ගැලරිය පිනවන කතා මැද දේශපාලන යථාර්ථය – භාතිය බරුකන්ද

පළාත් පාලන මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසන් අදියර ක‍්‍රමයෙන් ළඟා වෙමින් තිබෙනවා. ‘‘එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්’’ කියන්නා වාගේ ජනතාව බලාගෙන ඉන්නේ මේ අවසන් දින කිහිපය තුළ කුමක් වෙයිද කියලා දෙගිඩියාවෙන්. දේශපාලන කරුණම් වගේම දඩයම් ද රැුසක් සිදුවෙතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ කරුණු කාරණා සහිතව මිස හුදු විශ්වාසය නිසාම පමණක් නොවෙයි. බැඳුම්කර කොමිෂම, බරපතළ වංචා හා ¥ෂණ විමර්ෂණ කොමිෂය විසින් ඉදිරිපත් කළ අවසන් වාර්තා සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින දේවල් මේ සඳහා ප‍්‍රබල හේතුවක් වී තිබෙනවා.
මේ සිදුවීම් අතරතුර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලන වේදිකාවේදී කියන කරන ප‍්‍රකාශ මගින් ද ජනතාව තුළ දේශපාලන ආතතියක් නිර්මාණය කරලා තිබෙනවා. මෙහිදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කිරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවයි පැහැදිලිව නිරීක්ෂණය වන්නේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමස්ත මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු ආධිපත්‍ය්‍යට පත්ව තිබෙන බවක් දැකිය හැකියි. එය තනිකරම ‘‘තනි අශ්වයාගේ රේස් එකක්’’ බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ මැතිවරණ වේදිකාව උණුසුම්ව තබා ගැනීමට මෙන්ම වේදිකාව ඉදිරිපිට සිටින පාක්ෂිකයින්ට (පේ‍්‍රක්ෂකයින් බවට පත්ව සිටින* උත්තේජනයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ යම් යම් දැඩි සහ ආන්්්්දෝලනාත්මක ප‍්‍රකාශ කිරීමට සිදුව තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකියි. අපට පසුගිය සති කිහිපය තුළ, විශේෂයෙන් බැඳුම්කර කොම්ෂන් සභා වාර්තාව භාරදීමෙන් පසු ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාශවල එකතුවක් ලබාගත හැකි නම් ඉතාම පහසුවෙන් මේ තත්ත්වය හඳුනාගත හැකියි.
දෙපැත්ත කැපෙන කඩුව
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අමාත්‍යවරයෙකුව සිටි අවධියේ පවා ජනතාවට මතක හිටින කතා රැුසක් කියා තිබෙනවා. එතුමා ජනාධිපති පදවියට පත් වූ කාලයේදීම කළ ‘‘මඬුවළිඟයෙන් තලන්න ඕනෑ’’ කියන කතාවත් ආන්දෝලනාත්මක එකක් වුණා. ඒ වගේම බැඳුම්කර කොමිෂමේ වාර්තාව භාරගත් පසුව කළ ‘‘දෙපැත්ත කැපෙන කඩුව’’ කතාවත් ජනතාවට ඉතාම වැදගත් දේශපාලන සංඥාවක් ලබා දුන්නා. මේ වන විට ජනාධිපතිවරවා සහභාගී වන සියලූම මැතිවරණ රැුළි සේම සාකච්ඡුා දෙස බල විට මේ දෙපැත්ත කැපෙන කඩුවෙන් ජනාධිපතිවරයා වැඩ ගන්නා ආකාරය අපට පෙනී යනවා. මේ තත්ත්වය සරලව පැහැදිලි කළහොත් අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කඩුවෙන් එජාපය වගේම මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන (නිල නායකයා ජී.එල් වුණත්* පොහොට්ටුවත් ඇති තරම් බැට කන ස්වභාවයක් දැකිය හැකියි.
අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ වේදිකාවේ ප‍්‍රබලම ප‍්‍රහාරකයා බවට පත්ව සිටින්නේ එජාපයට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ද ඍජුව පහරදිය හැකි ශක්තිත්ම මෙවලමක් බවට පත්ව ඇති බැඳුම්කර හා බරපතළ මූල්‍ය වංචා 34ක් සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා තමන් අත තිබීම නිසා බව පැහැදිලියි. මේ තත්ත්වය මීට පෙර සිටි කිසිඳු ජනාධිපතිවරයෙකුට නොතිබූ සුවිශේෂ වාසිසහගත තත්ත්වයක්. ඔවුන් මෙවැනි මැතිවරණ අවස්ථාවකදී සිදුකළේ රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය අසීමිත ලෙස භාවිත කරමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් විපක්ෂ බලවේග දුර්වල කිරීමයි. ¥ෂණ ඇතුළු චෝදනා සම්බන්ධ ලිපි ගොනු තමා අත ඇති බව පවසමින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට සිදුවන පිල්මාරුවලට වැට බැඳීමයි.
එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ සියලූ ඍණාත්මක තත්ත්වයක් තීරණාත්මකව බැහැර කරමින්, මැතිවරණ නීතිරිතී අනුව සුපිරිසිදු මැතිවරණයක් සඳහා අවශ්‍ය සියලූ නායකත්වය හා පහසුකම් සපයා දෙමින් ප‍්‍රතිවාදී බලවේග ක‍්‍රමිකව දුර්වල කරමින් මැතිවරණ ව්‍යාපාරයේදී යළි තීරණාත්මක විය හැකි යැයි මේ වන විට ඉඟි පළවෙමින් තිබෙන ‘‘¥ෂණ විරෝධය’’ තම මැතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක තුරුම්පුව බවට පත්කර ගෙන තිබෙනවා.
මේක විශේෂ තත්ත්වයක්. පසුගිය කාලයේ පාලකයෝ කලේ ෆයිල් හංඟා ගෙන දේශපාලනඥයින්ව බ්ලැක්මේල් කළ එක. දැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිවරයා ෆයිල් එළියට දාලා ප‍්‍රතිවාදීන් නන්නත්තාර කරලා තිබෙනවා. මේක එජාපයට වැඩිය තීරණාත්මකව බලපාන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන පොහොට්ටුවට. බැඳුම්කර ගනුදෙනුව නිසා එජාපයට ලොකු මිලක් ගෙවන්න වුණත් (රවී කරුණානායක දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම හරහා* මහින්ද රාජපක්ෂට ඊට වඩා වැඩි මිලක් ගෙවන්න වෙන එක පැහැදිලියි. මොකද දැන් වේගයෙන් වගේම තීරණාත්මකව බැඳුම්කර කොමිෂම මහින්ද රාජපක්ෂ යුගය වෙත දෝලනය වෙමින් තිබෙනවා. ඊට වඩා බරපතළ වංචා හා ¥ෂණ විමර්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව. ඒකේ තිබෙන නිර්දේශ ගැන බැඳුම්කර කොමිෂමේ තරම් දැනුවත්භාවයක් ජනතාවට නැති වුණත් මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට අපරාධ නඩු දාන්න යැයි නිර්දේශ කිරීම, අජිත් පී. පෙරේරා ඇමැතිවරයා කියන ආකාරයට අයිටීඑන් මුදල් නොගෙවීම ගැන මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙස නිර්දේශ කිරීම වාගේ දේවල් වඩාත් ආකර්ෂණීයයි. ආණ්ඩුව මේ කතාව තාම ඒ හැටි වේදිකාවට ගෙනත් නැති වුණත් තවත් කාලයක් තිබෙනවා. 06 වැනිදා පැවැත්වෙන බැඳුම්කර කොමිෂමේ හා බරපතළ වංචා සහ ¥ෂණ විමර්ශන කොමිෂමේ අවසන් වාර්තා ගැන විවාදයේදී මේ තත්ත්වය වඩාත් හොඳින් ප‍්‍රකට විය හැකියි.
මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොහොට්ටු පක්ෂය දේශපාලන සටන් පාඨ අතින් ද දුර්වල වෙමින් සිටින බවක් දැකිය හැකියි. මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන සටන් පාඨයක් බවට ජීවන වියදම ඉහළ යාම, ගල්කිස්සේදී ප‍්‍රකාශ කළ ආකාරයට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම වැනි මැසිවිලි ඉදිරියට පැමිණෙන්නේ මේ තත්ත්වය තුළයි. අනෙක් අතින් බන්දුල ගුණවර්ධන, ගම්මන්පිල වැනි ප‍්‍රචාරකයින් බැඳුම්කර කොමිෂමේ පිටු සංඛ්‍යාව, අකුරු ලොකුවට මුද්‍රණය කිරීම වැනි හාස්‍යජනක සේම පදනමක් නැති කතාවලට පටුවෙමින් සිටින්නේ මේ තත්ත්වය තුළයි.
විදුලි පුටුව වෙනුවට ප‍්‍රජා අයිතිය
මහින්ද රාජපක්ෂ යුගයේ (2009න් පසු* පැවැත් වූ ජනාධිපතිවරණය (2010* මහ මැතිවරණය වගේම පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී ආර්ථික, දේශපාලන කාරණාවලට වඩා රාජපක්ෂ රෙජිමය හා ප‍්‍රචාරකයෝ ජනතාව හමුවේ වඩාත් සංවේදීව ඉදිරිපත් කළ කතාව වුණේ කුප‍්‍රකට ‘‘විදුලි පුටුව’’ කතාවයි. ‘‘යුද්ධය ජයග‍්‍රහණය කළ’’ ‘‘මාතෘභුමිය බේරාගත්’’ ආදි විශේෂණ පද යොදමින් ඔවුන් අවධාරණය කළේ විපක්ෂය ජයග‍්‍රහණය කළහොත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාපක්ෂ පවුල සහ රණවිරුවන් විදුලි පුටුවට, ජාත්‍යන්තර යුධ අධිකරණයට රැුගෙන යාමට බටහිර රටවලට එය අවස්ථාවක් වන බවයි. ශ‍්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් තබා නැති තත්ත්වයක් හමුවේ එවැනි කිසිදු අවදානයක් නොමැති තත්ත්වයක් යටතේ පවා රාජපක්ෂ රෙජිමය විදුලි පුටුවේ කතාව හොඳට මාකට් කළා.
ඒත් මෛත‍්‍රී – රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුදු තුනක් ගත වෙන කොට මේ විදුලි පුටු කතාව තව දුරටත් මාකට් කරන්න පරාජිත රෙජිමයට නොහැකි වෙලා තිබෙනවා. රට බෙදන, බටහිරට රට විකුණන කතා විමල් වීරවංශ වැනි කිහිප දෙනකුගේ කටින් විටින් විට පිට වුණත් ඒවාට තව දුරටත් දේශපාලන වටිනාකමක් නැති බව පැහැදිලි වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ ‘‘රට බේරාගත් වීරයාගේ ප‍්‍රජා අයිතිය රැුක ගැනීම සඳහා මෙම මැතිවරණය අවියක් කර ගනිමු ’’ යන සටන් පාඨය ඉදිරියට ගෙන ඒමේ සූදානමක් අපට දැකිය හැකි වෙනවා. පසුගිය දා මේ සටන් පාඨය ඉදිරියට ගැනීම හා එහි අධි සංවේදීභාවය ගැන පොහොට්ටුවේ ප‍්‍රබලයින් හා ප‍්‍රචාරක ව්‍යාපෘතිය භාරව සිටින පුද්ගලයින් විශේෂයෙන් සාකච්ඡුා කර තිබෙන බව සඳහන් වෙනවා.
‘‘ජේ.ආර්. ජයවර්ධන මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරලා ඇයව දේශපාලනයෙන් ඉවත් කරලා ඒකාධිපති ගමනක් ගියා වාගේ මෛත‍්‍රී – රනිල් හවුලත් රාජපක්ෂවරුන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරලා බෙදුම්වාදීන්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ වුමනා එපාකම් ඉටු කිරීමේ සැලසුමක් තිබෙනවා. විදුලි පුටුවෙන් කරන්න බැරි වුණ දේ මේ හවුල කොමිෂමකින් කරන්න සූදානම් වෙනවා. මේ ඡුන්දයේදී ඒ උත්සාහය පරාජය කළ යුතුයි’’ මෙවැනි සටන් පාඨයක් ඉදිරි දින කිහිපය තුළ රාජපක්ෂවරුන් විසින් ඉදිරියට ගැනීමට නියමිතයි.
මහින්ද තෙවැනි තැනට
එහෙත් දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වෙන්නේ මේ කුමනාකාරයේ සටන්පාඨ සහ ප‍්‍රවාද ඉදිරිපත් කළත් මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුවේ ඡුන්ද පදනම සියයට 20කට සීමාව ඉක්මවා යාමේ කිසිදු හැකියාවක් නොමැති බවයි. මැතිවරණ සටන ආරම්භයේදී සියයට 15ක් ඡුන්ද දිනා ගැනීමේ ඉලක්කයක සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව සමග කරට කර සිිටින බවත් ශ‍්‍රීලනිපය ක‍්‍රමිකව මහින්ද රාජපක්ෂව අභිබවමින් සිටින බවත් දේශපාලන නිරීක්ෂකයින් කියනවා.
‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආමන්ත‍්‍රණය කරන්න පුළුවන් වුණේ ලංකාවේ සමස්ත ජනගහණයෙන් සියයට 69ක් වන සිංහල බෞද්ධ ඡුන්දවලට පමණයි. මේ සිංහල බෞද්ධ ඡුන්දවලින් සියයට හැටකට ආසන්න පිරිසක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡුන්දය ප‍්‍රකාශ කළ හැකියි. මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්ෂ මහතා අතර බෙදී යාම සිදු වෙනවා. මැතිවරණය ආරම්භක අවස්ථාවේ මේ ඡුන්දවලින් වැඩි ප‍්‍රතිශතයකට මහින්ද රාජපක්ෂ මහතා හිමිකම් කිවුවා. එහෙත් දැන් තත්ත්වය ක‍්‍රමයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත දෝලනය වෙනවා. ශ‍්‍රීලනිපයේ ඡුන්ද පදනමින් හරි අඩක් නොහැකි වුණත් ඊට ආසන්න ප‍්‍රමාණයක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දිනා ගන්නවා. ඒ වගේම ජනපතිවරයා නිර්භීතව නායකත්වය දෙන ¥ෂණ විරෝධී සටන නිසා ¥ෂණ විරෝධී වගේම සැලකිය යුතු සුළුජන ඡුන්ද ප‍්‍රමාණයකුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වේගයෙන් ආකර්ෂණය වෙමින් තිබෙනවා. ඒ අනුව ඉතාම පහසුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට අභිබවා යාමේ පහසු හැකියාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබෙනවා. මැතිවරණය ආසන්න වන විට මහින්ද – මෛත‍්‍රී ඡුන්ද පරතරය තව තවත් පුළුල් වන බව පැහැදිලියි. එජාපයට තමන්ගේ සාම්ප‍්‍රදායික ඡුන්ද පදනම තුළින් බෙදී වෙන් වී ඉදිරිපත්ව සිටින ශ‍්‍රීලනිපය පහසුවෙන් අභිබවා යාමට හැකියි. මෙය කොට්ඨාශ ක‍්‍රමය හා සමානුපාතික ක‍්‍රමය මිශ‍්‍ර මැතිවරණයක් නිසා කිසිම පක්ෂයක් 1956, 70,77 කාලේ වාගේ සෝදා පාළුවට ලක්විය නොහැකි වුණත් තීරණාත්මක බලයකට හිමිකම් කියන බව පැහැදිලිය’’ මැතිවරණ දිශානතිය ගැන සියුම්ව නිරීක්ෂණය කරමින් සිටින දේශපාලන විශ්ලේෂකයෙක් වත්මන් ප‍්‍රවණතා විමසීමට ලක් කරමින් මේ ලියුම්කරු සමග ප‍්‍රකාශ කළා.
‘‘සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ක‍්‍රමයෙන් බලවත් වෙමින් තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ සංවර්ධනය වගේම එජාපයට සුපුරුදු මාවත දිගේ අභියෝගයකින් තොරව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. එජාපයේ සමස්ත ඡුන්ද පදනම මෙවර ඡුන්දපොළට කැඳවා ගැනීමයි එජාපයේ අරමුණ වන්නේ. මේවන විට එජාපයේ දැවැන්ත ස්ථාවර ඡුන්ද පදනම වඩාත් සක‍්‍රීය වෙමින් තිබෙනවා. ඔවුන් 2020 ඉලක්ක කරගෙන ඡුන්දපොළට යන බව පැහැදිලියි. අර්බුදයට ගමින් සිටින්නේ රාජපක්ෂ මහතාගේ පොහොට්ටුවයි. 2005 – 2015 වාගේ මේ මැතිවරණයත් තීරණාත්මක නිසා නොබෙදී පවතින එජාපයට සියල්ල වාසිදායකවයි සිද්ධ වෙන්නේ. 2010දී වාගේ මහා ප‍්‍රාතිහාර්යයක් පාමින් ඡුන්දදායකයින්ට ආමන්ත‍්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් මහින්ද රාජපක්ෂලාට නැති තත්ත්වයකයි මේ මැතිවරණය සිදුවන්නේ. ඒ නිසා අද තිබෙන තත්ත්වය වන්නේ ශක්තිමත් එජාපය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තව අවුුරුදු දෙකක් ආණ්ඩු කිරීමේ අභියෝගයට මුහුණදීමට සිදුවීමයි. මොකද මේ මැතිවරණය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජාපයට පැහැදිලි අභියෝගයක් වගේම සිත් රිදවීමක්, විශ්වාස කඩ කිරීමක් කරලා තිබෙනවා. ඒ නිසා පළාත් පාලන මැතිවරණයෙන් ශක්තිමත් වන එජාපයට තම අයිතිය වාගේ 2020 ආණ්ඩුව, ඉදිරි පළාත් සභා ඡුන්ද වෙනුවෙන් සටන් කරන තැනකට යන බව පැහැදිලියි. මොකද මේ මැතිවරණයේ නිමාවත් සමග පළාත් සභා ඡුන්දය එනවා. ඒකත් ඉතාම තීරණාත්මකයි. ඊට පස්සේ ජනාධිපතිවරණය. මාස 18ක කාලයක් තුළයි මේ සියල්ල සිදුවන්නේ. පුංචි ඡුන්දයේ ජයග‍්‍රාහකයා පළාත් සභාත්, ඊට පසුව ජනාධිපතිවරණයත් දිනාගන්නා බව පැහැදිලියි’’ ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් හදන කතා
‘‘2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වුණ මන්ත‍්‍රීවරු 96 දෙනා තමා සමග එක්වන්නේ නම් හෙට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බව’’ පසුගිය දා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ ප‍්‍රකාශය කුමන අරමුණකින් ප‍්‍රකාශ කළාද යන්න වටහා ගත නොහැකි වුණත් ඒ ප‍්‍රකාශයට පොහොට්ටුවට නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය වෙතින් පළ වුණේ සුපුරුදු හාස්‍යජනක ප‍්‍රතිචාර පමණයි. ඒ නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊට පසුදා එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාරීව අදහස් ප‍්‍රකාශ කරන්න සිදු වුණා. එහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ‘‘¥ෂිතයින් තමා සමග එක්වීමට බිය වන බවයි.
ජනාධිපතිවරයාගේ ‘‘හෙට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන කතාව’’ අපේක්ෂා කළ ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයේද කර්කශක විවේචනයට ලක් වුණා. තමන් සතුව පවතින ආසන 105ක ශක්තියක් අවශ්‍ය නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් (මහින්ද සමග සිටින අයත් සමග* හවුල් කරගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගැන එජාප පසුපෙළ මැතිවරණ වේදිකාවලදී ප‍්‍රකාශ කරන විට අගමැතිවරයා අවධාරණය කළේ 2020 දක්වා මේ හවුල් ආණ්ඩුව අනිවාර්යයෙන් ඉදිරියට යන බවයි.
අගමැතිවරයා මේ ප‍්‍රකාශය කරන්නේ හුදු දේශපාලන වාචාලකම ඉක්මවා ගිය දේශපාලන පරිණතභාවය වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සලසා ඇති නෛතික තත්ත්වය මත බව පැහැදිලියි. ‘‘හෙට අලූත් ආණ්ඩුවක් පිහිටුවීම’’ පෙබරවාරි 10න් පසු ගෝඨාභය ජනාධිපති කර මහින්ද විධායක අගමැති කිරීම වැනි කතා හුදු ගැලරිය පිනවීමේ වාචාල කතා වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඒ කිසිවක් කළ නොහැකි නිසයි.
ජනාධිපතිගේ තටු කපලා
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ලංකාව පූර්ණ විධායක බලයක් ඇති විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ පාලනය වන රටක් බවට පත් වුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය, සම්පූර්ණ රාජ්‍ය සේවාව ද විධායක ජනාධිපතිවරයාගේ ඍජු පත් කිරීම්වලට යටත් කොට තිබුණා. ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමත ආකාරයෙන් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව තුළින් පත් කිරීමටත්, අගමැතිවරයා ද ඇතුළු අමාත්‍ය පදවි වෙනස් කිරීම හෝ ඉවත් කිරීමටත් අවස්ථාව හිමිවුණා. ඒ වගේම මහ මැතිවරණයෙන් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට (ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විසින් 2004දී මෙම විධිවිධානය අනුව යමින් 2001 දෙසැම්බර් 5 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් එජාප ආණ්ඩුව විසුරුවා හරිමින් මහ මැතිවරණයකට ගියා* බලය හිමි වුණා.
මේ තත්ත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක තිබිය යුතු අනිවාර්ය දේශපාලන අවශ්‍යතාව වන ‘‘සංවරණය හා තුලනය’’ මේ ක‍්‍රමය මගින් දැඩි විකෘතියකට ලක් වුණා. ලංකාවේ 78 ව්‍යවස්ථාවේ වගේම විධායක ජනාධිපති ක‍්‍රමයේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළ ආකාරයට ලංකාවේ විධායක ජනාධිපතිවරයාට කළ නොහැකි වුණේ ‘‘ගැහැනියක පිරිමියෙකු කිරීම පමණයි.
මේ තත්ත්වය අපි 1978 සිට 2015 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුවන දා තෙක්ම අපූරුවට දැක්ක දෙයක්. ව්‍යවස්ථා සම්පාදනය සිදුවන, මුදල් බලතල හිමිවන පාර්ලිමේන්තුව මේ කාලය තුළම විධායකයේ අතකොළුවක්, හොරණෑවක් වීමෙන් ඔබ්බට ගමන් කළේ නැහැ. සම්ප‍්‍රදායක් වශයෙන් පාර්ලිමේන්තුව සතුවිය යුතු මුදල් ඇමැති පදවිය පවා ජනාධිපතිවරුන් විසින් හොබවනු ලැබුවේ මේ තත්ත්වය තුළයි. අගමැතිවරයා හුදු අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානියා වුණා පමණයි. විධායක ජනාධිපතිවරයා යටතේ අගමැතිවරයා ‘‘පියන් කෙනෙක් ’’ බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අගැමැති වූ ආර්. පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේ මේ තත්ත්වය තුළයි. ඊට පසු ඞී.බී. විජේතුංග, රනිල් වික‍්‍රමසිංහ, රත්නසිරි වික‍්‍රමනායක, මහින්ද රාජපක්ෂ, දී. මූ ජයරත්න වැනි අගමැතිවරුන් වුණත් හුදු අමාත්‍යවරුන් වූවා මිස ඊට ඔබ්බෙන් වූ බලයක් අභ්‍යසා කළේ නැහැ. ඇමැති පදවි ප‍්‍රදානය කිරීමේදී, විෂය වෙනස් කිරීමේ මේ කිසිදු ජනාධිපතිවරයෙක් අගමැතිගෙන් විමසා බැලූවේ නැහැ.
ඒත් මේ සියල්ල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් වුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයින්ට අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ‘‘විධායක අගමැති ක‍්‍රමයක් ’’ දක්වා යන ගමනට මාර්ග හෙළි කිරීමක් සිදුවෙමින් ජනාධිපතිවරයාගේ අතිෂයින් වැදගත් බලතල දැඩි සීමාකිරීමකට ලක් වුණා. කොටින්ම ජේ.ආර් ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සිටි සියලූම විධායක ජනාධිපතිවරුන් හිතූ මතේ අභ්‍යාස කළ අතිෂයින් වැදගත් බලතල කිහිපයක් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ක‍්‍රියාත්මක කිරීමට නොහැකියි.
ඒ අතර ප‍්‍රධාන වන්නේ අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට, මාරු කිරීමට හෝ ඉවත් කිරීමට ඇති හැකියාව සහ මහ මැතිවරණයෙන් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති හැකියාව 19 වැනි සංශෝධනය මගින් 78 ආරම්භක ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට වඩා දැඩි සංශෝධනයකට ලක් කිරීමයි.
ජනාධිපතිට අගමැති ඉවත් කළ නොහැකියි
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකළ ප‍්‍රධාන සංශෝධනයක් වන්නේ අගමැතිවරයා සහ ඇමැතිවරු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට 1978 සිට පැවැති අභිමතානුසාරී බලය ඉවත් කිරීමයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර මේ බලය ගැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 47 වැනි ව්‍යවස්ථාව මගින් දක්වා තිබූ ප‍්‍රතිපාදන වුණේ,
‘‘අග‍්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු හෝ වෙනත් යම් අමාත්‍යවරයෙකු – (අ* ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්: හෝ ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වවුහොත්, හෝ තව දුරටත් පාර්ලිමේන්තුමේ මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් හෝ මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය’’
මේ අනුව අගමැතිවරයා සහ අමැතිවරුන් ඉවත් කිරීමට, පත් කිරීමට ජනාධිපතිවරයාට අසීමිත බලයක් ව්‍යවස්ථාව මගින් හිමි වුණා. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉතා සියුම්ව ඒ අවස්ථාව අහිමි කරලා තිබෙනවා. ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එක්කළ 46(2* ව්‍යවස්ථාව මගින්.
‘‘අග‍්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වවුහොත්, හෝ තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු නොවුවහො.් හෝ මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේය’’
මේ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව වත්මන් අගමැතිවරයා ධූරයෙන් නෙරපා හැර ජනාධිපතිවරයාට අලූත් අගමැතිවරයෙක් පත්කිරීමට කිසිදු අවස්ථාවක නෛතික පදනමක් නොමැති බව ඉතාම පැහැදිලියි. මේ තත්ත්වය අගමැතිවරයා සම්බන්ධයෙන් පමණක් නොව ඇමැතිවරුන් සම්බන්ධයෙන් ද පවතින බව අප වටහාගත යුතුයි. ඒ බව ඉතාම පැහැදිලිව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාවට එක්කළ 46 (3* ව්‍යවස්ථාව මගින් පැහැදිලි කරනවා.
‘‘අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අමාත්‍යවරයෙකක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන් යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත් හෝ ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ තව දුරටත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒතාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය’’
මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සලසා තිබෙන මේ පැහැදිලි ප‍්‍රතිපාදන ඇතැමුන් විසින් හිතාමතා ම විකෘති කරමින්, සාවද්‍ය ප‍්‍රකාශ කරමින් ‘‘පෙබරවාරි 11 වැනිදා මහින්ද අගමැති කරනවා’’ යැයි දේශපාලන වාචාල කතා කියන්නේ, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ඇමැති මණ්ඩලය ගෙදර යවා පොහොට්ටු කැබිනට් මණ්ඩලයක් හැදීමක් ගැන කතා කරන්නේ සම්පූර්ණයෙන්ම අහිංසක ජනතාව රැුවටීම සඳහා බව ඉතාම පැහැදිලියි.
යා යුතු මග පැහැදිලියි
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දේශපාලන වේදිකාවේදී තම පක්ෂයේ ඡුන්ද පදනම වර්ධනය කර ගැනීම සඳහා සටන් වඳිනු දකින බොහෝ දෙනකු යහපාලන ආණ්ඩුවේ අවසානයක් ගැන ගණන් හැඳීම් කළත් එය දේශපාලන යථාර්ථයක් නොවන බව ඉතාම පැහැදිලියි වන්නේ 2020 දක්වා යහපාලන ආණ්ඩුව සෙලවිය නොහැකි බවත්, හවුල් ආණ්ඩුව දිගටම ගෙන යන බවත් මෛත‍්‍රී – රනිල් දෙපාර්ශ්වය විසින් මේ වන විටත් සහිතක කොට ඇති නිසාම පමණක් නොවෙයි. පෙබරවාරි 10 වැනිදාට තීරණාත්මක ජයග‍්‍රහණයක් දිනා ගැනීමට නොව අවම වශයෙන් දෙවැනි තැනට පත්වීමට හෝ මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවට නොහැකි නිසයි. එනිසා නිවී යාමට ආසන්න පහන් දැල්ල වඩාත් දීප්තිමත් වනවා සේ මේ අවස්ථාවේ යළිත් වේදිකාව ඉදිරිපිට සිටින ජනතාව දැක දේශපාලන සුරාන්තයට පත් වෙමින් සිටින පොහොට්ටු කල්ලිය භූමියේ යථාර්ථය සේම ව්‍යවස්ථා නීතිය ගැන ද දැනුවත් විය යුතුයි. එසේ නැතිව පුරුදු සුපුරුදු ආකාරයෙන් ජනතාව මුලා කිරීම සඳහා ගොතන අමු බේගල්වලින් මේ මැතිවරණයේදී පමණක් නොව අවසානයේ මරණයෙන් පසුව ද තමන්ට සුගතියක් අත්නොවන බව මේ කල්ලිය වටහා ගත යුතුයි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *