පොහොට්ටුවේ ජයග‍්‍රහණයේ සෙළුව හෙළි කරමින් ආර්. සම්බන්ධන් කළ අනතුරු ඇගයීම නිවැරදිව වටහා ගන්න – භාතිය බරුකන්ද

පොහොට්ටුවේ ඊනියා ජයග‍්‍රහණයෙන් වල්මත්ව යහපාලන ආණ්ඩුව පළවා හැරීම සඳහා පළමු වෙඩි මුරය තැබීමට පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවට රැුස් වූ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොහොට්ටු කල්ලියේ සියලූ බලාපොරොත්තු සහ සැලසුම් ලත්තැනම ලොප් වුණා. අවසානයේ පාර්ලිමේන්තු විවාදය එසේ නැතිනම් සැසිවාරය සුපුරුදු පරිදි පාළු ගෙයි වළං බිඳින තත්ත්වයට පත් කිරීමට පොහොට්ටු කල්ලිය පියවර ගත්තා. ඒ අතර මෙම විවාදයේ දී ඉතාම වැදගත් මෙන්ම බරපතළ ප‍්‍රකාශයක් දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් කළා.
‘‘පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා කිව්වා මේ ඡුන්දයේ තීන්දුව අනුව දෙමළ ඊළම නැවත නැගිටිනු ඇතැයි කියලා. හිටපු ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාශයෙන් මම තැති ගත්තා. දෙමළ ඊළම නිර්මාණය වන බව ඔහු කියන්නේ කොහොමද ? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අහිංසක සිංහල ජනතාව නොමග යවන සුලූ ද්වේෂ සහගත, කුරිරු අස්ථිර ක‍්‍රවේදයක්. රාජපක්ෂ මහතා මේ ක‍්‍රමවේදයෙන්ම කටයුතු කළහොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොවෙයි ඔබේ ම නෙළුම් පොහොට්ටුව මතින්. දෙමළ ජාතික සන්ධානය මේ ප‍්‍රශ්නයට විසඳුම් බලාපොරොත්තු වන්නේ නොබෙදුණු තනි රටක් තුළියි ’’
ආර්. සම්බන්ධන් මහතාගේ මෙම දැඩි ප‍්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ජයග‍්‍රහණයේ කැත සෙළුව මනාව නිරාවරණය කරන එකක් වශයෙන් ඉතාම පැහැදිලිව පෙනී යනවා. ඒ වගේම පොහොට්ටුවේ ඊනියා ජයග‍්‍රහණය ගැන කියමින් මුළු රටම ආපස්සට හැරවීමට කැසකවන වාසුදේව නානායක්කාර වැනි ඊනියා වාමවාදීන්ගේ පවා සෙළුව හොඳින් පැහැදිලි කරන එකක්. සරලව කිවහොත් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කල්ලිය විසින් 2005 සිට අඛණ්ඩව ගෙන යන බිහිසුණු මිත්‍යාව, එසේ නැතහොත් බිල්ලා යළි යළිත් මේ රට තුළ හොල්මන් කරන බව තහවුරු කරන ප‍්‍රබල ඉඟියක් වශයෙන් සම්බන්ධන් මහතාගේ ප‍්‍රකාශය සැලකිය හැකියි. ඒ වගේම මෙම ප‍්‍රකාශ මගින් මහින්ද රාජපක්ෂ මහතාට ඉතාම ප‍්‍රබල සංඥාවක් ද ලබා දෙන බවක් දැකිය හැකියි.
පොහොට්ටුවේ ජයග‍්‍රහණයෙන් මෝහණයට පත්ව සිටින සාමාන්‍ය ජනතාව පමණක් නොව ඊනියා ප‍්‍රවෘත්ති මවමින් නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතයක් සිදු කරමින් සිටින ඇතැම් ජනමාධ්‍යවල පවා ඇස් ඇරවන සම්බන්ධන් මහතාගේ මෙම ප‍්‍රකාශය ගැන සිදුවිය යුතු ආකාරයට ම සිංහල භාෂීය කිසිදු මාධ්‍යයකින් කිසිදු ඉඩක් ලැබී තිබුණේ නැහැ. එය ප‍්‍රවෘත්තියක් වශයෙන් වාර්තා කළේ වෙබ් පුවත්පත් කිහිපයක් පමණයි. මෙවැනි හුදකලා තත්ත්වයක් තුළ අප සම්බන්ධන් මහතාගේ ප‍්‍රකාශය ගැන සේම ඔහු කියන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා අතින් එවැනි ද්වේෂ සහගත කුරිරු භාවිතයක් සිදු වුණාද ? ඒ කෙසේද යන්න ගැන විමසා බැලීමක් සිදුකළ යුතුයි.
පොල්බෑයේ දේශපාලනය
සමස්ත ඡුන්ද ප‍්‍රතිශතයෙන් සියයට 44ක් ලබා ගෙන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි වහසි බස් දොඩවන මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොහොට්ටු පක්ෂයේ මුළු මැතිවරණ ව්‍යාපාරයම ඉතා පටු හා අන්තවාදී ස්ථානයක ගොනුව තිබුණ බව එහි ආරම්භයේ සිටම දැකිය හැකි වුණා. එය කිසිදු ප‍්‍රතිපත්තියකින් හෝ ඉදිරි වැඩපිළිවෙළකින් තොර සම්පූර්ණයෙන්ම ගොබෙල්ස්වාදී භාවිතයක් තුළ සිදු වුණ දෙයක්. උදාහරණයක් ලෙස දකුණේ සෑම මැතිවරණ වේදිකාවකදීම මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් විමසූ පොදු ප‍්‍රශ්නය වූ ‘‘දැන් පොල් ගෙඩියක ගාණ කීයද ?’’ යන ප‍්‍රශ්නය සැලකිය හැකියි. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා ම වෙන කිසිදු වැඩක් නොකර රට පුරාම පොල් හිටෙව්වත් ඒ පොල්වල ගෙඩි කඩා ගන්න අඩුම ගානේ අවුරුදු තුනක් තුනහාමාරක් ගත වන බව දැන දැනම මහින්ද රාජපක්ෂ මහතා පොල් බෑයේ දේශපාලනය කළේ මෙවැනි ඊනියා කතා මගින් බන්දුල ගුණවර්ධන මහතා පසුව ප‍්‍රකාශ කළ පරිදි දකුණේ පොල්ලෙලි ඡුන්දදායකයින් පහසුවෙන් රැුවටිය හැකි බව දන්නා නිසයි.
පොල්බෑයේ දේශපාලනය ඉක්මවා ගිය පොල්බූරු කතා රැුසක් පොහොට්ටුවේ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ ඉහළට ඔසවා තිබුණා.
x මහ බැංකුව හොරා කෑවා.. ගමේ සමෘද්ධි බැංකුවත්, ග‍්‍රාමීය බැංකුවත්, සමූපකාර බැංකුවත් කොල්ලකන්නද ?
x රටේ පාලනය දුෂිත කළා… ගමේ පාලනයත් දුෂිත කරන්නද ?
x රටේ ආරක්ෂාව නැති කළා… ගමත් අනාරක්ෂිත කරන්නද ?
x වෛරයෙන් ද්වේෂයෙන් රටේ දේශපාලන මනුස්සකම් නැති කළා… වෛරී පළිගැනීම් ගමටත් ගේන්නද?
x හම්බන්තොට වරාය ඇතුළු රටේ සම්පත් වික්කා… ගමේ ක‍්‍රීඩා පිටිය, පුස්තකාලය, ප‍්‍රජාශාලාව විතරක් නෙවෙයි අදාහනාගාරයත් විකුණන්නද ?
x රටේ ආගමික නායකත්වයට හිමි ගෞරවය විනාශ කළා… ගමේ පන්සල, පල්ලිය සහ කෝවිලත් වනසන්නද ?
x රටේ පාසල් සහ විශ්වවිද්‍යාල අවුල් කළා…. ගමේ පාසලත්, පෙර පාසලත් විනාශ කරන්නද?
x රට් පාතාලය පෝෂණය කළා … ගමෙත් පාතාලයක් හදන්නද ?
x රටේ අභිමානය නැති කළා.. ගමේ අභිමානයත් නැති කරන්නද ?
x රටේ සභ්‍යත්වය වැනසුවා… ගමේ සභ්‍යත්වයත් වනසන්නද ?
x රටට කුඩු බෝ කළා… ගමටත් කුඩු බෝ කරන්නද ?
මේ පොහොට්ටුව පළාත් පාලන මැතිවරණයයේ ප‍්‍රචාරක කටයුතු අවසන් වන පෙබරවාරි 07 වැනිදා ජාතික පුවත්පත් සියල්ලේම පාහේ සම්පූර්ණ පිටුවක් පිරෙන්න ප‍්‍රසිද්ධ කළ දැන්වීමක් මගින් කී කතා.
මේ ප‍්‍රකාශ 11ට ම ඉතාම පැහැදිලි පිළිතුරු පොහොට්ටු කල්ලියේ අනුත්තර නායකයාගේ සිට ගමේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයා දක්වා සියලූ දෙනාටම කණ්ණාඩියක් ඉදිරියට ගියවිට ඉතාම පැහැදිලිව දැක ගත හැකි වුණත් ඔවුන් කිසිදු විලිබියකින් හෝ චකිතයකින් තොරව මෙවැනි සාවද්‍ය දැන්වීම් ප‍්‍රචාරය කළා. ඒ හරහා ජනතාව තුළ යහපාලන ආණ්ඩුව සිදුකළ සියලූම සාධනීය හා ඉදිරිගාමී කටයුතු යටපත් කරලා දැම්මා. මෙහි අවසාන ප‍්‍රතිඵලය වුණේ මොරගහකන්දේ දියවරෙන් මුල්වරට තෙත් වූ පොළොන්නරුවේ, අනුරාධපුරේ ගොවි ජනතාව පවා ඒ ගැන කිසිදු කෘතගුණ සැලකීමකින් තොරව රජරටට එක වැවක් හදා නොදුන්න පොහොට්ටුවේ නායකයින් යළි ඔසවා තබන්න තමන්ගේ ඡුන්දය භාවිත කිරීමයි.
රජරට ඇතුළු ඈත ග‍්‍රාමීය පළාත්වල අහිංසක ගොවිජනතාව ප‍්‍රමුඛ ගම්වාසීන් එසේ හැසිරෙද්දී, රුපියල් 10,000කින් වැටුප් වැඩිකර ගත්ත, අවුරුදු තුනක් පුරා අත්‍යවශ්‍ය භාණ්ඩවල (විදුලිය, ගෑස්, ජලය, ඉන්ධන ඇතුළු* දකුණේ සහ බස්නාහිර පළාත්වල රාජ්‍ය සේවකයින් ඇතුළු සිංහල බෞද්ධයින් අති බහුතරයකත් යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන් සියලූ ආර්ථික, දේශපාලන වටිනාකම් ගැන කිසිදු තැකීමකින් තොරව තමන් විසින් ම ළඟ ළඟ දෙවතාවක් (2015 ජනාවාරි 08, අගෝස්තු 17* පරාජයට පත් කළ මහින්ද රාජපක්ෂ යළි ඔසවා තබන්න තමන්ගේ ඡුන්දය භාවිත කළා. මහරගම වැනි අති නාගරික, උගත් යැයි සම්මත ජනතාවක් තමන් කිසිමදාක දැක නැති මිනුවන්ගොඩ මාමයිට් වත්තේ අපේක්ෂකයින් කණ්ඩායමක් තමන්ගේ ගමේ නියොජිතයා කර ගන්න බයිසිකලේට නැග්ගා.
මේක වුණේ කොහොමද ? දේශපාලන කුහකත්වයෙන් තොරව කතා කළොත් ‘‘මහින්ද දකුණේ සිංහල බෞද්ධයින්ගේ ඡුන්ද ටික යළිත් වරක් තමන්ගේ මල්ලට දා ගත්තේ කොහොමද ?’’
අනපේක්ෂිතව සිදුවුණ පොහොට්ටුවේ ඉදිරියට ඒමෙන් බෙදී වෙන්වී කුලල් කා ගෙන ඡුන්දය කළ යහපාලනයේ ප‍්‍රධාන පක්ෂ දෙක වන එජාපය හා ශ‍්‍රීලනිපය කැළඹුණා. ‘‘ජයග‍්‍රාහකයාට පියවරු සියයයි – පරාජිතයා අවජාතකයි ’’ කියන කියමන යළි යළිත් සනාථ කරමින් නැති දේශපාලන අර්බුදයක් ඇති කරගෙන යළි ෆැසිස්ට් පාලනයකට පාවඩ එල්ලන දිව්වා. ඒ පොදු හතුරා කවුදැයි නිසි පරිදි හඳුනා නොගෙන යහපාලන බලවේග කළ මේ අවුලෙන් තමවත් ගැළවීමක් නැති බව පේනවා. මොහොතින් මොහොත පරාජිත ෆැසිස්ට් බලවේග ශක්තිමත් වෙමින් සිටිනවා.
සම්බන්ධන් කළ සොයා ගැනීම
මෙම ලේඛකයාගේ ද පුද්ගලික අදහස වන්නේ ද ආර්. සම්බන්ධන් මහතා මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී සිදුකළ බව කියන කතාව සත්‍යයක් බවයි. මන්ද යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන් සියලූ වටිනාකම් අඛණ්ඩව බුක්ති විඳිමින් දකුණේ සිංහල බෞද්ධ බහුතරය ජීවත් වන පළාත් පාලන ආයතන සියල්ලෙන්ම පාහේ මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව බහුතර බලයක් දිනා ගැනීමේ රහස ඔවුන් විසින් පසුගිය තෙවසරක කාලය පුරාම අඛණ්ඩව ගෙන ගිය ‘‘දෙමළ ඊළම නැවත නැගී සිටීම’’ පිළිබඳ දැවැන්ත ප‍්‍රවාදය බවයි. එසේ නොමැතිව විශේෂයෙන් ආර්ථිකමය කාරණා සේම මහ බැංකු බැඳුම්කර සිදුවීම, හොරු නොඇල්ලීම වැනි කරුණු දකුණේ සිංහල බෞද්ධ ජනමතයට දැඩි බලපෑමක් සිදු නොකළ බවයි. ඒ සඳහා ලබාදිය හැකි පැහැදිලිව උදාහරණය වන්නේ සිංහල බෞද්ධ දේශපාලනයේ මර්මස්ථානයක් වන මහරගම නගර සභා බලප‍්‍රදේශයෙන් පොහොට්ටුවේ ඉත්තෙක් වූ බයිසිකලය ලැබූ ජයග‍්‍රහණයයි. තමන්ගේ ගමෙන් බලයට පත් වන තමන්ගේ නියෝජිතයාගේ නමවත් නොදැන මහරගම ඡුන්දදායකයින් සිදුකළ පරමාධිපති බලය අභ්‍යාස කිරීම සංසන්දනය කළ හැකි වෙනත් නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් ලෝක ඉතිහාසයේ පවා තිබේද යන්න සැක සහිතයි.
මේ අනුව අපට අවධාරණය වන්නේ ආර්. සම්බන්ධන් මහතා විසින් හඳුනාගත් පොහොට්ටුවේ ජයග‍්‍රහණයේ බීජය පැහැදිලිව ‘‘දකුණේ ජාතිවාදය හා ආගම්වාදය ඇවිලීම’’ වන බවයි. මේ බව බේරුවල ප‍්‍රාදේශීය සභාවෙන් පොහොට්ටුව ලබාගත් අනපේක්ෂිත ජයග‍්‍රහණය මගින් ද මනාව පැහැදිලි වෙනවා.
දකණේ සිංහල බෞද්ධ ඡුන්ද ජාතිවාදී පදනමින්, ආගම්වාදී පදනමින් අඛණ්ඩව අවුළන ලද භීතිය හේතු කොට ගෙන පොහොට්ටුවට වැටෙද්දී සුළු ජනතාව (ජාතික හා ආගමික වශයෙන්* ජීවත් වන කිසිදු පළාත් පාලන ආයතනයක හෝ කොට්ඨාශයක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට පොහොට්ටුවට නොහැකි වීම තුළින් ද (උදාහරණ වශයෙන් බියගම ප‍්‍රාදේශීය සභාවේ මල්වාන (මුස්ලිම්* කොට්ඨාශය, මීගමුව මහ නගර සභාව (කතෝලික* මාවනැල්ල (මුස්ලිම්* කොළඹ මහ නගර සභාව (මුස්ලිම් හා දමිළ* ඇතුළු එජාපය හා ශ‍්‍රීලනිපය ජයගත් සියලූම පළාත් පාලන ආයතන සුළුජන ඡුන්ද බහුතරයක් හෝ තීරණාත්මක ප‍්‍රමාණයක තිබුණ පළාත් පාලන* ඉතාම පැහැදිලිව වටහා ගත හැකියි. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල ගැන නැවත නැවත විශ්ලේෂණයේ යෙදෙන එජාපය, ශ‍්‍රීලනිපය මේ වාර්ගික හා ආගමික ධ‍්‍රැවීකරණය හැසිරෙන ආකාරය ගැන වඩාත් සංවේදී විය යුතුයි. මන්ද මහින්ද (පොහොට්ටු* විරෝධී බව ඉතාම පැහැදිලිව දැකිය හැකි සියයට 56ක් වන ඡුන්ද පදනම තුළ අති බහුතරයක් වන්නේ මේ රටේ සියයට 31ක් වන සුළුජන ඡුන්දයි. 2015 දී සිදු වූ ආකාරයෙන් (2005 හා 2010ද* මෙම පළාත් පාලන මැතිවරණයේදී ද දකුණේ සුළු ජාතීන් අති බහුතරය ඉතාම පැහැදිලිව මහින්ද රාජපක්ෂ විරෝධය අඛණ්ඩව වගේම ශක්තිමත්ව ද පළ කරමින් සිටිනවා.
වටහාගත යුතු දේශපාලන සත්‍ය කුමක්ද ?
මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පාර්ශ්වය පසුගිය කාලය පුරාම තම දේශපාලන න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛත්වය ලබා දුන්නේ දකුණේ සිංහල බෞද්ධයින් පිනවීම සඳහා බව ඉතාම පැහැදිලියි. ඔවුන් විසින් 2005 සිට අඛණ්ඩව ගෙන ගිය ගොබෙල්ස්වාදී ප‍්‍රචාරයේ අස්වැන්න ඔවුන් විසින් අඛණ්ඩව නෙළාගනිමින් සිටින බව ද අපට මේ ඡුන්ද ප‍්‍රතිඵල අනුව පැහැදිලි වෙනවා.
එහෙත් ප‍්‍රශ්නය වන්නේ ‘‘කොටියා එනවෝ රට බෙදනවෝ ’’ කියන මේ ඊනියා කතාවේ දේශපාලන ප‍්‍රතිවිපාකවලට මහින්ද රාජපක්ෂ මහතාට 2015 දී මෙන්ම 2018 දී ද ඍජුව මුහුණදීමට සිදුවීමයි. එජාපය ප‍්‍රමුඛ යහපාලන බලවේග දකුණේ සිංහල බෞද්ධයින් අතර තම තත්්ත්වය තහවුරු කර ගැනීමට යළි යළිත් අසමත්වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා විසින් අඛණ්ඩව එහි වැඩි ප‍්‍රතිශතයකට තරඟයකින් තොරව හිමිකම් කියනවා. දේශපාලනිකව ගතහොත් පසුගිය කාලය පුරාම අවධාරණය වී ඇති ආකාරයට ‘‘සිංහල බෞද්ධ ඡුන්දදායකයින් අතර වීරයාවීමට වෙනත් කිසිදු දේශපාලනඥයෙකුට තවත් කාලයක් ගතවන තෙක් අවකාශයක් නැති බව පැහැදිලියි. ඔවුන් මහින්ද රාජපක්ෂට තරඟයක් දීමට සූදානම් වන්නේ නම් ඉතාම පැහැදිලිව සිදුවනු ඇත්තේ තමන් ලැඟ සිටින අත්ත කපා ගැනීමයි.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතාට 2010 දී මෙන් සිංහල බෞද්ධයින්ගේ අති බහුතරයේ කැමැත්ත යළිත් දිනාගත හැකි වෙතැයි අපට විශ්වාස කළ නොහැකියි. ඒ නිසා 2020දී ද ඉතාම පැහැදිලිව සිදුවනු ඇත්තේ (මේ දේශපාලන ප‍්‍රවණතා කිසියම් ආකාරයක දැවැන්ත විකෘතියකට ලක් නොවුණහොත්* 2015 දී මෙන් ජනාධිපතිවරණයකදී මෙන්ම මහ මැතිවරණයේදී ද සුළුජන ඡුන්ද මුළුමනින්ම අහිමි වන රාජපක්ෂ පවුල පරාජයට පත්වීම ම පමණයි. (2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ වැඩි ඡුන්ද 184,000කින් පමණ බවත්, ඒ සඳහා උතුරේ ඡුන්ද වර්ජනය (කොටි පෙළඹවීම මත සිදු වූ* සම්පූර්ණයෙන්ම හේතු වූ බවත් අප අමතක නොකළ යුතු අතර 2015 දී ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයේ වැඩි ගෞරවය උතුරු නැගෙනහිර ඡුන්දදායකයින්ට හිමි විය යුතු බව ද අප අමතක නොකළ යුතුයි*
සම්බන්ධන් මහතා කළ අනතුරු ඇගයීම
මේ සමග ආර්. සම්බන්ධන් මහතා කළ ඍජු, පැහැදිලි අනතුරු ඇගයීම ගැනත් අපගේ අවධානය යොමු විය යුතුයි. ‘‘දෙමළ ඊළම නිර්මාණය වන බව ඔහු කියන්නේ කොහොමද ? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අහිංසක සිංහල ජනතාව නොමග යවන සුලූ ද්වේෂ සහගත, කුරිරු අස්ථිර ක‍්‍රවේදයක්. රාජපක්ෂ මහතා මේ ක‍්‍රමවේදයෙන්ම කටයුතු කළහොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොවෙයි ඔබේ ම නෙළුම් පොහොට්ටුව මතින්. දෙමළ ජාතික සන්ධානය මේ ප‍්‍රශ්නයට විසඳුම් බලාපොරොත්තු වන්නේ නොබෙදුණු තනි රටක් තුළියි ’’
බලය අල්ලා ගැනීම සඳහා යළි යළිත් ජාතිවාදය හා ආගම්වාදය පෝෂණය කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන දේශපාලන ක‍්‍රමෝපායේ අවසානය ඉතාම පැහැදිලිව යළිත් වරක් තීරණාත්මක පරාජයක තිත්ත රස දිවගා බැලීමට සිදු වීම වුවත් ඒ හරහා සිදුවන ජාතික විනාශය සුළුපටු නැති බව අප වටහා ගත යුතුයි. යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගියත් ලංකාවට ජාතියක් වශයෙන් නැගී සිටීමට නොහැකි වුණේ බලය උදෙසා රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් ගෙනයන අවස්ථාවාදී ක‍්‍රමෝපායන් නිසා බව අපට ඉතාම පැහැදිලියි. මේ ජනාවාර්ගික අස්ථාවරත්වය හා දුක්ගැනවිලි තව දුරටත් පැවතුණහොත් ලංකාවේ ඉරණම අවාසනාවන්ත එකක් වන බවත් ඉතාම පැහැදිලියි. ඒ නිසා යහපාලන නායකයින් විසින් ඉතාම කඩිනමින් සිදුකළ යුතු කටයුත්ත වන්නේ අර්. සම්බන්ධන් මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් සිදුකළ අනතුරු ඇඟයීමේ නිවැරදි මානය හඳුනා ගෙන තමන් සමග සිටින, සුළුජනතාවගේ සැබෑ දේශපාලන අභිලාෂයන් ඉටු කිරීම සඳහා අවංක උත්සාහයක් දැරීම පමණයි. යහපාලන නායකත්වය එසේ නොකොට ඔවුන්ද යළිත් සිංහල බෞද්ධ පොල්ලෙලි ඡුන්දවලට ඉව කිරීමට ගියහොත් ඔවුන් පමණක් නොව මුළු රටම යළිත් වරක් අගාධයට වැටෙන බව පැහැදිලියි.
එනිසා ඊනියා විශ්ලේෂණවලින් තොරව සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට යහපාලන බලවේග බුද්ධිමත් විය යුතු බව අපගේ විශ්වාසයයි. මන්ද තවත් ආණ්ඩුව සමග සිටින සුළුජනතාව පසුගිය තෙවසර තුළ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා රැුවටීමට ලක්ව සිටින බව අපට කිසිසේත් අමතක කළ නොහැකි නිසයි. ඔවුන්ට දැන් පය ගසා සිටින අත්තත් නැති වුවහොත් යළි අල්ලා ගැනීමට සිදුවන්නේ කුමන අත්තක් දැයි අපට වටහා ගත හැකියි. එනිසා අප අවසාන වශයෙන් අවධාරණය කරන්නේ පොල්ලෙලි ගැන නොව සැබෑ මිතුරන් ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *