විසඳීම කල් දැමිය නොහැකි අර්බුදයකට ලංකාව පැමිණ ඇත – ජයදේව උයන්ගොඩ
ලංකාවේ මේ දිනවල ත්‍රිත්ව අර්බුදයක්, පාලනය කිරීමට නොහැකිව, තියුණු වෙමින් පවතින බව පෙනේ. පළමුවැන්න කොරෝනා වසංගතය විසින් ඇතිකරන ලද මහජන සෞඛ්‍ය අර්බුදයයි. දෙවැන්න, පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවල රාමුව ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන් හටගෙන ඇති ව්‍යවස්ථා අර්බුදයයි. තුන්වැන්න, මෙම අර්බුද දෙකට මුහුණදීම පිළිබඳව ආණ්ඩුවත්, විරුද්ධ පක්ෂ දේශපාලන පක්ෂත් අතර ප්රතිවිරෝධතා තියුණු වීම…
