|

සුන්දර අතීතය හා බියජනක අනාගතය – නිශාන්ත කමලදාස

බොහෝ දෙනකු අතීතයට කැමති ය. එය දැන් ගෙවා අවසන් නිසා බොහෝ විට අතීතය අභියෝග ගෙන එන්නේ නැත. කරන්නට තිබෙන්නේ ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් ඒ තුළ ගැලී අපූරු, අහිංසක, විචිත්‍ර සිහින අතර ජීවත් වීම ය. අනාගතයේ කුමක් වේ දැයි අප දන්නේ නැත. ඒ නිසා බොහෝ දෙනකුට ලොකුම කරදරය අනාගතය ය. සිදුවන්නේ කුමක්දැයි හරි හැටි නොදන්නා…

නමගිය අපරාධකාරයෙක් ජනාධිපති අපේක්ෂකයකු කිරීම ලැජ්ජයි! – මංගල සමරවීර

අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ අලුත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළේය. අපේක්ෂකයා කවුද යන්න ගැන සති ගණනාවක් තිස්සේ ඇසුණු කටකතා ඔහු නොදන්නා බව ඇඟෙව්වේය.  මා අවුරුදු ගාණක් තිස්සේ මහින්ද රාජපක්ෂ හොඳින් හඳුනමි. ජනාධිපති කුමාරතුංග යටතේ අපි දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දී ඉතාසමීපව වැඩකර ඇත්තෙමු….

මහින්ද සීරෝ වෙයි : ගෝඨා හීරෝ වෙයි !

තම පුද්ගලත්වය, පවුල, පුද්ගලික මිතුරන්, ව්‍යාපාරිකයින් හා අන්තවාදීන් පිරිසක් කේන්ද්‍ර කොටගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) ජනාධිපති අපේක්ෂකත්වය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ලවා ප්‍රකාශ කරවා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ අද (11) දිනයේ සමත්විය. ජනාධිපති අපේක්ෂකත්වය තමාට නොදී සිටීමට බැරිවන ආකාරයට ඔහු විසින්, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සොයුරන් බිත්තියටම හේත්තු…

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමේ මහා ප්‍රෝඩාව !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්නට පෙර සිටම ලංකාවේ නීතිය මෙන්ම සමාජය තමාට වෙනම ආරකාරයකින් ක්‍රියාත්මක කර ගන්නට දක්ෂයෙකු බව පැහැදිළි කෙරෙන කාරණා බොහෝය. චිත්‍රකතාවල සිටින සුපිරි වීරයන්ට අපට අදාළ වන භෞතික විද්‍යා නියමයන් අදාළ නැත. අඩු තරමේ දේශසීමා නීති පවා ඒ සුපිරි වීරයන්ට අදාළ වන්නේ නැත. ඔවුහු රටින් රටට නිදැල්ලේ ගමන් කරති. අපට අදාළ වෙන කාරණා…

|

රහස් හමුවේදී සජිත්ට රනිල් කී කතාව : කබීර් , සාගලට මාට්ටු කළේ ගොටාගේ ගේමකින්ද?

අපොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය පිළිබඳව විශාල අභ්‍යන්තර අර්බුද මාස ගණනාවක් තිස්සේ ඇදී යද්දී එජාපය තුලද එවැනිම ව්‍යාකූලතාවයක් මතුව තිබේ. ඒ රනිල් සජිත් කරූ කිරිඇල්ල ෆොන්සේකා නවීන් ඇතුළු නම් කිහිපයක් ජනපති අපේක්ෂකත්වය සඳහා මෑතකදී කරලියට පැමිණීමත් සමගය. එහි වඩාත් උත්සන්නම අවස්ථාව වූයේ අපේක්ෂකයා නම් නොකර පසුගිය 5දා අත්සන් කිරීමට තිබූ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම…

සන්ධානයට සහය දෙන බවට සජිත් පිලෙන් රාජිතට පොරොන්දුවක්.

එක්සත් ජාතික පක්ෂය හා වෙනත් පක්ෂ ගණනාවක් එක්ව ගොඩනගන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දෙන බව සජිත් ප්‍රේමදාස මහතාත් කබීර් හෂීම් මහතාත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමුවී ප්‍රකාශ කොට ඇත. සජිත් පිලෙන් සන්ධානයට හා එහි ව්‍යවස්ථාවට එල්ලවූ චෝදනා පිලිබදව මෙම හමුවීම් වලදී සාකච්ඡාවට ලක්ව ඇත. එහිදී රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රීලංකාවේ කොමියුනිස්ට්…

යහපාලනයේ දෙවන කොටස හෙවත් එජාපයේ ගෙදර ප්‍රශ්නයට රටේ ප්‍රශ්න බිල්ලට නොදීම‍ – අනුර සුරියබණ්ඩාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019.08.05 දින, පවසා තිබුණේ, එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අත්සන් කරනු ලබන ගිවිසුම හෙවත් ගොඩනගන සන්ධානය අගෝස්තු මාසය අවසන් වීමට ප්‍රථම ගොඩනගනු ලබන බවය. ඊට ප්‍රථම කියැවුනේ 2019 අගෝස්තු 05 වන දින සුගතදාස ගාහස්ථ ක්‍රිඩාංගනයේ දී එම සන්ධානය ගොඩනැගීමට නියමිත බවය. එහෙත් එම සංවිධානය ගොනනැඟීම…

ජනාධිපති අපේක්ෂක සූදු කෙළිය : පළමුව එළුවාගේ බෙල්ල කපා දෙවනුව මුට්ටිය බිඳීම – බිනර දන්තුරේබණ්ඩාර

ජනාධිපතිවරණ ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති ජනාධිපති මැතිවරණ අතරින් ජනතාව වඩාත්ම උනන්දු වුජනාධිපති මැතිවරණයවුයේ පසුගිය 2015 ජනාධිපතිවරණය ය. රාජපක්ෂ පාලනයේ දෙවන වටය නිමාවීමටත් පෙර ඊළඟ ජනාධිපතිවරණය ගැන ජනතාව දැඩි උනන්දුවක් දැක්වු බව පැහැදිලිවම ප්‍රකට වූ කාරණකි. එයට හේතුව එවකට ජනාධිපති තනතුර හෙබවූ මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික හා දූෂිත පාලන තන්ත්‍රය ජනතාවට වහ කදුරුමෙන් තිත්ත වී තිබූ හෙයිනි….

මහින්දවාදයේ බෙදුම්වාදය – සිරිසේන රාජපක්ෂ

මහින්දවාදීන් මේ මොහොත වනතුරුත් කියමින් සිටින්නේ සුළුජාතීන්ගේ සහයෝගයෙන් තොරව ආණ්ඩුවක් පිහිටුවීම තමන්ගේ අරමුණ බව ය. පවතින සමානුපාත ඡන්ද ක්‍රමය යටතේ මෙන්ම පවතින දේශපාලන වාතාවරණය තුළත් එළඹෙන මැතිවරණයකදී සුළුජාතීන්ගේ හෝ සුළු පක්ෂවල සහයකින් තොරව කවරෙකුට හෝ ආණ්ඩුවක් පිහිටුවිය හැකිද යන්න ගැටළු සහගතය. හයෙන් පහක බලයක් සහිතව (ආසන ක්‍රමය යටතේ) බලයට පත්වූ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පමණක්…

|

නොගැඹුරු තර්ක -නිශාන්ත කමලදාස

කුණු ගොඩක් නිර්මාණය කිරීමට බොහෝ විට අවශ්‍ය වන්නේ පළමු කුණු පොද දැමීම ය. සෙසු අය ඒ කුණු ගොඩට තම කුණු ද එකතු කරනු ඇත. අවසානය වන්නේ කුණු කන්දක් නිර්මාණය වීම ය. මේ තර්කය වැරදි වැඩ සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම වැඩක් සම්බන්ධයෙන් ද මිනිසුන් ගෙනෙන තර්කයකි. එය අවදානම් මග හැරිම සඳහා ඉවහල් වන්නේ ය. මක්නිසා ද…

අක්කා දීමේ දේශපාලනය – සම්පත් අමරසිංහ

දැනට පවතින තොරතුරු අනුව ලබන අගෝස්තු 11 වැනිදා පොහොට්ටුව පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන්නට බොහෝදුරට ඉඩ තිබේ. ඉන් පසුව අගෝස්තු 13 දා ශ්‍රී මහා බෝධය වැඳපුදා ගැනීමෙන් සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන්  ඊට සමගාමීව අගෝස්තු 13දෑවැන්ත ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කිරීමටත් ගෝඨාභය හිතවාදී පිරිස සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ. ගෝඨාභය හිතවාදීන්…

කුණු ආවේ නිකන් නොවේ – අනුර සූරිය බණ්ඩාර

බ්‍රිතාන්‍යයෙන් කොළඹට පැමිණි කුණු තොගය පිළිබඳ ප්‍රශ්නයට මේ වන විට සති තුනකට ආසන්න කාලයක් ගත වී තිබේ. ඒ සම්බන්ධයෙන් කුණු ගෙන්වීමට සම්බන්ධ සමාගම ද  රේගුව ද පරිසර බලධාරින් ද මුදල් අමාත්‍යාංශය ද විවිධ මත ප්‍රකාශ කරනු ලැබුවද කුණු ගෙන්වීමේ සිද්ධියට වගකිව යුතු පාර්ශ්වයන් මේ වන තුරුත් නියත වශයෙන් රටට හෙළිකර හෝ එසේ කුණු ගෙන්වු තැනැතැතන්ට…