සටන නිවැරදි තැනට ගෙන යමු – සිරිසේන රාජපක්ෂ

පසුගිය ඉරිදා පුවත් පතකට අතුරුලියේ රතන කියා තිබුණේ මුස්ලිම් නායකයන් ජාතිවාදය බිස්නස් එකක් කරගෙන කියාය.  ඊට හේතු වශයෙන් ප්‍රකාශ කර තිබුණේ, ” වංචා දූෂණ කර ඇතැයි කියන ත්‍රස්තවාදයට උදව් කළා යයි කියන දෙතුන් දෙනෙකුට කරන චෝදනා නිසා සමස්ත මුස්ලිම් දේශපාලනඥයන්ට තනතුරු අත්හරින්න හේතුවක් නොවේ කියාය. ” අතුරුලියේ රතන අනුව යමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂද…

පරිසර ආරක්ෂාව වඩු මඩු තහනමෙන් ඔබ්බට – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

වසර පහක් තුල වඩු මඩු ලීමෝල් තහනම් කරන බවත් ඊට පෙර අදාළ රැකියාවන්හි නියුක්ත අය වෙනත් රැකියා සොයා ගත යුතු බවත් ජනාධිපතිතුමා කී විට රටේ යම්කිසි පිරිසක් සතුටට පත් වූවාද දන්නෙ නැති වුවත් වඩු වැඩෙන් දැව වෙළඳාමෙන් ජීවත් වන අයගේ බඩ පපුව රත් වුණා යැයි හිතන්න පුළුවනි.  ඒ කතාවට පිළිතුරු වශයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා…

|

ගිජු ලිහිණි න්‍යාය – නිශාන්ත කමලදාස

අවලස්සන බොහෝ දේ සිදු වෙමින් තිබෙන වටපිටාවක ඇතැම් තැනක ලස්සන දේ ද අහන්නට ලැබේ. ජාතිවාදය ගොජ දමමින් වැඩෙමින් තිබිය දී, සංහිඳියාව යන වචනය පවා විසුළුවට ද වෛරයට ද ලක් වෙමින් තිබිය දී, ජාතින් අතර සමගිය ඇති කිරිම සඳහා මිනිසුන් විසින් කරන සත් ක්‍රියා ද අපට වාර්තා වෙයි. ජාතිවාදය ව්‍යාර්ථ කිරීමට ගන්නා උත්සාහයන් ද ඒ අතර…

ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? – ආචාර්ය නිහාල් ජයවික්‍ර​ම

ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡුන්දය ඉල්ලීමට අදහසක් නැති බව මේ වන විට කියා ඇති නිසා, එළැඹෙන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ඡන්ද කොමසාරිස් විසින් ප‍්‍රකාශයට පත්කරන දවසේම අලූතෙන් තේරී පත්වන පුද්ගලයා ජනාධිපති වශයෙන් වැඩ බාර ගනු…

ආරක්ෂාව ස්ථාපිත කිරීමට නම් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයක් සමඟ බලයක් ආණ්වට තිබිය යුතුයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

විශ්ව විද්‍යාලවලත් ඉන්නවා යක්ෂයෝ භූතයො කියන කතන්දර විශ්වාස කරන, පැලෝපීය නාල අතින් අල්ලල වෙනස් කරන්න පුළුවන් කියන විෂම අදහස් විශ්වාසර කරන අය. ඒ විදිහට පිරිහිලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉගෙනගත් දෙයක් තියනවද කියලා ප්‍රශ්නයක් තියෙනව. ඉසෙඩ් කෝ ක්‍රමයෙන් එන්නේ කටපාඩම් කරපු ගිරව් මිසක බුද්ධිමත්ව සමාජ ප්‍රගමනයට මැදිහත් විය හැකි ප්‍රජාවක් ද අපි අධ්‍යාපනය තුළින් උත්පාදනය…

ඇමතිවරුන්ට පන්සල් එන්න එපා කියා තහංචි දාන හාමුදුරුවරු අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු කරුණා අම්මාන්ට උප සභාපතිකම දීපු මහින්දට පන්සල්වලට එන්න එපා කිව්වද? – පූජ්‍ය දඹර අමිල හිමි

පසුගිය දවස්වල ඇතිවුණු හා පැන නැගුණු ප්‍රශ්න කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම අපේ ස්ථාවරය හා අපේ අදහස් අපි හිතන හැටි ගැන මේ රටේ ජනතාවට පුරවැසියන්ට කියන්න ඕනැ කියලා කල්පනා කරලා තමයි මේ අද මේ මාධ්‍ය හමුවට අපි කවුරුත් සම්බන්ධ වෙන්නේ. පුජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශ කළේ ඊයේ (9) පසුවරුවේ රාජගිරියේ දී පැවති මාධ්‍ය සකච්ඡාවක් අමතමිනි. එයින්…

සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ.-මංගල

පසුගිය සමයේ සමෘද්ධිය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වු බව මුදල් අමාත්‍ය මංගල සරවීර මහතා පවසයි. දුප්පත්කමට සහ බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ අලුතින් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා වන ජාතික උත්සවයේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. උත්සවය…

රටක මුස්ලිම් සමාජය අතහැර විනිවිදභාවයෙන්, සමානාත්මතාවයෙන් යුත් පාලන තන්ත්‍රයක් පවත්වා ගෙන යාම අසීරුයි – දකුණු පළාත් ආණ්ඩුකාර, කීර්ති තෙන්නකෝන්

‌රටේ මුස්ලිම් ප්‍රජාව නොමැතිව විනිවිදභාවයෙන් යුත් පාලන තන්ත්‍රයක් පවත්වා ගෙන යාම අසීරු කරුණක් බවත්, මේ තත්ත්වය තුළ රටේ ජනතාවට සිය මතය ප්‍රකාශ කරන්නට මැතිවරණයක් පැවැත්වීමේ පරිසරය රට තුළ නිර්මාණය වී ඇති බවත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටී. ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා එසේ අදහස් දැක්වූයේ මාධ්‍යවේදීන් පිරිසක් රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔහුගෙන්…

|

බෙදී හිටි මුස්ලිම්වරු සමගි කළ රතන හිමිගේ උපවාසයට සතර වටෙන් ප්‍රහාර

අගමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු ගියේ එදින සභාවාරයට එක්වීමටය. ඔහු යනවිට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට මැති ඇමතිවරු රැසක්ද පැමිණ තිබිණ. ගෙවුණු සතියේ උණුසුම් දේශපාලන සිදුවීම් ගැන එහිදී ප්‍රමුඛ අවධානය යොමු විය. “අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු, දළදා මාලිගාවට ගහපු කරුණා ගිය රජයට එකතු කරගන්න කොට උපවාස නොකල කෑගැහුවේ නැති හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ට විතරක් විරුද්ධ වීම පුදුමයි.” සභානායක…

යළිත් අධිකාරීවාදී පාළනයක් රටේ ඇති කර ගැනීමට ජනතාව සූදානම් නෑ – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ප්‍ර. ජනාධිපතිවරණයට නාම යෝජනා බාර ගැනීමට තව මාස පහ හයක වැනි කෙටි කාලයක් තමයි තියෙන්නේ. පෙර සූදානමක් නැතුව ඉදිරිපත් වන මැතිවරණයක දී වඩාත් වාසිදායක වන්නේ කොයි පැත්තටද? පාලක පක්ෂයට ද? විපක්ෂයට ද? මීට පෙර නම් අවම වශයෙන් අවුරුද්දක විතර කැම්පේන් දියත් වෙනවා මැතිවරණයකට පෙරාතුව. සිරිමාවෝ රජයට විරුද්ධව ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එ.ජා.ප.ය වසර දෙක තුනක ඉතාම…

|

ජාතිවාදයෙන් යටගිය ප්‍රශ්න උඩට ගන්න ජවිපෙන් සැලසුම්

පසුගිය 21දා ප‍්‍රහාරයෙන් පසුව රටේ විවිධ මාතෘකා උඩට එමින් එම මාතෘකා යටයමින් තවත් මාතෘකා උඩට එමින් පවතී. මේ අතර අන්තවාදය පරාජයට පත්කිරීමේ සටන ඉදිරියට ගැනීම වෙනුවට වෙනත් අවස්ථාවාදී සටන්පාඨ නිර්මාණය කරමින් ඒවා මතුපිටට ගනිමින් තිබේ. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය පස්වෙනිදා රැුස්වූ අවස්ථාවේදීද අවධානය යොමු කර තිිබුණි. ”මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමත් එක්ක…

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඉවත් වන්නේ නම් රජයේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා – පුජිත

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කළේය. එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් තමාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන ලෙසත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තමාට බාර ගන්නා ලෙසත් පැවසු බවත් කියා සිටියේය. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය…