ජනවාරි 8 ව්‍යාපාරය හැදුවේ මහින්ද රාජපක්ෂ එලවන්න විතරක් නෙවෙයි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
යහපාලන රජයට අවුරුදු දෙකක් සම්පූර්ණයි. දැන් ගෙවෙන්නෙ තෙවන වසර. ගෙවීගිය දෙවසර ගැන ආපසු හැරීමේ බැලීමේදී සෑහීමකට පත්වෙන්න පුලූවන්ද? සාමාන්‍යයෙන් අපි හිතන්න පුරුදුවෙලා තියෙන මට්ටමෙන් බැලූවොත් සෑහීමකට පත්වෙන්න බෑ. ආණ්ඩුවකින් රටේ ජනතාව යම් දේවල් අපේක්ෂා කරනව. ජනවාරි 8 වෙනිදා ව්‍යාපාරය තුළ ජයග්‍රහණයට පදනම් වශයෙන් විශාල බලාපොරොත්තු, අපේක්ෂාවන් රාශියක් ගොඩනැගුණා . එකපැත්තකින් එවැනි බලාපොරොත්තු විශාල වශයෙන් ගොඩනැගුන…
