නැවත හමුදාකරණයකට ඉඩදෙන්න ලක්‍ෂ 62 ක ජනතාව ලෑස්ති නෑ – සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

උපාලි තෙන්කෝන් මාධ්‍ය වේදියාට පහර දීමට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ සාමාජිකයත් ඊයෙ පෙරෙදා නිදහස් කෙරුණා. ඔහුව පෙරට්ටුවකදි අඳුරගත්ත කෙනෙක්. ප‍්‍රදීප් එක්නැලිගොඩ මේ වන විට ඝාතනයක් බවට තහවුරු වෙලා තියෙනව. ඔහු මින්නේරියෙ යුධහමුදා කඳවුරට අරගෙන ගිහිල්ලා, එතනින් පස්සෙ එළියට අරගෙන ගිහින් තියෙනව. කොහාටද අරගෙන ගියේ? කවුද ඝාතනය කළේ කියන කාරණය පමණයි දැනට අඳුනාගැනීමට තියෙන්නෙ. එළියට අරගෙන ගියෙත් හමුදා සාමාජිකයන් කියන එක ඉතාම පැහැදිලිව ඔප්පුවෙලා තියෙනව. ඔවුන් සම්බන්ධව තොරතුරු ඉල්ලපුවම තමයි හමුදාපතිවරයා ඒ පිළිබඳ තොරතුරු සී.අයි.ඞී එකට හා අධිකරණයට ලබා නොදී තිබුණෙ. ඒ අවස්ථාවෙ තමයි කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශයක් කළේ ‘හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනව’ කියල. පරීක්‍ෂණ අවසන් වෙලා නැහැ. නමුත් අඳුරගත්ත පුද්ගලයන් නිදහස්. ඒ අය නිදහස් කෙරුවට පස්සෙ සාක්‍ෂි දීපු අයට අනිවාර්යෙන්ම බලපෑමක් ඇතිවෙනව. ඒකට කවුද වගකියන්නෙ කියන ප‍්‍රශ්නය ඇතිවෙනව. මේ අය හමුදා සාමාජිකයන් තමයි. නමුත් ඔවුන් අපරාධ නඩුවලට සම්බන්ධ අය. රටේ යුද්ධය අවසන්කරපු, රාජකාරිය හරියට කරපු අය වෙනම ඉන්නව. යුද්ධය මුවාවෙන් ඝාතන කරපු, මාධ්‍යවේදීන් මරපු, දේශපාලනඥයො මරපු අයත් ඉන්නව. ඒක මහින්ද රාජපක්‍ෂ ආන්ඩුවෙ න්‍යාය පත‍්‍රයට අයිති දෙයක්.  ඒ අයට රණවිරුවො කියල කියන්නෙ නැහැ. එයාලා අපරාධ නඩු තීන්දුවලට සම්බන්ධ අය, ඒ අයට දඬුවම් පැමිණවි යුතුයි.
ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධියෙදි සී.අයි.ඞී. එක තමයි මෙහි පරීක්‍ෂණ කෙරුවෙ. සී.අයි.ඞී. පරීක්‍ෂණවලින් හඳුන ගත්ත කොළඹ ටි‍්‍රපොලි කියන හමුදා කෑම්ප් එකෙන් තමයි හමුදා සාමාජිකයන් 17 දෙනෙක් ඇවිත් තියෙන්නෙ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරන්න. ඒ මොහොත වෙනකොට හමුදා කඳවුරේ 270 දෙනෙක් ඉඳල තියනව. මේ 270න් වෙන වෙනම ප‍්‍රශ්න කරල, සිද්ධියට අදාල 17 දෙනා අඳුරගන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උවමනාවක් තිබුණ. ඒ උවමනාව අනුව ඔක්තෝම්බර් මාසෙ 26 වෙනිදා සී.අයි.ඞී. එක විසින් ඒ මොහොතෙ එම ස්ථානයෙ සේවයේ යෙදීසිටිය 20 දෙනෙක් ප‍්‍රශ්න කරන්න ගෙන්නුව. ඒ අයගෙන් ප‍්‍රශ්න කෙරුව. ඊළ`ග 20 දෙනා ප‍්‍රශ්න කරන්න ගේන්න නියමිතව තියෙද්දි විධායකයේ හෝ ආණ්ඩුවෙ අණකට ඒ 20 දෙනා සී.අයි.ඞී. එකට ඒම වලක්ව ගත්ත. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මේ කාරණයට සම්බන්ධවිය යුතුයි. එයාලට හැර වෙන අයෙකුට මෙහෙම වලක්වන්න බැහැ. ඒ නිසා එදා දවසෙ කැඳවෙන්නෙ නෑ. ඝාතනයට සම්බන්ධ 17 දෙනා හඳුනාගන්නේ කෙසේද යන බරපතල ප‍්‍රශ්නයක් තියෙනව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට. දැන් මේක රජයේ ඉහළම කෙනෙක් වළක්වනව නම්, දේශපාලන නායකත්වය එසේ හැසිරෙනව නම්, මේ අය හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක් ඒ අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කිව යුතුයි. එහෙම කියන්නෙ නැත්නම් අපට ගැටලූවක් ඇතිවෙනව, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන පරීක්‍ෂණ නතර කරන්න කියන පණිවිඩයද මේ දෙන්නෙ කියල. රටේ ¥ෂණ හෝ මොනයම් කාරණයක් තියනව නම්, රටේ ජනාධිපතිවරයාගෙන් හෝ ප‍්‍රශ්න කළ යුතුයි. එහෙම ප‍්‍රශ්න කරන්න පුලූවන් රටක් තමයි අපි ඉල්ලූවෙ. වර්තමාන විධායකය, ආණ්ඩුව එහෙම රටක් හැදිය යුතුයි. එහෙම එකක් ජනවාරි 8 වෙනිදගෙන් පස්සෙ අපිට පෙනුන. දැන් ඒක වහන්නද හදන්නෙ කියන එක තමයි අපිට තියෙන ප‍්‍රශ්නය.
හමුදාවෙ අයගෙන් ප‍්‍රශ්න කරන්න එපා කියන එකද ඔය කියන්නෙ.  මේ ඝාතන හෙළිදරව් කරගන්න එපා කියන එකද මේ කියන්නෙ? ඒක එක ප‍්‍රශ්නයක්. අනික පැත්තෙන් මේ වර්තමාන දේශපාලන තත්ත්වය විග‍්‍රහ කරනකොට අපිට පේන්න තියෙන දෙයක් තමයි උතුරු නැගෙනහිර, විශේෂයෙන් උතුරේ සිදුවෙන පොඩි පොඩි කලබලත් එක්ක ආරක්‍ෂාව සම්බන්ධයෙන් සමහර කණ්ඩායම් දේශපාලන අදහසක් ගේන්න හදනව.
දරුවො දෙන්නෙක් පොලීසියෙන් වෙඩිතියල ඝාතනය වුනා කියල සැක කරනව. සැකයක් නෙමෙයි ඒක දැන් ඔප්පුවෙමින් යනව, පොලීසිය තමයි වෙඩි තිබ්බෙ කියල. කලින් කියනව ඒ ගැන දන්නෙ නෑ කියල. දැන් කියනව උඩට වෙඩි තිබ්බා එතකොට වැදුණා කියල. පොලීසිය වෙඩි තබා ඇති බව ඉතාම පැහැදිලියි.
ඊළ`ගට වාර්තා වුණා පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක් සිද්ධ වුණා කියල. ඒ පහරදීම සිදුවෙලා තියෙනනෙ චුන්නාකම් ප‍්‍රදේශයේ දී. ඒ පහර දීම ඝාතන දෙකත් එක්ක සම්බන්ධ නෑ කියල දැන් හෙළිදරව් වෙමින් පවතිනව. ඒකෙදි මතුවෙච්ච කාරණයක් තමයි මේ ආවා ගෲප් කියල එකක් ඒ ඝාතනයෙ වගකීම බාරගත්ත කියල. ආවා ගෲප් කියන එක අවස්ථා කිහිපයකදි මතු කෙරුව. මේ ආවා ගෲප් කියන එක ගැන බරපතල ප‍්‍රශ්නයක් මතුවෙනව. මේක කාගෙද? කවුද මේක නිර්මාණය කරන්නෙ? කවුද මේකට උදව්කරන්නෙ?
ඔබට මතක ඇති මීට කලින් කිලිනොච්චියේ දී බෝම්බ පුරවපු ජැකට් එකක් හම්බවුණා කියල වාර්තා පළවුණා. ඒ ජැකට් එක ගැන පරීක්‍ෂණ කෙරුව. ජී.එල්. පීරිස් මන්ත‍්‍රීවරයා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වල කිව්ව ඒක මොරටුවට ගේන්න හිටපු එකක් කියල. ජැකට් එක ගැන පරීක්‍ෂණ අවසන්. ඇයි පරීක්‍ෂණ වාර්තාව එළියට දෙන්නෙ නැත්තේ? කවුද ඒ ජැකට් එකට සම්බන්ධ කියන එක, අපි ජනාධිපතිවරයගෙන්, අගමැතිවරයගෙන් අහනව. ඒ වගේම සී.අයි.ඞී. එකෙනුතත් අහනව. කවුද මේ ජකට්එක ගෙනාවේ? කවුද මේක නිර්මාණය කෙරුවෙ කරුණාකරල කියන්න. ඒ වගේම අපි අහනව ‘ආවා ගෲප්’ කියන එක වගකීම බාරගත්තා පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධව. ඊට අදාල පත‍්‍රිකාවක් නිකුත් කරල තිබුණ. හැබැයි ඒ පත‍්‍රිකාව නිකුත් කරල තිබුණේ උතුරෙ මාධ්‍යවේදින් අතරෙයි, උතුරේ හමුදාව හා පොලීසිය අතරෙයි විතරයි. උතුරෙ සිවිල් වැසියන් අතර එහෙම පත‍්‍රිකාවක් බෙදිල නැහැ.
ආවා ගෲප් ගැන මාධ්‍ය වාර්තා පළවෙනව. ඒ පළවෙන මාධ්‍ය වාර්තාවලට තොරතුරු දෙන්නෙ හමුදාව හරහා. උතුරේ සිවිල් අයගෙන් එහෙම තොරතුරු අරගෙන තියෙනවද? එහෙම ලැබිල නැහැ. ලැබිල තියෙනවනම් කියන්න. එහෙම ලැබිල නැහැ. ඒ ගැන බරපතල ප‍්‍රශ්නයක්් තියෙනව. ඒ නිසා අපි ජනාධිපතිවරයට කියනව, ආරක්‍ෂක ඇමති වරයා විදිහට මේ ආවා ගෲප් එක ගැන හොයන්න කියල. ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිවරයාට හා අගමැතිවරයටත් කියනව මේ ආවා ගෲප් එක ගැන හොයන්න විශේෂ විමර්ෂණයක් කරන්න, පොලීසියේ ඉතාම මධ්‍යස්ථ නිලධාරීන් කණ්ඩායමක් යොදවන්න කියල. මේ ගැන පොලිස්පතිවරයාගෙත් වගකීමක් තියෙනව. මේ වගේ ආවා ගෲප්, අර ජැකට් එක, බුද්ධි අංශයේ සාමාජිකයන් නිදහස්වෙන එක, ලසන්ත වික‍්‍රමතුංගගෙ ඝාතනයට අදාල ප‍්‍රශ්න කිරීම් වලක්වන එක මේව එකම කාරණාවක පැතිකඩද කියන ප‍්‍රශ්නය අපිට තියෙනව.
ජනවාරි 8 වෙනිදගෙන් පස්සෙ මේ රට හමුදාකරණයෙන් සිවිල් කරණයකට භාජනය කෙරුව. ජනතාවට නිදහස දුන්න, මාර්ග බාධක ඉවත් කෙරුව. රට සිවිල්කරණයකට භාජනය වුණා. එදා දකින දකින තැන හිටියෙ පොලීසියයි, හමුදාවෙ අයයි. ‘සිවිල් කරණයකට භාගනය වූ අපේ රට යළිත් හමුදා කරණයේ ප‍්‍රවේශයකට ද යන්නෙ?’ කියන එක ගැනයි අපි ප‍්‍රශ්න කරන්නේ.
ජනාධිපතිවරයා කරපු සමහර ප‍්‍රකාශවලට හේතුවෙන්නෙ, හමුදා බුද්ධි අංශ්‍ය දීපු වැරදි තොරතුරුද කියල අපිට ගැටලූවක් තියෙනව. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කිහිපයක් පසුගිය කාලෙ කෙරුව. ඒ එකකදි කිව්ව, ඇවන්ගාඞ් සිදුවීම ගැන එෆ්.සි.අයි.ඞී. එකේ පරීක්‍ෂණයක් යනව කියල. ඇවන්ගාඞ් සිදුවීම ගැන එෆ්.සී.අයි.ඞී. එකේ පරීක්‍ෂණයක් යන්නෙ නෑ. ඇවන්ගාඞ් පිළිබඳ පරීක්‍ෂණයක් යන්නෙ අල්ලස් හා ¥ෂණ කොමිෂන් සභාවෙ හා සි.අයි.ඞී. (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙ* විතරයි. ජනාධිපතිවරයා කිව්ව තමන්ගෙන් අහන්නෙ නැතුව පරීක්‍ෂණ ඉදිරියට ගෙනිහිල්ල අත්අඩංගුවට ගැනීම් සිද්ධ කෙරුව කියල. හිටපු හමුදාපතිවරු, නාවික හමුදාපතිවරු අත්අඩංගුවට ගන්න දේශපාලන අධිකාරියෙන් විමසන්න  ඕනෙ නෑ. ඒ විමසන්න  ඕන කියල හිතනව නම් ඒ මහින්ද රාජපක්‍ෂ රෙජිමය කාලෙ සිද්ධ වෙච්චදේමයි. එය වැරදි දේශපාලන මැදිහත්වීමක් හා බලපෑමක්. ඒ බලපෑම්වලට හේතු වෙන්නෙ හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන වැරදි තොරතුරුද කියන ප‍්‍රශ්නයක් අපිට තියෙනව. අපි මේව මතු කරන්නෙ බුද්ධි අංශයට විරුද්ධවවත්, හමුදාවට විරුද්ධවවත් නෙමේ. සිවිල් නිදහස ස්ථාපිත කරන්න උත්සාහ ගන්න මේ රටේ නැවත හමුදාකරණයකට ලෑස්තිවෙනව නම්, ඒකට ඡුන්දෙ දීපු ලක්‍ෂ 62 ක ජනතාවක් ඉඩදෙන්න ලෑස්ති නෑ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *