|

ඩොලර්-විදුලි අර්බුදයට විසඳුමක් – ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම

  දැනට පවතින විදුලි බිලත් ඉහළය. බොහෝ පිරිසකට එය දරාගත නොහැකිය. ඒ මිලට හෝ අඛණ්ඩව විදුලිය සැපැයීමට මණ්ඩලයට නොහැකිය. දිනපතා විදුලිය කපයි. විදුලිය කැපිල්ල කවදා නතර කළ හැකි දැයි මණ්ඩලය ද නොදනියි. ඒ අතර විදුලි බිල තවත් වැඩි කිරීමට ද සැරසෙයි. මේ ඒ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. අප ඒ සඳහා ඇරියුම් කළේ, විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක…

තමන් කළ වරදට ජනතාවට දඬුවම් දෙන ආණ්ඩුව – අනුර සූරියබණ්ඩාර 

  පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා කළ ප්‍රකාශය අනුව රට පවතින්නේ අතිශය අමාරු තත්ත්වයක බව යළිත්  පැහැදිලි විය. රටේ ආදායම යහපත් වන තුරු තවත් ට්‍රිලියනයක රුපියල් නිකුත් කරන්නට සිදුවනු ඇති බවද එහිදී සඳහන් කෙරිණ. මුදල් අලුතින් නිකුත් කිරීම යනු මුදල් සැපයුම තවත් වටයකින් ඉහළ යාම ය. මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනය ඉහළ නැංවීමට හේතුවේ. එහි…

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය – අජිත් පැරකුම් ජයසිංහ

    පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද…

විසි එකට වෙට්ටු දැමීම –  එම්.එස්.එම්. අයුබ්

  මේ දිනවල දේශපාලනය ගැන කතා කරන කිසිවකුට දැනට රට මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හා ඒ හා බැඳුණු දේශපාලන අර්බුදය  මඟහැර කිසිවක් කතා කළ නොහැකිය. එම අර්බුද දෙක එතරම්ම රටේ ජන ජීවිතය අවුලෙන් අවුලට පත්කොට ඇත. එසේම මෙම අර්බුද දෙක වෙන් වෙන්ව ගෙනද කතා කළ නොහැක්කේ දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදය මත්තෙන් පැන නැගුණක්…

|

සිරිමගෙ ජාතික ආර්ථිකය – ප්‍රියශාන්ත රාජපක්ෂ

  තාමත් සමහරුන්ගෙ අදහස සිරිමගෙ සමාජවාදී පෝලිම් ආර්ථිකය දිගටම කරගෙන ගියානම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ කියලා… ඇත්තටම සිරිමා මොකක්ද කරන්ට ගියේ…. ඒ වෙනකොට සිරිමාවෝ කියන්නෙ දේශපාලන ආර්ථික දැනීම බොහෝම පහල මට්ටමක තිබුන කෙනෙක්…එයා දේශපාලනයට එන්නෙත් හිටි ගමන් සහ පරවේණි පවුල් උරුමයෙන්. ඇය දේශපාලන ආබාෂය ලබාගෙන තිබුන එස්.ඩබ්.ආර්.ඩී.බන්ඩාරනායක කියන්නෙ ලංකාව ජාතිවාදී නරාවලකට තල්ලුකරන දේශපාලන ප්‍රොජෙක්ට්…

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද? – අජිත් පැරකුම් ජයසිංහ

    මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි. එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක්…

|

ආර්ථිකයේ අහේනියට උත්තරයක් – කථිකාචාර්ය උමේෂ් මොරමුදලි

  රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා දැනට සියයට 8 ක් වන වැට් බද්ද සියයට 12 දක්වාත් විදුලි සංදේශ බද්ද සියයට 11.25 සිට 15% දක්වාත් වැඩි කිරීමට යෝජිත ය. පුද්ගල ආදායම් බදු අය කරන සීමාව රුපියල් මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා අඩු කිරීමටත් නියමිතය. තවත් බදු සංශෝධන කීපයක් කිරීමට ද නියමිතය. මේ ඒ පිළිබඳව කෙරෙන…

|

රට බංකොලොත් වුණේ සමාජවාදය නිසාය – මහාචාර්ය මිල්ටන් රාජරත්න

      රජයේ වගකීම පාඩුවට ව්‍යාපාර කිරීම නොව මහා ජනයාට සේවය කිරීමය    පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුය    සහන මිල වෙනුවට වෙළෙඳ පොළ මිල ක්‍රමයට මාරු විය යුතුය   ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය නිදහස ලද දා පටන් සමාජ වාදයට ලැදිකම් දැක් වූ අතර එම වාතාවරණය 1956-1965 ආණ්ඩු කාලවල විශේෂයෙන්…

21 ට පක්ෂවිය යුතු වැදගත්ම කාරණා 09 ක් ! – කීර්ති තෙන්නකෝන්

පක්ෂ නායකයින් දිනවීම වෙනුවට රට දිනවීම අපේ වගකීමයි. ලෝකයේ වැඩිම බලයක් සහිත ජනාධිපති ධූරය දැන් ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. යෝජිත 21 වන  ව්‍යවස්ථා සංශෝධනය තුලින් නැවත එම බලය අඩු කිරීමට යෝජනා වී ඇත. ජනාධිපතිවරයා සර්වබලධාරී දෙවිවරයෙකු කරන වත්මන් ව්‍යවස්ථාව එලෙසම පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවේ කණ්ඩායම් තුනක් උත්සහ කරයි. වත්මන් පාර්ලිමේන්තු බහුතරය හිමි කණ්ඩායම, ආනාගතයේ බලය ලබාගැනීමට…

|

පොලිය නැංවීම විසඳුමද? – ආචාර්ය සී ඒ සාලිය

  සාර්ව ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ බලවේගවල හැසිරීම් ක්‍ෂණික නැත. වතුර, සුළඟ, ගින්දර වැනි බලවේග මෙන් ක්‍ෂණික ව අත්දැකීමට අපට නොහැකි ය. උද්ධමනය, සේවා වියුක්තිය, කොටස් වෙළෙඳපොළ, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික වැනි වෙළඳපොළ බලවේගවල හැසිරීම් අපට අද්දැකීමට හැකි වන්නේ කෝච්චිය ගියාට පසුවය. එවිට පරක්කු වැඩි විය හැකි ය. බලධාරීන් සහ පරිපාලකයන් විසින් වෙළෙඳ පොළ බලවේග…

අටුළුගම දැරිය සහ ජනාධිපතිගේ නීතිය – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

    අටුළුගම දැරියගේ මරණය මේ වන විට සමාජයේ මහත් අවධානයට යොමුව තිබේ. ඒ පසුපස ඇති රහස කෙටි කලක් තුළ නිරාවරණය කර ගැනීමට පොලිසිය සමත් වනු ඇති බවට සැකයක් නැත. කවර අපරාධයක් වුව කඩිනමින් හෙළිකර ගන්නට තරමට දක්ෂ නිලධාරින් පිරිසක් පොලිසියේ සිටින බැවිනි. අපේ ප්‍රස්තුතයට අනුව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයකින් කියා තිබුණේ අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් නීතිය…

බැසිල් හා රනිල් සටන – (විමලේගේ සටහන)

    රටේ ඇතැමුන් කියන්නේ ව්‍යවස්ථා සංශෝධන ගැන උනන්දු වන එක පසෙක තබා මහජනයාගේ දෛනික ජීවන ප්‍රශ්න විසඳීමට අගමැති රනිල් දායක විය යුතු බවයි. ඇත්තම තත්ත්වය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට නියමිත විසිඑක් වන සංශෝධනය හා ජනතාවගේ ජීවන ප්‍රශ්න එකම හුයක ගැටගැසී තිබීමයි. බොහෝවිට එකක් නැතුව අනෙක සාර්ථක වන්නට විදිහක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? 21 වැනි…