වඩා රාජ්‍ය තාන්ත්‍රික රනිල්ද,අනුරද? – රටේ රාළ

May be an image of 2 people and beard
ඉන්දියන් රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරය කරන ජවිපෙ සහ මාලිමාවේ නායක අනුර කුමාර ඇතුළු කණ්ඩායම තවමත් ඉන්නේ ඉන්දියාවේ.ඒ එක්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට අනුව ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන්න ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගිහින්.දැන් බලනකොට නිල ජනාධිපතියි, සිහින ජනාධිපතියි දෙන්නම ඉන්නේ පිටරට.
අනුර දින පහක ඉන්දියන් සංචාරයක් නිමා කරලා අද එනවා. රනිල් හෙට සහ අනිද්දා දින දෙකේ සමුළුවට සහභාගීවීමෙන් පස්සේ එනවා.දැන් අපිට දෙන්නගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය මැනගන්න නියම අවස්ථාවක් ඇවිත්.රනිල් දේශනයක් කරන හින්දා රනිල් කියන කතාව කාටවත් හංගන්න බෑ.අනුර මේ ගිය කිසිම තැනකදී ප්‍රසිද්ධියේ අදහස් දක්වලා තිබුණේ නෑ.අනුර ආපුවහම තමයි දැනගන්න වෙන්නේ එයා මොනවද කතා කළේ කියලා.
අනුර අනිවාර්යයෙන්ම ඉන්දියාව එක්ක ජවිපෙට බේරගන්න තියන ප්‍රශ්න ටික බේරගෙන එන්න ඕනි. ඊළඟට අනුර කියපු ඉන්දියාව රනිල් එක්ක ලෑස්තිවෙලා අපේ රට මංකොල්ල කනවා කියපු චෝදනාව ඉන්දියාවට ඉදිරිපත් කළාද,ඒවට ඉන්දියාව දුන්න උත්තර මොනවද කියලත් කියන්න ඕනි.අනුර ඕස්ට්‍රේලියාවේ ගිහින් ඇවිත් කිව්වේ එහේ ලෙඩෙක් ගෙනියන්න ඇම්බියුලන්ස් දෙකක් එනවා කියලා.ඇමරිකාවේ ගිහින් ඇවිත් මාර අතිශෝක්තියෙන් ඇමරිකාව වර්ණනා කළා.හැබැයි අනුරට මේ පාර ඒ ජාතියේ උත්තර දීලා බේරෙන්න බෑ.
ඉන්දීය ආක්‍රමණයට එරෙහිව 60000 ක් ජීවිත පරිත්‍යාග කරපු පක්ෂයක වර්තමාන නායකයා විදිහට අනුර ඒ ගැන ඉන්දියාවට කරපු පැහැදිලි කිරීම මොකද්ද කියලා කියන්න ඕනි.ඊළඟට දකුණු ආසියාව සම්බන්ධ දේශපාලන විග්‍රහයේදී ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ජවිපෙ නායක රෝහණ විජේවීර කරපු න්‍යායාත්මක මඟපෙන්වීම තවදුරටත් වලංගු නැද්ද කියන ප්‍රශ්නයටත් උත්තර දෙන්න ඕනි. රටේ රාළ කියන්නේ අනුර ඇවිත් දෙන උත්තරවලින් තමයි මාලිමාකාරයින්ගේ මෝඩ චූන් එක අවසන් වෙන්නේ.
එතකන් එයාලා ගන්න කාළකණ්ණි සතුටක් ගන්න දෙන්න ඕනි.රටේ රාළගේ විග්‍රහට අනුව නං මාලිමාව දැන් සම්පුර්ණයෙන්ම යන්නේ ඇමරිකන් ඉන්දියන් ලයින් එකේ. අනුරගේ ඇමරිකන් සංචාරය සිද්ධවුනේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනු දැනුම මත කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්. ඇත්තටම මාලිමාව හරහා ජවිපෙ ඉන්දියන් උපායමාර්ග ඇතුලට අරන් ඉවරයි.තවදුරටත් ජවිපෙ කියන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ මිතුරෙක් මිසක විවේචකයෙක් නෙවෙයි.
දැන් ජවිපෙ කියන්නේ ඉන්දියානු උවමනාවන් එක්ක සමපාත උන මිතුරු බලවේගයක්.ඒක ගැන ලොකු කම්පනයක් ජවිපෙ බලවේගය අතරේ වර්ධනය වෙමින් තියනවා.ඒ වගේ තත්වයක් යටතේ තමයි රනිලගේ ඕස්ට්‍රේලියානු සංචාරයත් සිද්ධ වෙන්නේ.අනුරගේ විග්‍රහට අනුව ඒක ශත පහකට වැඩක් නැති ගමනක් වගේම සල්ලි නාස්ති කිරීමක්.රටේ රාජ්‍ය නායකයාට එන රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවන්ට රට වෙනුවෙන් සහභාගීවීම හෑල්ලුවට ලක්කරන විදිහෙන් අනුරගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ තරම තේරුම් ගන්න පුළුවන්.
ඇත්තටම ඕස්ට්‍රේලියානු සංචාරයේදී රනිල් මුහුණ දෙන රාජ්‍ය තාන්ත්‍රික අභියෝගයක් තියනවා.ලෝකය ඇතුලේ භූ දේශපාලනිකව සිද්ධ වෙමින් තියන වෙනස්කම් එක්ක ලංකාවේ ජනාධිපති විදිහට කවුරු හිටියත් ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා.ජවිපෙ මාලිමා ආක්‍රමණයට ගොදුරුවීමත් එක්ක දැන් ජවිපෙ කියන්නේ බටහිර සරණං ගිය දුෂ්ඪ බළල් අතක්. හැබැයි අනුරලා බටහිර සරණ යන්නේ බටහිර ආධිපත්‍යය කඩා වැටෙමින් තියෙන අවස්ථාවක.
ඇමරිකාවේ ආර්ථික බලය,යුද බලය සහ දේශපාලන බලය දැන් ලෝකය ඉදිරියේ අභියෝගයට ලක්වෙලා ඉවරයි.තවදුරටත් ඇමරිකාව කියන්නේ ලෝකයේ තියන එකම super power එක නෙවෙයි.නේටෝව තවදුරටත් ලෝකයේ බලවත්ම යුධ සන්ධානය නෙවෙයි.නේටෝ රටවල් තිහයි, යුක්‍රේනයයි එක්ක තනි රටක් විදිහට යුද්ධ කරලා රුසියාව දැනටමත් නේටෝවේ හොම්බ බිම ඇනලා ඉවරයි.ඇමරිකාව ලෝක බලවතා කියලා හදන්න හදපු චිත්‍රපට බොඳවෙලා ඉවරයි.
ඇමරිකාවේ යුධ,මූල්‍ය සහ දේශපාලන බලයට රිටන් එක හම්බවෙමිනුයි දැන් තියෙන්නේ. ඇමරිකාවත් දැන් හරියට අපේ රටේ දේශපාලන පක්ෂයක් ගානට වැටිලා ඉවරයි.මෙහේ දේශපාලන පක්ෂවලට තනියෙන් බලය ගන්න බැරි හින්දා හතරවටේට සන්ධාන අටවමින් ඉන්නවා.ඇමරිකාවත් ලෝක දේශපාලන ඇතුලේ තමන්ගෙන් ගිලිහෙන බලය රැකගන්න සන්ධාන අටවමින් ඉන්නවා.තනි ආධිපත්‍යයකින් ලෝකය පාලනය කරනවා කියපු ඇමරිකාව ගිය ගිය හැමතැනම කඳ හරහා ඇණගෙන.
ලොකයේ භූමි කලාපවලට අදාලව සන්ධාන අටවන මානසිකත්වයකට ඇමරිකාව ඇද වැටිලා.ඊශ්‍රායල – පලස්තීන යුද්ධයට බාහිර පාර්ශවයක් විදිහට ඇමරිකාව මැදිහත් වුනා.හැබැයි හුති සටන්කාමින් රතු මුහුදේ නාවික ගමනාගමනය බ්ලොක් කරනවත් එක්ක මහ ලොකු ඇමරිකාවට ඒකට මුහුණ දෙන්න බැරිව යුධ සන්ධානයක් හැදීම දක්වා පහුබහින්න සිද්ධවුනා.එහෙම කරලත් ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයට රතු මුහුදේ නැව්වලට ආරක්ෂාව දෙන්න බෑ.
හැබැයි දැනටත් රතු මුහුදේ රුසියානු සහ චීන නැව් කරදරයකින් තොරව යාත්‍රා කරනවා.යේමනයේ හුති බලයට මුහුණ දෙන්නත් සන්ධානයක් හදන්න සිද්ධ උනා නං නැගෙනහිර ආසියාවේ ගොඩනැගෙන චීන බලයට එරෙහිව ඇමරිකාව සන්ධානයක් ගොඩනඟනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි.
මෙතනදී ඇමරිකාව ජපානය, පිලිපීනය,තායිවානය, වියට්නාමය, දකුණු කොරියාව එක්ක වෙන වෙනම යුධ ගිවිසුම් ගහගෙන ඉන්නවා.ඒවා තියෙද්දී උනත් ඇමරිකාවට ඉන්දු පැසිෆික් කලාපයේ යුධ සන්ධානයකට යන්න වෙලා තියනවා.පහුගිය කාලේ ඇමරිකාව,ඉන්දියාව,ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර එහෙම සන්ධානයක් ගොඩනැගුණා.ඔයාලා දන්නවා පහුගිය දවසක ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවත් එක්ක යුධ අභ්‍යාසක් කරන මුවාවෙන් ඇමරිකාවේ අවි ආයුධ ඕස්ට්‍රේලියාවේ ගබඩා කළා.
ඒ චීනයත් එක්ක ඇතිවෙන්න පුළුවන් යුද්ධයේදී ඇමරිකන් හමුදාවට ක්ෂණික සැපයුම් කරන්න ඕනි වෙයි කියලයි.ඒක නිසා එයාලට ආසන්න උපායමාර්ගික වශයෙන් වැදගත් තැන් ගැන ඇහැ ගහගෙන ඉන්නේ.එතනදී එයාලට වැදගත්ම තැනක් වෙන්නේ අපේ ත්‍රිකුණාමලය වරාය.ත්‍රිකුණාමල වරාය භාවිතයට ගන්න එයාලා උපරිම උත්සාහයක ඉන්නවා.අපි ඒකට එකඟ උනොත් පළවෙනි පියවරේම අපිට චීනය හතුරු වෙනවා.චීනය කියන්නේ අපේ ලොකුම ණය හිමියා.
මෙතනදී ඉන්දියාව හදන්නේ ත්‍රිකුණාමල වරාය තමන්ගේ ආධිපත්‍යය යටතට අරන් ඉන්දියාවේ මෙහෙයුම යටතේ තියාගන්න.ඒ වෙනුවෙන් ගන්න ඉන්දියානු උත්සාසයක් තියනවා. ඒවා ඉල්ලන්නේ යුධ සැලසුමකට ඕනි කියලා නෙවෙයි.එක්කෝ research centers වලට නැත්තං, දේශගුණික විපර්යාස ගැන හොයන මධ්‍යස්ථානවලට වගේ කතා කියලා.ඒකනේ research කරන්න කියලා එන චීන නැව්වලට ඉන්දියාව ඔච්චර බය.
ඔය හැම යෝජනාවකදීම රනිල් හිටලා තියෙන්නේ කරන research වල සම අයිතියක් අපට ඕනි කියන ස්ථාවරයේ.ඒ වගේ ත්‍රිකුණාමල වරායේ ආරක්ෂාව අපේ නාවික හමුදාවෙන් අයින් කරන්න බෑ කියන ස්ථාවරයේ.රනිල් ඒවාට රාජ්‍ය තාන්ත්‍රික ගැට ගහලා තියනවා. රනිල් අද සහභාගී වෙන ඉන්දියන් සාගර සමුළුව යටත් ඔය වගේ උවමනාවන් වෙනුවෙන් කරන බලපෑම තියෙන්න පුළුවන්. සමහරවිට රනිල්ට බලපෑම් කරන්න ඉන්දියාව අනුරලාට පාවිචිචි කළාද කියන සැකයත් මෙතන එනවා.
රනිල් මේ උගුලට පය තියන්නේ නැතිව හැම වෙලේම කළේ සමස්ථ ආසියාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඉන්දු පැසිපික් කලාපයේ භූ දේශපාලන උවමනාව වෙන්න ඕනි මොකද්ද කියන එක ගැන ලෝකයට කතා කිරීමයි.ඇත්තටම ඒ රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිය රනිල්ට තියනවා. ඒකෙන් දශම 0.1 වත් අනුරට තියෙයි කියලා රටේ රාළ නං විශ්වාස කරන්නේ නෑ.අඩුම ගානේ අනුරට ඉන්දු පැසිපික් කලාපයේ දේශපාලනය කියවා ගන්නවත් පුළුවන් වෙයිද කියන සැකය රටේ රාළට නං තියනවා.
නැත්තං ජවිපෙ මාලිමාවේ මේ ඉන්දියන් උගුලට පය තියෙන්නේ නෑ.අපි බලමු ඉන්දියානු සාගර සමුළුවේදී රනිල් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා.ඊට පස්සේ බලමු අනුරගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය රනිල් එක්ක සන්සන්දනය කරලා.කවුද දෙන්නගෙන් වඩා රාජ්‍ය තාන්ත්‍රික කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and beard

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *