රාජපක්ෂවරුන්ගේ දුෂිත පාලනයකට නැවත ඉඩ තබන්නේ නැ – අගමැති රනිල්

වසර දහයක රාජපක්‍ෂ පාලනය තුළ බඩු මිල අඩු හා වැටුප් වැඩි නොකිරීමට හේතු පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා රටට ප්‍රකාශ කළ යුතු බව පැවැසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ බඩට ගහන රාජපක්‍ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ නොතබන බව 06 වැනිදා සිරිකොතදී පක්‍ෂ මූලස්ථානයේදී පැවැසීය. ගෙවුන වසර පහ තුළ ඉතා අමාරුවෙන් ගොඩනැගූ ප්‍රගතිය ආපසු හැරවීමට ඉඩ නොදී එය…

සජිත් නිසා ‌ගෝඨා පරාදයි – තරඟයේ වැඩි වාසිය සජිත් ප්‍රේමදාසට – වික්ටර් අයිවන්

ජනාධිපතිවරණයකට මුලු රටම සූදානම් වෙලා තියෙනව. නමුත් ඊළඟ ජනාධිපති ඉන්න ජනාධිපතිට තරම්වත් බලයක් නැති නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් තමයි තේරීපත්වෙන්නෙ. ඒක මහජනයා හොඳින් දන්නෙ නෑ. මේ ජනාධිපති තේරීපත් වු මොහොතේ සිටම රාජ්‍යයේ සියලු බලතල ආපහු පාර්ලිමේන්තුවට යනව. ජනාධිපතිවරයාට ඇමති ධුරයක්වත් දරන්න බෑ. ඇත්තටම එයා බොහෝදුරට නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් පමණයි වෙන්නෙ. නමුත් විලියම් ගොපල්ලව ගත්තොත් එයා තෝරාපත්කර ගත්තෙ අගමැතිවරයා…

මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් බිහි කිරීමට මේ ජනාධිපතිවරණය යොදා ගන්න – සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

මා මීට පෙර බොහෝ වර යාපනයට පැමිණ තිබුණත්, අද පැමිණියේ, බොහෝම සතුටින් විශේෂ ගමනක්. ඒකට හේතුවක් තියෙනවා. මේ ගමන කිසි ම ආකාරයකින් පෞද්ගලික අරමුණු ඇතිව ආව එකක් නොවෙයි. අපි සියලු දෙනාගේ ම ජීවිත සතුටින් තියන්න පුළුවන් වෙනස් අරමුණක් වෙනුවෙන් අද ආවේ. ඒ පොදු හැඟීම නිසා අපේ හදවත් අද සතුටින් පිරිලා තියෙන්නේ. යුද්ධය දෙදහස් නවය අවුරුද්දේ…

පොහොට්ටුව ඇතුලේ අවුල්… අපට හැදි දෙකකින් බෙදනවා..- චන්දිම වීරක්කොඩි

මේ වන විට පක්ෂය අභ්‍යන්තරව ඇතිවී තිබෙන අවුල විසඳා දෙන ලෙස නායකත්වයෙන් ඉල්ලීමක් කළ බව ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. පක්ෂය තුල මේ වන විට හැඳි දෙකකින් බෙදන ප්‍රතිපත්ති විරුද්ධ බවද ඔහු පැවසීය. කෙසේ නමුත් තමන් එක්සත් ජාතික පක්ෂයට යාමට තීරණයක් ගෙන නැතැයිද පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂ සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට…

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සහය දෙන්නේ නැහැ – වෙල්ගම

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අද(7) පවසා ඇත . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතු බවට වන ස්ථාවරයේ තමන් දැඩිව සිටින බවත් පැවසූ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුනහොත් කෙටිකාලීනව දේශපාලන විවේකයක් ලබා…

අනුර සහ සජිත් එයි. ගෝඨාට මහජන වේදිකා බිය !- නාවේ අපේක්ෂකත්වය ශුවර් නැති නිසා – ඩලස්

මාර්තු 12 ව්‍යාපාරය සහ ඒප්‍රියල් තරුණ සංවිධානය විසින් සංවිධානය කරන, 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවකට ගොනු කරන ‘මහජන වේදිකාව’ මේ වනවිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එහි පළමු සාකච්ඡා වාරය විකල්ප ‍අපේක්ෂකයන් වෙනුවෙන් වෙන් කළ අතර දෙවැනි සාකච්ඡා වාරය ප්‍රධාන අපේක්ෂකයන් වෙනුවෙන් වෙන්කර තිබේ. ඒ අනුව මේ වනවිට දෙවැනි සාකච්ඡා…

පැරදුණ තේනුවර සහ වියන්ගොඩ – නීතීඥ අථිල අතාවුද

චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යනු එකවරම අහසින් පහත් වූ චරිත දෙකක් නොවේ. චන්ද්‍රගුප්ත තේනුවර එජාපයේ ඉත්තෙකු යැයි කියවුණද 88-89 වකවානුවේ අතුරුදන් වූවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකර ඇත්තෙකි. දිගින් දිගටම සක්‍රීය ලෙස උගතෙකුගෙන් කළාකරුවකුගෙන් අපේක්ෂා කළ හැකි අන්දමේ පරිණත දේශපාලනයක නිරත වූවෙකි. තමාගේ ක්ෂේත්‍රය වන චිත්‍ර කලාවේදී ඉතා ප්‍රබල භාව ප්‍රකාශකයෙකි. ගාමිණී වියන්ගොඩ හඳුනා ගැනීම…

‘ගෝඨාබය පුරවැසිකම ඉල්ලා නැහැ’- ඇමති වජිරගෙන් බරපතල ප්‍රකාශයක්!

ගෝඨාබය රාජපක්ෂ 2005 දී ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් නොමැති බව අභියාචනාධිකරණයට දන්වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානකද සිල්වා ඊයේ (ඔක්.03) අභියාචනාධිකරණයේදී ප්‍රකාශ කර තිබේ. නීතිඥ චානක ද සිල්වා මේ බැව් පැවසුවේ ගෝඨාබය රාජපක්ෂගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම් පත සහ ද්විත්ව පුරවැසිභාවය සනාථ…

|

අපේක්ෂකත්වය දිනාගත් සජිත්ටත් පක්ෂය රැකගත් රනිල්ටත් සුභපැතුම් ; සජිත්ට එක්වූ සමාජවාදියෝ ; රණවිරුවන් හමුවෙන්න ගෝටා බෑ කියලා

පොහොට්ටු අපේක්ෂකයා ලෙස ගෝඨාභය පත් වූයේ පසුගිය මස 11 වැනිදාය. ඔහු එම අපේක්ෂකත්වය ලබාගත්තේ වටේ සිටි හමුදා අංශ ඇතුළු බොහෝ දෙනේකුගේ දැඩි බලපෑම් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට එල්ල කරමින් බවට මතවාද පවතී. එජාපය තුලද අපේක්ෂකත්වය පිළිබඳව පැවැතුනේ සීතල අරගලයකි. අවසානයේ අගමැති රනිල්ගේ පූර්ණ එකඟතාවයෙන් අගමැතිවරයා විසින්ම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සජිත්ගේ නම යෝජනා කරනු ලැබූ පසු…

පිළිතුරු දෙන අපේක්ෂකයින් හා සැඟවෙන අපේක්ෂකයින්

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු නාම යෝජනා භාරදීමටත් පෙර සිටම උණුසුම් අයුරින් රට පුරා සිදුවෙමින් තිබේ. මෙවර එහි විශේෂත්වයක් වන්නේ ජනතා සභාව නම් ජනතාව සමග සිදුකරගන්නා සංවාද අවස්ථාවක් සහිත සම්මන්ත‍්‍රණ මාලාවය. ඇතැම් අපේක්ෂකයින් මාධ්‍යවේදීන්ට පවා ප‍්‍රශ්න ඇසීමට ඉඩ නොදෙන තත්වයක් යටතේ මෙම ජනතා සභාවලදී අනුර දිසානායක විසින් තම…

|

ව්‍යාජ දේශප්‍රේමය – ‘’යුද්ධය මිනිසා සංවේ දී මානවයකු නො කරයි. එය මිනිසා තිරිසනකු බවට පරිවර්තනය කරයි” – ආචාර්ය සුනිල් රණසිංහ

ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක්ගේම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ පංතියේ ආකර්ෂණය සඳහා කරන ව්‍යාජ රංගනයේ කොටසකි. මොවුහු බල දේශපාලන ස්වේත මන්දිරයේ හුරතල් විකටයෝය. ශරීරය අභ්‍යන්තරයේ ඉතා භයානක සටනක් සිදුවෙමින් පවතින වග මහලු මිනිසෙක් සිය…

සොලිසිටර් ජෙනරාල් (හිටපු) – අනුර සූරියබණ්ඩාර

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යනු මෙරට සිටි සොලිසිටර් ජෙනරාල්වරියයි. සොලිසිටර් ජෙනරාල් යනු නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියාය. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු දෙවෙනියා පමණක් නොවේ. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වේ. ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කරනු ලැබුවේ දෙදහස් පහළොවේ දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව විසිනි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරමින් සිටියදී මහින්දවාදී…