සුසිල් ඔයා ගෙදර යන්න – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ජාතික ආණ්ඩුවෙ ආයුෂ හොයන්න චන්ද්‍රිකාට අයිතියක් නැහැ කියල විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියල තිබුණ. ජාතික ආණ්ඩුව ගැන කතා කරන්න චන්ද්‍රිකා බණ්ඩාරණායකට අයිතියක් නැත්නම් ඒ ජාතික ආණ්ඩුවෙ ඇමතිකම් දරණ සුසිල් ප්‍රේම ජයන්තට ඇති අයිතිය මොකක්ද? සුසිල් ප්‍රේමජයන්තත් කියන ආකාරයටම ජාතික ආණ්ඩුව බලයට පත්වුණු මහ මැතිවරණයේදි සුසිල් හිටියෙ මෛත්‍රිට විරුද්ධ පිලේ. කෙටියෙන් කියනවනම් සුසිල් අවසන් මොහොත…

ශ්‍රී ලංකන් එයාර් ලයින්: රාජපක්ෂ මූල්‍ය කළමනාකරණයේ හෙළුව – භාතිය බරුකන්ද

ආණ්ඩුවේ පාලනය යටතේ ගුවන් සමාගමක් ආරම්භ කර පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් එහි ආරම්භක යුගයේ සිට ඍණාත්මක අදහසක් තිබූ බව ප්‍රකට කතාවක්. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1980 අප්‍රේල් මස 24 වැනිදා රජයට අයත් සමාගමක් වශයෙන් “එයාර් ලංකා” සමාගම ආරම්භ කිරීම එවකට සිංගප්පූරුවේ අගමැතිවරයාව සිටි ලී ක්වාන් යූ මහතාගේ පවා දෝෂදර්ශනයට ලක් වූ බව කියැවෙනවා. දුරදක්නා නුවණින් යුත් කීර්තිමත් පාලකයෙක් වූ ලී ක්වාන් යූ…

කඩු පහරේ ඉලක්කය! – සී. ජේ. අමරතුංග

 නව වසර උදාවුණේ රාජ්‍ය අංශයේ වංචා, දූෂණ පිළිබඳව අවධානය යොමුවන සිදුවීවම් ගණනාවක්ද සමඟය. ඉන් පළමුවැන්න නම් මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් වූ “මහ බැංකුවේ බැඳුම්කර ගනු දෙනු සම්බන්ධ පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමා අතට භාරදීමයි. එය වඩාත් අවධානයට ලක්වූයේ අදාළ ගනු දෙනුව වත්මන් ආණ්ඩුකාලයේ සිදුවීමත්, ඒ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව අගමැති රනිල් වික්‍රමසිංහ…

අඬුව අතේ තියාගෙන අත පුච්චා ගන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් හදන්න එපා’’ කියලා ප‍්‍රකට කතාවක් අපි අතරේ තියෙනවා. ඒ වගේම ‘‘ලෙහන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා’’ කියලත් කියනවා. මේ මොන කතා කිවුවත් අපි මේ දෙකම කරනවා. එහෙම කරනවා විතරක් නෙමෙයි රට ගිනි තියන්න, පුද්ගලයින්ගේ කීර්ති නාමය විනාශ කරන්න මේවා යොදා ගන්නවා. බොහෝ විට මේ දේවල් සිද්ධ වෙන්නේ ඉතාම පටු, අවස්ථාවාදී හෝ…

අපතේ යන මිනිස් පැය – බණ්ඩාර උඩුරාවන

2016 වර්ෂයේ දී වැඩවර්ජන 41ක් හේතුවෙන් මිනිස් දින 104,327 රටට අහිමි වූ බව මහ බැංකු වාර්තාව අනුව පැහැදිලිවේ. බැංකු වාර්තාවේ දැක්වෙන් පරිදි 2016 වසරේ වර්ජනවලට එක් වූ සේවක ප්‍රමාණය 38.5කින් ඉහළ ගොස් තිබේ. වැවැලි ක්ෂේත්‍රෙය් වර්ජනවලට එක් වූ සේවක සංඛ්‍යාව 21% ඉහළ ගොස් ඇති අතර වැවිලි නොවන අංශයන් වලින් වර්ජනවලට එක් වූ සංඛ්‍යාව  61% ක්…

රටේ බලයත් ගමේ බලයත් නිදහසට.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් 29  පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි. අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන…

පාතාලයක මුල් – භාතිය බරුකන්ද

මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ ගම උලා කෑමට පමණක් නොවෙයි. ඔවුන් එකී යුගය තුළ නීතියේ ආධිපත්‍ය කෙළසමින් ප්‍රාදේශීය වශයෙන් පාතාල අධිරාජ්‍ය තනාගෙන ජනතාවට දුන් අපමණ පීඩනය ගැන ද ජනතාව තුළ නොසන්සිඳෙන කෝපයක් සහ පිළිකුළක් ඇති බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි. මෙහිදී අප ඉතාම පැහැදිලිව දුටු තත්ත්වය කුමක්ද ? ඒ…

|

මහින්දගේ වෙස් ගැලවෙයි

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් පිරිසක් පසුගියදා ජනාධිපතිතුමා හමුවූයේ කොළඹ ජනාධිපති මන්දිරයේදීය. එහි දී මැතිවරණය ගැන මෙන්ම දූෂණයට එරෙහිව කටයුතු කිරීම ගැනද ජනාධිපතිතුමා කතා කළා. ශ්‍රී ලංකන් එයාලයින් හා මිහින් ලංකා සමාගම්වල සිදු වී ඇති දූෂණ හා අයතා ගනුදෙනු ආදිය ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට තමා තීරණය කොට ඇති බව ජනාධිපතිතුමා හෙළිදරව් කළා….

අහස උසට ගිය ගුවන් සේවා ගැහිලි – සී. ජේ. අමරතුංග

 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස සැලකෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය මෑතකාලයේ කතාබහට ලක්වූයේ එහි සිදුවන අතිවිශාල අලාභය හේතුවෙනි. එමෙන්ම ප්‍රශ්නකාරී අතිවිශාල ගනුදෙනු හා ඒ නිසා රටට සිදුවූ අතිවිශාල පාඩු ගැනද වාර්තා විය. අධික මිලක් ගෙවා ගුවන් යානා මිලදී ගැනීමට ගිවිසුම් අත්සන්කොට තිබූ බව හෙළිදරව් විය. එම ඇතැම් ගිවිසුම් අවලංගු කිරීමට ද විශාල දඩ…

අභාග්‍යයක් වූ විභාගය – නිශාන්ත කමලදාස

 කෙනකුගේ මුළු අනාගතයම විභාග ප්‍රතිඵල මත තීරණය කිරීම නිවැරදි ද? විභාගය කෙනකුගේ දැනුම කුසලතා හා විභවය මැනිමේ හොඳ මිම්මක් ද? මේ ප්‍රශ්න විමසන්නට පවා අපට වෙලාවක් නැත. ඒ අප එක් විභාගයකින් තව විභාගයකට ගමන් කරමින් සිටින නිසා ය. අපේ විභාග අවසන් වූ පසු දරුවන්ගේ විභාග ද එකක් හැර එකක් බැගින් අපව ද බැඳ තබමින් පෝලිමට…

බන්දුල පච කෙළියි – මහ බැංකුව ඇත්ත හෙළිකරයි

හම්බන්තොට වරායේ බදු ගිවිසුමෙන් ලැබුණු මුදල් මහ බැංකුවට බරකොට නැතැයි බන්දුල ගුනවර්දන මන්ත්‍රීවරයා කල චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුව පිළිතුරු දී ඇත. මහා බැංකුව කියා ඇත්තේ සියලු මුදල් මහා බැංකුවේ තැන්පත් කොට ඇති බවයි . ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා…

මහින්දට ගමේ බලය නොදිය යුත්තේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘තට්ටු කරන්නාට දොර ඇරේ’’ කීවාසේ ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි පළාත් පාලන මැතිවරණය දැන් පැමිණ තිබෙනවා. ඒත් මැතිවරණයට නාම යෝජනා භාරදීම අවසන් වන විට ඒකාබද්ධ විපක්ෂයට, නැහොත් පොහොට්ටු පක්ෂයට පළාත් පාලන මැතිවරණය පරාවළලක් වන ලකුණු පහළ වුණා. ඒ අතර ප‍්‍රධාන වුණේ ඒකාබද්ධ විපක්ෂයේ නාමයෝජනා ලැයිස්තු ගණනාවක් ප‍්‍රතික්ෂේප වීම සමග ඇති වූ දැඩි පසුබෑමයි. කොටින්ම පොහොට්ටුව මේ…