ය අධ්‍යයනය (Media Studies) හෝ Journalism. Journalism කියන්නෙ පුවත්පත් කලාවට. එහි යෙදෙන පුද්ගලයා හෙවත්…