ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය – නිශාන්ත කමලදාස

 මොණිකා රුවන් පතිරණ කිවිඳියගේ පොතක නම ය. ඇත්තටම ඇය – ගැහැනිය – යෙහෙලියක් ලෙස අප විසින් සලකන්නේ ද? මේ ප්‍රශ්නය ගැන අසන්නට සිතුණේ ඊයේ පෙරේදා සැමරූ උඳුවප් පෝය නිමිති කර ගෙන මතුවුණු සිතුවිලි පරම්පරාවක් නිසා ය. උඳුවප් පොහොය ශ්‍රී ලංකා වාසීන්ට වැදගත් වන්නේ සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩම කළේ ද එවැනි…

ජාතික නිදහස් පෙරමුණ දෙදරයි තිදෙනෙක් ශ්‍රීලනිපයට

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර පී.බී. කුමාර යන මහත්වරුන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ මෙම පිරිස එතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ…

|

ඒකාබද්ධයේ කෑලි හැලෙද්දී එජාපය ගෙන් ගෙට යන්න හදයි

දකුණු කොරියාවේ සාර්ථක සංචාරයකින් පසුව සියරට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි කතාබහක් ඇතිව තිබුණා. ජනාධිපතිතුමාට සෝල් නුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිවීම එම කතාබහට මුල් වුණා. ඇතැමුන් ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැන් ද්විත්ව පුරවැසිභාවයක් දරන නිසා ජනාධිපතිධුරයට නුසුදුස්සකු බවට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් තතුදත් විද්වතුන් පෙන්වා දුන්නේ එය වැරදි අදහසක් බවත්…

ගෝඨා බය – භාතිය බරුකන්ද

ප්‍රශ්නය වන්නේ රණවිරු දඩයමට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැඳීමට ප්‍රතිඥා දෙන මේ කල්ලිය ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහ සටනට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ විසින් වැලිකඩ දක්කන විට දැක්වූ පුදුමාකාර නිහඬතාවයි. ගෝඨාභය රාජපක්ෂ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලු නිලතල පමණක් නොව විශ්‍රාම වැටුප පවා අහෝසි කර, යුද ජයග්‍රහණය සම්බන්ධයෙන්…

|

චෞරයන්ගේ වීරයෝ – සී. ජේ. අමරතුංග

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින කණ්ඩායමේ උදවියට එරෙහි දූෂණ හා අපරාධ සම්බන්ධ නඩු විභාග එකින් එක ඇරඹෙන බව පෙනෙන්නට තිබේ. බොහෝවිට විවේචනය තිබෙන්නේ එම කටයුතු ඉතා හෙමින් සිදුවීම සම්බන්ධයෙනි. ඇතැම්විට ආණ්ඩුවේම නායකයින් කියන්නේ මේ තත්ත්වය තමන්ට ද ප්‍රශ්නයක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ උදවිය ආරක්ෂා කරන බවට අනියමින් චෝදනා එල්ලවන අවස්ථා ද දකින්නට ලැබුණි. ඒ…

ඇතුවත් බැරි නැතුවත් බිස්නස් – නිශාන්ත කමලදාස

“බිස්නස් කරන්නේ මුදලාලි ලා ය. ඉගෙන ගත් මිනිසුන් නොවේ ය. ඉගෙන ගත් මිනිසුන් කරන්නේ රස්සා ය“. මේ අප බොහෝ දෙනෙකුට සිතන්නට පුරුදු කර ඇති ක්‍රමය ය. උගත්කම ලොකුවට සළකන සමාජයක “බිස්නස්“ කාරයාට ඇත්තේ කුඩම්මාගේ සැළකිල්ලක් ය. ඒ නිසා ඇතැම් ව්‍යාපාරිකයන් ද පුරුදුව ඇත්තේ සිය දරුවන්ට අධ්‍යාපනය දී තමන්ට නොලැබුණා යැයි හිතන “තැන“ අරන් දීමට ය….

හොරාට කලින් කැන වැට පැනීම හෙවත් 2020 දී රටේ නායකයා තේරීම – භාතිය බරුකන්ද

‘‘හොරාට කලින් කැණ වැට පණිනවා’’ කියලා බොහොම පැරණි කතාවක් අප අතර තිබෙනවා. දේශපාලනයේදී බොහොම සුලභ මේ වැඬේ ඇතැම් වෙලාවට සිද්ධ වෙන්නේ විශ්වාස කරන්නත් බැරි තරම් මජර විදිහටයි. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි ඉතාම සමීප උදාහරණය වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ දියත් වෙමින් තිබෙන මාධ්‍ය සහ පෝස්ටර් මෙහෙයුමයි. මේ මාධ්‍ය…

ජාතියේ හද ගැස්ම – එම් . ඕ . ඒ . ද සොයිසා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කුමණ ආකාරයකටද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මය පදනම් කර ගෙනද නැතිනම් මෙයට අවුරුදු තුන්දහසකට පමණ පෙර ග්‍රීසියේ ජීවත් වූ ප්ලේටෝ නමැති දේශපාලන දාර්ශනිකයා හඳුන්වා දුන් බෙදාහැරීමේ යුක්තිය නමැති මූලධර්මය පදනම් කර ගෙනද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මයට අනුව නීතිය ක්‍රියාත්මක වනවා නම් එය කළ යුත්තේ නීතිය ඉදිරියේ සියලූ…

පෞද්ගලික අධ්‍යාපනයත් නිදහසේ අංගයක් – මහාචාර්ය කෝලිත එච්. සෙල්ලහේවා – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල

සයිටම් අර්බුදය විසදී ඇතත් සයිටම් උපාධිධාරී වෛද්‍ය සිසුන්ගේ ප්‍රශ්නය පිළිබද ඇත්තේ දෙගිඩියාවකි. ඒ පිළිබද සහ මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය පිළිබද විශේෂ අවධානය යොමු කරමින් විශේෂඥ වෛද්‍ය කෝලිත එච්. සෙල්ලහේවා එහා ඉවුරට එක් වේ. * සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විරෝධතා ඇති වුණා. ඔබ මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන සම්බන්ධයෙන් දරන මතය කුමක් ද? පළමුවෙන්ම…

| |

අාප්ප කෑ හමුවේ කතාබහ ජනාධිපති කොරියාවේදී හෙළිකරයි

* කොරියානු ජනපතිගෙන් සප්‍රයිස් වැඩක් * * එජාපයට සහතිකයක්* * ආපදා විපත් ගැන දිනේෂ්ගෙන් පැමිණිලි* ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ව ගෙනයන යහපාලන ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා නිකවැරටියේ දී කළා . එහි පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිතුමා කීවේ වෙන් වීම ඉතා පහසු බවත්, වඩාත් අපහසු වන්නේ රටේ අවශ්‍යතාව සලකා එක්ව කටයුතු…

ජනවාරි අට ජය අයිතිය කාටද? – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ජනවාරි අට ජයග්‍රහනයෙ අයිතිකාරයන් කවුද කියල මුල ඉදන්ම ‍ලොකු විවාදයක් තිබුණ කියල කී‍වොත් නිවැරදියි.  එක්සත් ජාතික පක්ෂයෙ සාමාජිකයො හිතුවෙත් තවමත් හිතන්නෙත් එක්සත් ජාතික පක්ෂය නැත්නම් පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රී හබක් කියලයි. අනිත් පැත්තෙන් ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මෛත්‍රි හිතවාදින් හිතන්නෙ අපේ ලොක්ක පොදු අපේක්ෂකය වුණේ නැත්නම් යූ.එන්.පී. එක බම්බු ගහයි කියලයි. මේ කාරණා දෙකේ ඇත්ත…

යහපාලන වෙනසට ජීවය දුන් සහයෝගීතාව ඉදිරියටත්… – භාතිය බරුකන්ද

මෙවැනි අති ධනාත්මක තත්ත්වක් තුළ ජනාධිපති ‍ෙමෙත්‍රීපාල සිරිසේන මහතා හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික දේශපාලන වෙනස සඳහා ජීවය ලබා දුන් දේශපාලන සහයෝගීතාවයේ පෙකණිවැල සියතින්ම කපා දමනු හෝ දේශපාලන අවස්ථාවදයට ඒ සඳහා අවස්ථාවක ලබා දෙනු ඇතැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නැත. ජනවාරී 08 වෙනස වෙනුවෙන් ඇප කැප වූ සියලුම යහපාලනවාදී බලවේගයන්ගේ අපේක්ෂාව වන්නේ ඒ යුග මෙහෙවර අවසන් වනු…