සජිත් රාජපක්ෂ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ නැවත කර කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ද යළිත් මතු වී ඇති බව පෙනේ. ඒ සඳහා වන ආසන්නතම නිදර්ශනය වන්නේ පක්ෂ නායකත්වයත් මීළඟ ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සඳහා පිරිසක් උත්සහ කරමින් සිටීමයි. ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින තැනැත්තෙකු බවට අජිත් පී පෙරේරා…

අවකල් ක්‍රියාවේ යෙදෙන ජනාධිපති සමාව – අනුර සුරියබණ්ඩාර

කෙටිකලක් තුල ජනාධිපති සමාව යටතේ දෙදෙනෙකුම නිදහස ලැබුහ.ඉන් එක අයෙකු වන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් ලබා සිටි ගලබොඩැඅත්තේ ඥානසාර  හිමිය .ගලබොඩ ඇත්තේ හිමිට අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිත 19 වසරක සිර දඬුවමක් නියමවී එම දඬුවම වසර හයක කාලයක් තුල ගෙවී යන පරිදි දඬුවම් නියමවී තිබුණි.එවැනි තත්වයක ඔහුට නිදහස ලැබීම බරපතල…

|

උදේ ඉල්ලා අස්කරගත් පරිපුරක ඇස්තමේන්තුව සවස නැවත මැතිසබයට

පසුගිය පාර්ලිමේන්තු සතියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් සභාගත කළේය. එම පරිපූරක ඇස්තමේන්තුව සමන්විත වී තිබුණේ විපක්ෂ නායකවරයාගේ භාවිතය සඳහා වාහනයක් මිලට ගැනීම සඳහා ලක්ෂ 429ක්, ඉඩම් නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් සඳහා ලක්ෂ 430ක්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ නිල නිවස අලූත්වැඩියාව සඳහා ලක්ෂ 199ක් ආදී වශයෙන් මුදල් වෙන කර ගැනීම සඳහාය. මේ සම්බන්ධයෙන් බිමල් රත්නායක…

|

එජාප සභාපතිතුමාත් පක්ෂ විනය කඩකරලා !

කබිර්ගේ දිවුරුම්දීම අගමැති දන්නෙත් නැතිලු : පසුගිය සතිය පුරාම එජාප ආණ්ඩුව ජනතාවට පසුගිය අයවැයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අගමැති රනිල් හා මුදල් ඇමති මංගල මෙන්ම ඇමති දයා ගමගේද විශාල පරිශ්‍රමයක් දැරීය. අලුතින් සමෘද්ධිය පවුල් ලක්ෂ 6කට ලබාදීම ඒ අතර මුල්තැනක් ගත්තේය. මේ වන විට පලාත් හා දිස්ත්‍රික් මට්ටමෙන් අවස්ථා කිහිපයකදී පවුල් ලක්ෂ 3කට ආසන්නව…

ජාතිය ආගම අනුව සලකලා අපි එකිනෙකා දිහා ද්වේශ සහගතව බලන තරමට දේශපාලකයන්ට වාසියි. – පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

ප්‍රශ්නය – පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය ඔබවහන්සේගේ විග්‍රහය අනුව අපිව ගෙනියන්නේ කොහාටද? අතීතය, වර්ථමානය, අනාගතය යන තුන්කල් බලලා ඔබ වහන්සේ ඒ ගැන යමක් කියවව නම්, අප යායුත්තේ කුමන දිසාවකටද? මේ වෙලාවේ අපි වරද්ද ගත්තොත් මොකක්ද වෙන්නේ කියලා, අසූ තුනේ අපි වරද්ද ගත්ත එක අනුව බලන්න පුළුවන්. අසූතුන වෙනකොට ලංකාවට අයෝජකයන් විශාල පිරිසක් ඇවිල්ල හිටියා. ඒ…

ජනමත විචාරණය දේශපාලන උගුලක් : පොහොට්ටු ප්‍රබලයකු මන්ත්‍රීවරුන්ට දන්වයි !

ජනමත විචාරණය දේශපාලන උගුලක් : පොහොට්ටු ප්‍රබලයකු මන්ත්‍රීවරුන්ට දන්වයි !

ජනාධිපති සිරිසේනගේ ජනමත විචාරණය යෝජනාව දේශපාලන උගුලක් බවත් ඊට සහය දැක්වීමට යාමෙන් පොදුජන පෙරමුණ ඉවත්විය යුතු බවත් එම පක්ෂයේ ප්‍රබලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි. පොහොට්ටු පාර්ශවයේ ප්‍රබලයා මේ බව දන්වා ඇත්තේ පොහොට්ටු පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම පසුගියදා පැවති මාධ්‍ය හමු කිහිපයක දී ජනමත විචාරණ යෝජනාව සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර දැක්වීමත් සමගය….

පින් කලාට උපහාරයක් – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

2019.06.16 රාවය පුවත්පතේ අපූරු ප්‍රවෘත්තියක් පලවී තිබුණා. අපුරුව කියන්නට සමාන වචනයක් අපූර්වත්වය කියා සාහිත්‍ය විචාරයේදී යොදන පූර්වයේ හෙවත් ඉන්පෙර නොතිබුණු යන්නට සමාන අර්ථයෙනුයි. අප කියන අපුර්ව එනම් ඉන්පෙර නොතිබූ ප්‍රවෘත්තිය උපහාර උළෙලකට සම්බන්ධ වුවක්. උළෙල සංවිධානය කර ඇත්තේ නාරාහේන්පිට ගෞතම විහාරයේ විහාරාධිපතින් විසින්.පුවත්පතේ ඒගැන සදහන් වන්නේ මෙසේයි. ” නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති (ප්‍රවෘත්තියෙ හිමියන්ගේ…

|

අපට සිදුව ඇත්තේ කුමක් ද? – නිශාන්ත කමලදාස

මේ මොකක් ද වෙලා තියෙන්නෙ? දැන් මොකද අපි කරන්නෙ? අපට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ මොකද්ද? මේ සාධාරණ ප්‍රශ්න, අද සිද්ධ වෙන දේ ගැන-ත්‍රස්තවාදය, ආගමික අන්තවාදය හා ජාතිවාදය ගැන- කම්පාවෙන් පෙළෙන මිනිස්සු තමන්ගෙන් ද, උත්තර දන්නේ යැයි සිතන මිනිසුන්ගෙන් ද, සෙසු හිතෛෂීන්ගෙන් ද, අසන්නෝ ය. මේ ලිපියෙන් අප උත්සහ කරන්නේ මේ ප්‍රශ්නයන්ට පිළිතුරු සොයා ගතහැකි මගක්…

මහනාහිමිවරු මුස්ලිම් මන්ත්‍රී හමුව – සිදුවුයේ කුමක්ද ?

මාධ්‍ය රටට නොකී ඇත්ත කතාව බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරු දෙදෙනාත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාත් තනතුරුවලින් ඉවත් විය යුතු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහ මළුවේදී උපවාසයක් ආරම්භ කළේ පසුගිය මස 31 දිනය. එම උපවාසයට දින හතරක් එලඹෙද්දී මහනුවර සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමා කළු කොඩි ඔසවා රතන හිමිට සහය…

බෞද්ධ නොවන සංඝ ආඥා – භික්ෂූන් පරාදයි මංගල දිනුම් – අනුර සූරියබණ්ඩාර

ගම්පහ  ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන අයට තමන්ගේ පන්සල් වලට  ඇතුළු වීම තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට යෙදිණ.  ඊළඟට ඊට එකතු වූයේ මාතර දිස්ත්‍රික් සංඝනායක සමිතිය   සහ මාතර දිස්ත්‍රික්  ශාසනාරක්ෂක බලමණ්ඩලය ය.  මාතර භික්ෂූන් කියන්න ට යෙදුනේ මංගල ඇමැතිවරයා සහභාගීි වන රැස්වීම් ඔවුන් වර්ජනය කරන බව…

|

කැබිනට් රැස්කරන ක්‍රම ගැන අගමැති සමග ඇමතිවරු කතාබහක

පසුගිය සතිය පුරාම අගමැතිවරයා පාර්ලිමේන්තු සභාවාර වලට සහභාගී වීමට අමතරව විවිධ උත්සව රැසකටද එක්විය. අලුතින් සමෘද්ධි පවුල් ලක්ෂ 6 කට බෙදීමේ උත්සව ගණනාවකටද ඔහු එක්වූයේ ඇමති දයා ගමගේගේ ඇරයුමිණි. තවද විවිධ සංවිධාන රැසක නියෝජිතයින් සමග තීරණාත්මක සාකච්ඡා වට කිහිපයකටද අගමැතිවරයා එක්විය. ඒ අතර පොසොන් උත්සවය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස රට පුරාම පවත්වා ආරක්ෂාවට අදාල සහතිකය…

ඉන්දියාවේ එහෙම වෙතේ අපේ රටේ එහෙම නැතේ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

රට දිනෙන් දිනම අතිශය භයානක තත්වයකට ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. මෙකී තත්ත්වය ඇතිවීමට හේතුව ගංවතුර නියඟය නායයෑම සුනාමි වැනි ස්වභාවික හේතු නොවේ. විදේශ ආක්‍රමණයක් විදෙස් මැදිහත්වීමක් ආදී යමක්ද නොවේ. එය බැලූ බැල්මට රටේ අභ්‍යන්තර බල අරගලය නිසා ඇති වූ තත්වයකි. මෙම තත්වයේ අලුත්ම පුපුරායාම කැබිනට් රැස්වීම් නතර කරන්නට ජනාධිපතිවරයා ගත් තීරණයයි. කැබිනට් රැස්වීම්…