|

ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි – චින්තන ර්ධමදාස

ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.ඒ අනුව මින් පසු සම්බාහන ආස්වාදය විඳින්නට ඉඩ ලැබෙන්නේ සමරිසි අයට පමණයි.සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්…

|

ශ්‍රී ලංකා රාජ්‍යයේ බිඳෙන සුළු බවේ මුලයන් – මහාචාර් ය රොහාන් සමරජීව

  2022 වසර අපට යමක් පෙන්නුම් කළේ නම් එය වන්නේ, පක්ෂයට ඉහළින් රට ගැන සිතා එක්සත්ව කටයුතු කිරීමට අපගේ දේශපාලන පන්තියට නොහැකි බව යි. ඉදිරියට ඇති බරපතළ අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට තවත් බොහෝ කල් තිබේ. 2022 දී වඩාත් පීඩාවට පත්වුයේ දිළිඳු ජනයා ය. උද්ධමනය සහ හිඟවීම් මගින් වසංගතයේ සහ එයට…

|

රටෙි ආර් ථිකය ගැන බාරකරුවෝ උත්තර දෙති

  මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධව එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් අනුව කටයුතු කිරීමේ දී  ලැබෙන සහතිකය මත ශ්‍රී ලංකාවට  අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හා මුදල් ලබා…

|

ලාල්ගේ කැරැල්ල – චින්තන ර්ධමදාස

ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා.ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට ඇතුල්වෙන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. ජවිපෙ ශෘංගාරයට සහ සෙක්ස්වල අසීමිත බයක් දක්වන පක්ෂයක්. ඒක හරිම ආගමික පක්ෂයක්. සෙක්ස්වලින් ඒ පක්ෂයේ බොහෝ දේවල් අවුල් කරන්න පුළුවන්.ඒ වගේම ජවිපෙ නායකයාගේ පටන් කාන්තාවන් ගැන අතිශය නොසැලකිල්ලක්…

මේක මොන වගේ විප්ලවීය කාලයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  වාමාංශිකයන් නොවන අය විප්ලවය, විප්ලවීය අවධිය වගේ වචන භාවිතා කළාම මුලින්ම කලබල වෙන්නෙ මාක්ස්වාදීන්. ඔවුන් සිතන්නේ ඒ සංකල්ප වරනැගුවේ ඔවුන්ගේ රැවුල්කාර සීයලාය කියායි. ඒ නිසා ඒවා අයිති ඔවුන්ට යයි ඔවුන් සිතනවා. ඒත් විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට…

උදේ හවා වමාරනා විපක්ෂයේ තාල රාග – කුලසිරි ලියනගේ

“ඡන්දය කල් දාන්න රනිල් ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා” මේ එදාවේල විපක්ෂය උදේ හවස වමාරන කතාවය. ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට ගහන්න ඇති එකම අවියත් ඒකය. ඒ නිසා අසරණ විපක්ෂය තාල රාග පද වෙනස් කර දිනපතා මේ චෝදනාව නඟමින් ඇත. බොහෝ වෙලාවට ඒ කතා අවසන් වන්නේ “රනිල්ගේ ආණ්ඩුව ජනමතයට බයයි” කියමින්ය. නැත්නම් “රනිල් රාජපක්ෂ මැතිවරණ සිතියම හකුළුවනවා” කියමින්ය. විපක්ෂය…

දොස්තරලා නලුවන් වීම – දීප්ති කුමාර ගුණරත්න

රජයේ රෝහල් වල බෙහෙත් හිඟයක් පවතින බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA)හි සහකාර ලේකම් වන වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහි විනය පරීක්ෂණයක් ආරම්භකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.නිදහස් සෞඛ්‍ය සේවය යනු රාජ්‍ය විසින් පවත්වාගෙන යන්නක්. ඒ පිළිබඳව ඇති ගැටලු විසදිය යුත්තේ රාජ්‍ය විසින්ම යි. වෛද්‍යවරයා යනු අදාල ක්ෂ්‍රේත්‍රයේ රාජකාරි කරන රාජ්‍ය…

|

අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි – චින්තන ර්ධමදාස

අපි හැමෝගෙම බුදුන් වැඩසිටින්නෙ අපේ තරමටයි. දෙවියන් වුනත් එහෙමයි.  මං බෞද්ධයෙක් නිසා මගේ හිතෙත් බුදු කෙනෙක් වැඩ ඉන්නවා. ඒ බුදුන් හරිම රැඩිකල් මනුස්සයෙක්. ඒ කාලෙ පවතින ආගම් බය නැතුව විවේචනය කරපු කෙනෙක්. විකල්ප ජීවිත ක්‍රමයක් යෝජනා කරපු කෙනෙක්. නිදහස හොයාගෙන ගිය කෙනෙක්. ඉතින් මේ බුදුන්ව මං පරිකල්පනය කරනවා. මගේ බුදුන් ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ කෙනෙක්. ඒවා…

|

රාජ්‍ය සේවයේ කැපවීම කෙබඳු විය යුතු ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගිවිසුමකින් රාජ්‍ය නිලධාරින්ගේ ඇඟ බැඳීම නම්බුවක්ද? විමසමින් අනිද්දා පත්‍රයේ පළවූ ලිපිය කියවා මා ඇමතූ ග්‍රාම නිලධාරි වරයා බැසිල්ගේ හුරතල් ගෝල තුන් කට්ටුව පිළිබඳ ලිපියද කියවා තිබිණ. සමෘධිලාභින් තේරීම ප්‍රාදේශීය සභා කාරයන්ට පැවරීමත්, කොවිඩ් වසංගතයෙන් අපහසුවට පත් අඩු ආදායම් පවුල් සඳහා බෙදා දුන් රුපියල් පන් දහස ගමේ මුදලාලිලාටත් ලබා දීම නිසා සාමාන්‍ය ජනතාව තුළ රාජ්‍ය සේවය…

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු – අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් සමාජයට සහරාන් කෙනෙකු හදන්නට තරම් සහ ක්‍රිස්තියානින්ට පහර දෙන්නට තරම් සාධාරණ හේතු තිබුණේ නැත. මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ලාංකීය සමාජයේ පැවතියද එය පාස්කු ප්‍රහාර වැනි ආන්තික ප්‍රචණ්ඩත්වයකට යොමුවීමට තරම් මට්ටමක තිබුණේ නැත. බොහෝ සමාජවල ආගමික අන්තවාදය තිබේ. එහෙත්, ආගමික අන්තවාදයේ වඩාත්ම පහසුවෙන් ඇවිළෙනසුලු ගිනි පුළිඟු ඇත්තේ මුස්ලිම් සමාජයේ විය හැකිය. එහෙයින් පසුගිය කාලයේ ප්‍රවර්ධනය කරන…

බිල්ලන් මවා ජනතාව බියවැද්දීම – මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

දෙසැම්බර් මස 20 වැනි දින ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ගල් අඟුරු ප්‍රමාණවත් වන්නේ දෙසැම්බර් 31 වැනිදා දක්වා පමණක් බවත් ජනවාරි 02 වැනිදා සිට භාවිතා කිරීමට ගල් අඟුරු නැති  බවත් එනිසා ඉදිරියේදී දිනපතා පැය දහයකට වැඩි විදුලි කප්පාදුවක් පවත්වාගෙන යාමට සිදු වන බවත්ය. එසේම විදුලි බල…

ජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ – අජිත් පැරකුම් ජයසිංහ

  මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ආන්තික ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුග්ධ ක්‍රියාවකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ආර්ථිකය තවදුරටත් විනාශ කරදමනු ඇත. මුදල් අච්චුගැසීම නිසා උද්ධමනය පාලනය කරගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක වනු ඇත. ජනතාවගේ දුප්පත්කම දුරලීම හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා තිබෙන අරමුදල් හා සම්පත් පෝස්ටර් ගැසීම වැනි වැඩකට නැති වැඩවලට වියදම් වනු ඇත. වැඩකිරීමට…