භික්ෂු විනය සහ ආණ්ඩුව ගැන – සම්පත් අමරසිංහ

විශ්වාසභංග හැලහැප්පීම් මැද; ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වන තිබ්බටුවාවේ ශී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤානරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමි, කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමි, සහ නා පාන පේමසිරි රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව මහත් කාලීන ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය…

රනිල් දිනුම් දැන්? – අනුර සූරියබණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානයේ පිරිසකගේ ද ආශිර්වාදය සහ සහයෝගය මත ඉදිරිපත් කරන්න යෙදුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. ඒ පක්ෂව ඡන්ද 76ක් සහ විරුද්ධව ඡන්ද 122ක් ලබාගනිමිනි. මැති ඇමතිවරුන් 26ක් ඡන්දය දීමට පැමිණ සිටියේ නැත. එසේ නොපැමිණි පිරිසට මහින්ද අමරවීර,…

මෙතැනින් කොතැනටද ?

යළිත් තහවුරු වූ ජනවාරි 08 දේශපාලන න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යාමට ජනාධිපතිවරයා තවදුරටත් සූදානම් නම් රාජපක්ෂ රෙජිමය සමඟ සිටගත් කල්ලිය පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට සිදුවන බව නම් පැහැදිලියි. මන්ද මේ වන විටත් මේ කල්ලිය සම්බන්ධයෙන් එජාපයේ මන්ත්‍රීවරුන් අතරින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන පසුබිමක, විශේෂයෙන් විශ්වාසභංගයට ඡන්දය දුන් කැබිනට් ඇමැතිවරුන් සමග සාමුහික වගකීමකින් බැඳී තවදුරටත්…

|

විශ්වාසභංගය ගැන එදා කතා සහ මෙදා කතා

තමන් වගාකරන නැතහොත් පදිංචිව සිටින ඉඩම්වලට පිළිගත් ඔප්පු නොමැතිවීම මෙරට ග්‍රාමීය ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ උ‍පදෙස් මත ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ එම ප්‍රශ්නයට විසඳුම් දීම සඳහාය. ඒ යටතේ ඉඩම් ඔප්පු දහසක් බෙදාදීම පසුගියදා පොළොන්නරුවේදී සිදුවුණා. එහිදී ප්‍රදේශයේ ගොවි ජනතාවට මෙන්ම වකුගඩු රෝහල ඉදිකිරීමටත් ඉඩම් ලබාදීම…

විශ්වාසභංගයේ ආශිර්වාදය – සී. ජේ. අමරතුංග

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කොට ඇති විශ්වාසභංගයේ ඉරණම මෙම ලිපිය ලියන මොහොත වනවිට අවසන් වශයෙන් තීන්දු වී නැත. පාඨකයා මෙය කියවන මොහොත වනවිට එම තීන්දුව ලැබී අවසන් විය යුතුව ඇත. එබැවින් මෙම ලිපියෙහි අරමුණ වන්නේ මෙම ගැටුම්කාරි තත්ත්වය ඇතිවීමට හේතු මෙන්ම එහි අවසන් ප්‍රතිවිපාක පිළිබඳව මඳක් සලකා බැලීමයි. විශ්වාසභංග යෝජනාවෙහි ඉරණම කුමක්…

එජාප තනි ආණ්ඩුවක් හදන්නයි පුරවැසි සංවිධාන ඉල්ලයි

ආණ්ඩුව විශ්වාසභංගය ජයග්‍රහණය කළහොත් කුමන හේතුවක් නිසාවත් හවුල් ආණ්ඩුවකට නොයා අද මධ්‍යම රාත්‍රියෙන් පසු එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පුරවැසි සංවිධාන එකතුව පවසයි. මරදාන සාමයික හා සමාජය කේන්ද්‍රයේදී පුරවැසි සංවිධාන එකතුව විසින් පවත්වන ලද මාධ්‍ය හමු­ෙව්දී මේ  බව ඊයේ පැවසීය. එහිදී දඹර අමිල හිමියෝ මෙසේ පැවසූහ. ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් ජනවාරී…

තීරණාත්මක මොහොතක එජාප නායකයන්ට දේශබන්ධුගෙන් වචනයක්..!

 එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ තිබේ. ඇත්තෙන්ම මේ මොහොත ඉතිහාසය විසින් ඇති කරන ලද්දක් නොව එජාපය මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. මේ මොහොතින් ගොඩ ඒමට නම් ප්‍රඥාවන්තව කල්පනා කළ යුතුය. හැඟීම් වලට වහල්වීම, නායකත්ව පොරය සහ කල්ලි වාදය විසින් ඇතිකළ හැක්කේ පක්ෂයේ නව පටන්ගැනීමක් නවෝදයක් නොව බෙදීමකි. විනාශයකි. එය සතුරාට ජයකි. සතුරා – එජාපයේ…

යුනිෆෝම් කරන්නට ගෙනා යුනිෆෝම් – නිශාන්ත කමලදාස

යුනිෆෝම් කියල නිල ඇඳුමටත් පාසල් ඇඳුමටත් යෙදෙන බව ඇත්ත ය. එහෙත් ඉංග්‍රීසි භාෂාවේ එය යෙදෙන්නේ එක වගේ කියන අර්ථය ද ඇතිව ය. හැම ම එකම ඇඳුමක් ඇඳීමෙන් සියලු පරතරයන් මැකී යනු ඇතැයි ද එයින් අපේක්ෂිත ය. පාසල තුළ යුනිෆෝම් ඇති කළේත් පවත්වාගෙන යන්නේත් ඒ සඳහා යැයි කියවේ. පාසල තුළ පරතරය නැති කළත් පාසල් අතර පරතරය…

රනිල්ට යුක්තිය ඉටුවිය යුතුව තිබේ – භාතිය බරුකන්ද

දවසක් එක පිටිසර ගමක මිනිහෙක් විකුණා ගැනීම සඳහා සියඹලා ගෝනියක් ගමේ කඬේට ගෙනාවා. සියඹලා මිලදී ගැනීමට කැමැත්ත පළ කළ මුදලාලි සියඹලා ගෝනිය කිරලා බැලූවා. එතන සියඹලා කිලෝ හතරක් තිබුණා. ඊට පස්සේ මුදලාලි ගෝනියේ බරට කියලා සියඹලා කිලෝවක බර අඩු කළා. ඊට පස්සේ සියඹලාවල ඇට සහ පොතුවලට කිලො දෙකක බර අඩු කළා. ඊටත් පස්සේ වේලූම් බර…

|

සාටක මිසිං ඉන් ඇක්ෂන්

  ‘මොකද අනේ ඔයා අස්සන් නොකළේ?’ කියා සාටක බිසව ඇසූ විට සාටක රජ්ජුරුවෝ අන්කුන් කුන්දුන් වූයේ කාගෙදෝ මඟුලකට අත්සන් කරන්නට ගොස් නිකම්ම අවාවද්දෝයි සිතුණු නිසාය. ‘මොකකට ද මෙයා මම අත්සන් නොකළේ?’ කියා රජා හෙමිහිට ඇසුවේ මඟුලේ අත්සනම ගැන ඇසුවානම් ජනාධිපති මහජන මන්ත්‍රි වුණාටත් වඩා හතර විලිලැජ්ජාවක් නේදැයි යටි හිතින් හිතමිනි. ‘මම කියන්නේ, පිතුරුගෙයි, සැල්ෆෝන්ගෙයි, වේලිච්ච…

රංගේ බණ්ඩාර හැරී බලන්න – අනුර සූරියබණ්ඩාර

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව විශ්වාසභංගය මේ වන විට කතානායකවරයාට බාර දී තිබේ. එය අප්‍රේල් මස 04 වන දින විවාදයට ගැනීමට නියමිතව තිබේ. විශ්වාසභංගය සකස් කර ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් තබා නැති බවක් ප්‍රකාශ වන නමුදු විශ්වාසභංගය යනු මහින්ද රාජපක්ෂ ඇතුළු පසුගිය රෙජිමයේ බල ව්‍යාපෘතියක් බවට සැකයක් ඇත්තේ…

විශ්වාසභංග යෝජනාවට සහය දෙන එජාප මන්ත්‍රීවරුන්ට රතු එළියක්

විශ්වාසභංග යෝජනාවේදී එයට පක්ෂව ඡන්දය ලබාදෙන රජයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කළේය. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබා…