මේ පාද යාත‍්‍රා වලින් කරන්නේ වෛරය වැපිරීම පමණයි – මහාචාර්ය අජන්තා හපුආරච්චි

පසුගිය මැතිවරණයේ දි පැපරල් සංවිධානය ඇතුළු සංවිධාන රැුසක් විසින් උගත් බුද්ධිමත් පුද්ගලයන් පමණක් තමාගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර එවන්න කියල හඬක් රට පුරා ගෙනගියා. එහෙත් එය ඉටු වුණ බවක් පෙනෙන්න තිබුණෙ නෑ. ජනතාව තම අපේක්‍ෂකයන් පත්කර ගැනීමේ දී බුද්ධිමත් වී නැති බවයි පෙනෙන්න තියෙන්නෙ.

පැපරල් සංවිධානය විතරක් නෙමෙයි මාදුලාවේ සෝභිත හාමුදුරුවොත් ඔය දේම කිව්වා. ලංකාවේ ඡුන්ද දායකයාට ඔය කියන දේවල් දැනෙන්නෙ නෑ. ඔවුන් ඉතාම අඥාණවන්තයි. ඒක දවසකින් දෙකකින් කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න දිගුකාලයක් යයි. එකිනෙකා ආමන්ත‍්‍රණය කළ යුතුයි. මා ඕසේතුන් කිව්වෙ එකිනෙකා බැගින් (ැ්ජය දබැ* ජනතාව දැනුම්වත් කළ යුතු බවයි. මේ සඳහා රටේ උගතුන් බුද්ධිමතුන් පෙරමුණ ගත යුතුයි. මේ සඳහා සං`ග කියන බලවේගය සම්බන්ධ කර නොගත යුතුයි. බණ්ඩාරනායකටත් වැරදුනේ සං`ග බලවේගය නිසා. එහි අහිතකර විපාක අදත් අත්විඳිනවා. අවසානයේදී එතුමාගේ ජීවිතය නැති වුනෙත් සංඝයාවහන්සේ කෙනෙක් අතින්. ඒකෙ පිටුපස හිටිය අය වෙනත් පිරිසක් වෙන්න පුලූවන්.
අද ¥ෂිතයයි හංවඩු ගහපු මහින්ද පිටුපස්සෙ යන්න පිරිසක් ඉන්නව. මේ ආණ්ඩුව පැරදුනොත් එදාට රනිල් පිටුපස්සෙයි, අනිත් අය පිටුපස්සෙයි යන්න පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේ පිල් දෙක තුනේම ඉන්නේ අවිචාරවත් ඡුන්ද දායකයින්ද?

අද ජනතා පරමාධිපත්‍යයට හෙන ගහල තියෙනව. ජනතා පරමාධිපත්‍ය කෝ? පරාජිත දේශපාලඥයින්ව පාර්ලිමේන්තුවට ගන්නව නම් එතන පරමාධිපත්‍යයක් නැහැ. එවැනි ¥ෂිතයන් දේශපාලනයෙන් ¥ෂිත විදිහට මුදල් හම්බ කරනව. එම මුදල් සූදුවකට ඔට්ටු අල්ලනව වගේ ආපහු ඡුන්ද දායකයන්ට වියදම් කරනව. මිනිස්සුන්ට එදා වේල කන්න විදිහක් නෑ. ස්ථිරව ආදායම් උපයන ක‍්‍රියාවලියක යෙදෙන්නෙ නෑ. ඔවුන් මේ ¥ෂිත දේශපාලඥයන් පස්සෙ යන්න පුරුදු වෙලා තියෙනව. ඒක නිසා කරන්න තියෙන්නෙ ව්‍යවස්ථාවෙන්ම ජනතා පරමාදිපත්‍ය ආරක්‍ෂා කර දීමයි.

ව්‍යවස්ථා වෙනසක් ඇති කර ගැනීමට තුනෙන් දෙකක බහුතරයකුත්, සාමාන්‍ය පනතක් සම්මත කර ගැනීමට දෙකෙන් එකක ඡුන්දයකුත් පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් ලබා ගැනීම අවශ්‍යයි. ඒක නිසා නෙමේද පාර්ලිමේන්තු ආසන බහුතරයක් දිනා ගැනීමට නොහැකිවන පක්‍ෂ ¥ෂිතයන් හෝ වේවා කවුරුන් හෝ වේවා අනිත් පක්‍ෂවලින් අරගන්නෙ. වත්මන් ආණ්ඩුවටත් කරන්න සිද්ධ වුනේ ඒ දේ ම නේද?

එතන තියෙනනෙ රජය පවත්වාගෙන යාමේ ප‍්‍රශ්නයක්. ඒ කියන්නේ රජයේ ස්ථාවරත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් තමයි එතන තියෙන්නෙ. ඒක හදාගත යුත්තේ ව්‍යවස්ථාවෙන්මයි. ව්‍යවස්ථාවෙන්ම හදාගෙන තිබුණනම්, ආණ්ඩුව ගෙනියන්න මෙපමණ ආසන සංඛ්‍යාවක් ඇති කියල ඔය ප‍්‍රශ්නය පැන නගින්නෙ නෑ. තුනේන් දෙක, දෙකෙන් එක කියන ප‍්‍රශ්නෙ නිසා තමයි එහෙන් මෙහෙන් මන්ත‍්‍රීවරු අරගෙන ස්ථාවරත්වය හදාගන්න වෙලා තියෙන්නෙ. දැනට තියෙන බරපතලම ප‍්‍රශ්නය තමයි රාජ්‍ය පවත්වාගෙන යාමේ ප‍්‍රශ්නය.
ආණ්ඩුවක් බලයට පත්කර ගන්න පුලූවන්. ඒක එතරම් දෙයක් නෙමේ.  ආණ්ඩුවක් පවත්වාගෙන යාම එතරම් ලේසි පහසු දෙයක් නෙමේ. මේ රජය උනත් ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක හිතාගන්න අමාරුයි. ¥ෂණයෙන් වංචාවෙන් තොරවෙලා, මිනිස්සුන්ගෙ සැප පහසුකම් ඔක්කොම දීලා, ¥ෂිතයන් රකින්නත් වුනාම කොහොමද ආණ්ඩුවක් කරගෙන යන්නෙ. ජනතාවගේ ප‍්‍රශ්න අමතක වෙන්නෙ ¥ෂිතයන් රකින්න යන නිසා.

ළ`ගදි බුද්ධිමතුන් කිහිප දෙනෙක්ම ප‍්‍රකාශ කරල තිබුණ මේ රටේ බුද්ධිමතුන්ගෙන්, ප‍්‍රබුද්ධයන්ගෙන් සමන්විත අලූත් දේශපාලන බලවේගයක් නිර්මාණය කර ගතයුතුයි කියල. ජනතා විමුක්ති පෙරමුණටත්, සම්ප‍්‍රදායික වමේ පක්‍ෂවලටවත්, යූ.එන්.පී., ශ‍්‍රී ලංකා මහ පක්‍ෂ දෙකටවත් රටේ වෙනසක් කරන්න නොහැකියයි ඔවුන් ප‍්‍රකාශ කරනව.

ඔය මතය ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් කළේ මම. පෙරටුගාමී පක්‍ෂය ජ.වි.පෙ. න් වෙන්වුනෙත් එම බලවේගය නිර්මාණය කිරීම පිනිසයි. ඒත් පෙරටුගාමි පෂයටත් බැරි වුනා ඒ ඌනතාවය සම්පූර්ණ කරන්න. අලූත් බලවේගයක් ඇති කරනවට වැඩිය, ජනතා බලවේග, පුරවැසි සංවිධාන,  ව්‍යවස්ථාවෙන්ම බලගැන්විය යුතුයි. ඔවුන්ට පාලන බලයට ඍජුව ඇ`ගිලි ගැසීමට අවස්ථාව ලැබිය යුතුයි. රටට යම් සේවයක් කරන, දේශපාලන ව්‍යාපෘති නැති, රටේ දියුණුව ගැන කැක්කුමකින් වැඩකරන රාජ්‍ය නොවන සංවිධානද මෙයට හවුල් කර ගත යුතුයි. එහෙත් පැපරල් සංවිධානය සහ කැෆේ සංවිධානයේ දේශපාලන ව්‍යාපෘති තිබෙන බව පේන නිසා ඔවුන් මෙයින් අයින් කළයුතුයි.

අලූත් බලවේගයක් එනවා කියන්නෙ කොතනින් හරි කැඩිල එන කණ්ඩායමකට මේ රටේ ජනතාව අතරට යන්න බෑ. ඔවුන් එන්නෙත් තමන් ගැන බලාගැනීමට මිසක් රට ගැන අවංක චේතනාවකින් එනවද කියන එක හිතාගන්න අමාරුයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ¥ෂණයට විරුද්ධව යම් හඬක් නගනව නේද? ඔවුන් තමන්ගෙ පාරිශුද්ධ භාවය කොතරම් දුරට ඔප්පු කරන්න හැදුවත් ජනතාව ඔවුන්ව පිළිගන්නෙ නැත්තෙ ඇයි? ජනතාව ඔවුන්ට පාලන බලයක්, මීට වඩා පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දෙන්නෙ නැත්තෙ ඇයි?

ජ.වි.පෙ.ත් මුල් සිඳගත්ත පක්‍ෂයක්. ජනතා විමුක්ති පෙරමුණේ මුල්වල ශක්තියෙ ප‍්‍රතිඵල තමයි අද වන විටත් බුක්ති විඳින්නෙ. එක්සත් ජාතික පක්‍ෂයේත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් මුල් සිඳගත්තට පස්සෙ දැන් පෙර වගේ ඒ පක්‍ෂ දෙකටත් ජනතා ආකර්ෂණයක් නෑ. පොරොන්දු දේශපාලනය මත යැපෙන්න තමයි ඔවුන්ට සිදු වෙලා තියෙන්නෙ. මේ රටේ පොළොවෙන් මතු වෙච්ච පක්‍ෂයක් බිහිවුනේ නෑ. ඉදිරියට බිහිවෙයි කියල හිතන්න බැහැ. මොකද මේ රටේ තියෙන මජර දේශපාලනයට උගතුන් බුද්ධිමතුන් ඉදිරියට එන්න කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ නිසා මගේ අදහස වෙන්නෙ, ව්‍යවස්ථාපිත බල මණ්ඩලයක් ලෙස උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් යුත් ව්‍යවස්ථාපිත බලමණ්ඩලයක් බලගැන්වීම  තමයි හොඳම දේ. එ.ජා.ප., ශ‍්‍රී ලංකා නි.ප. ප‍්‍රධාන පක්‍ෂ දෙකේ සාමාජිකයන් එම පක්‍ෂ කෙරෙහි බෙහෙවින්ම කලකිරිලයි ඉන්නෙ.

අද ප‍්‍රධාන පක්‍ෂ දෙකම පාරට බැහැල ඉන්නව සාමාජිකයන් බඳවා ගැනීමේ ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම සඳහා. හිටි ගමන් මෙහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි?
ඔවුන් දැන්ම සිට සූදානම් වෙනවා ඇත්තේ අනාගත මැතිවරණයක් සඳහා විය යුතුයි. සාමාජිකයන් ළ`ගට ගිහින් සාමාජිකයන් බඳවා ගැනීමට අවශ්‍ය නෑ. පක්‍ෂයේ ප‍්‍රතිපත්ති හොඳනම්, අවංකව වැඩ කරනව නම් ජනතාව කැමැත්තෙන්ම සාමාජිකත්ව ගැනීමට ඉදිරිපත් වෙයි.

ලංකාවේ පැරණිතම වාමාංශික පක්‍ෂ අද බෝඞ් ලෑල්ලකට පමණක් සීමා වෙලා තියෙන්නෙ ඇයි?

ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේම සමාජවාදී සංකල්ප දැන් වෙනස් වෙලා. කොයි රටේද සැබෑ සමාජවාදී පාලනයක් තියෙන්නෙ? පැරණි වාමාංශික පක්‍ෂ විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණටත් ඒ කලදසාව උදා වෙලා. දැන් ලෝකය ලිබරල් වාදය, නව ලිබරල් වාදය වැනි සංකල්ප දෙසට යොමු වෙලා අවසන්.
අද සමහරු ලිබරල් ක‍්‍රමය ගැන හා නව ලිබරල් ක‍්‍රමය ගැන කතා කරනවා. මේ පිළිබඳ ජනතාවට අවබෝධයක් නැහැ. මෙය අප වගේ දියුණුවෙමින් පවතින රටකට උචිත දෙයක් ද?
ලිබරල් ක‍්‍රමය, නව ලිබරල් ක‍්‍රමය කියන්නෙ ආර්ථික ක‍්‍රම. ලිබරල් ක‍්‍රමය කියන්නෙ විවෘත ආර්ථිකයම තමයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් ඇති කෙරුවෙ නව ලිබරල් ආර්ථික ක‍්‍රමයක්. වත්මන් ආණ්ඩුවත් කරන්න හදන්නෙ ඒ පිළිවෙත තමයි. ඒ හරහා තමයි එට්කා ගිවිසුම පවා ගේන්න සූදානම් කරන්නෙ. ඒවා හොඳයි නමුත් ඒවා ගේන්න ඉස්සර රට කොයිතරම් දුරට ගැලපෙනවද, වාසි දායකද? හානිදායකද කියා සිතා බැලිය යුතුයි. මේ හැම දෙයක්ම සොයා බලා තීන්දු තීරණ ගැනීමට දායක වෙන්න මම මුලින් කිව්ව විදිහට ව්‍යවස්ථාවෙන්ම බලගැන්වුනු සිවිල් කණ්ඩායම් හිටිය නම් හොඳයි.

නව ලිබරල් ක‍්‍රමය දියුණු වෙලා තියෙන්නෙ කාර්මික රටවල්වල. අපි කෘෂිකාර්මික රටක්. එම වෙළඳ හා කාර්මික රටවල තියෙන නව ලිබරල් ක‍්‍රමය කෙලින්ම අපිට ගන්න බැහැ. අපි ඇති කර ගත යුත්තේ මිශ‍්‍ර ක‍්‍රමයක් සමාජවාදී සංකල්පත්, නව ලිබරල් සංකල්පත් දෙකම සංයෝග කරගත් රටට ගැලපෙන ක‍්‍රමයක් තමයි අපි නිර්මාණය කරගත යුත්තේ. නැත්නම් තවත් රටක තියන දෙයක් එහෙම්මම මේ රටට ගන්නව කියන එක මහ විහිළුවක්. මේකට ශිෂ්ටාචාරයත් සම්බන්ධයි.

ජර්මනිය වගේ රටවල් හරිම ශිෂ්ටාචාරයි. කවුරුහරි බෑග් දෙකක් අරගෙන අයනවා නම්, අතේ මොකුත් නැත්නම් ඒ මිනිස්සු ස්වේච්ඡුාවෙන්ම ඉදිරිපත් වෙලා  එක බෑග් එකක් ගෙනිහින් දෙනව. ඒ ශීලාචාරකම අපේ රටේ නෑ. ඒ මිනිස්සු තවත් මිනිහෙකුට ගරු කරන්න දන්නවා. උදව්වක්  ඕනැ වෙලාවට උදව්වක් කරන්න තරම් නිහතමානි වෙලා තියෙනව. පාද යාත‍්‍රා යන්න යන්න මිනිස්සු මිලේච්ඡු වෙනව. ඔවුන් කරන්නේ වෛරය වැපිරීමයි.

රටේ ප‍්‍රමුඛ ආගම වෙන්නෙ කරුණාව, දයාව, මෛත‍්‍රීය පෙරටු කරගත් බුද්ධාගමයි. එහෙත් අපේ රට දිනෙන් දින මිලේච්ඡුත්වයට යනබවක් පේන්න තියෙනව. ළමා අපචාර, ස්ත‍්‍රී ¥ෂණ, මිනී මරුම්, ¥ෂණ, වංචාව ඉහවහ ගිහිල්ල කියල. අපි එහෙම අශීලාචාර වෙද්දි ජර්මනිය වගේ රටක් අපිට වැඩිය සීලාචාර වෙන්නෙ කොහොමද?

ලංකාවේ ථේරවාද බුද්ධාගම තියෙනව කියල කිව්වට ලංකාවේ තියෙන්නෙ මහායාන බුද්ධාගමටත් අන්ත බුද්ධාගමක්. මේක බෞද්ධ දර්ශනයේ අඩුපාඩුවක් නෙමෙයි. බෞද්ධ දර්ශනය, බුදු දහම ජනතාව අතරට ගෙනියන්න ඉන්න ස්වාමින් වහන්සේලාගේ වැරැුද්දක්. ඔවුන් දේශපාලනයට ඇවිත් කරන්නේ ජනතාවට වෛර කරන්න පුරුදු කිරීමයි. අද අපිට අවශ්‍ය අමිස පූජාව නෙමෙයි ප‍්‍රතිපත්ති පූජාව. රියන් මෙච්චර උස බුදු පිළිමයක් හදනවා කියයි, ගන්ඨාර කුළුන මෙච්චර උසයි කියයි, මල් ආසනේ හදන්න මෙච්චර ගියා කියයි. ඒවා නෙමේ කළ යුත්තේ. කළ යුත්තේ මිනිස්සුන්ට ශීලාචාර වීමයි ප‍්‍රථමයෙන් ඉගැන්විය යුත්තේ. ‘සබ්බපාපස්ස අකරනං’ කියල ඉගැන්වීමක් තියෙද්දි කවුද ඒක මිනිස්නුට උගන්වන්නෙ. ඔවුන් බුද්ධාගමේ කියල හඳුන්වාගෙන බුද්ධගමෙනුත් කරන්න හදන්නෙ දේශපාලනේ හා ව්‍යාපාර. සමහර භික්‍ෂූන් වහන්සේලා බණ කියන්නෙ පැකේජ් එකට. බණකට පැයකට මෙච්චරයි කියන භික්‍ෂූන් වහන්සේලා ඉන්නව. ඔවුන්ට වාහනයක් එවන්න  ඕනෙ. ටේප් කරනව නම් ගාණක් දෙන්න  ඕනෙ. විඩියෝ කරනව නම් ලොකු ගාණක් දෙන්න  ඕනෙ. සංඝයාවහන්සේලාගේ වැඩ පිළිවෙල ගැන බරපතල කථිකාවතක් තියෙනව. අද මේ පිළිබඳව සමාජයේ නැගිටීමක් තියෙනව.

ඔබතුමිය තිරසාර සංවර්ධනය ගැන නිතරම කතා කරනව, පුවත්පත් වලට ලිපි ලියනව, ඔබ ලියූ පොත්පත් පවා ඒ පිළිබඳව සඳහන් වෙනව. තිරසාර සංවර්ධනය යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද?

තිරසාර සංවර්ධනය කියන සංකල්පය ආවේ 1988 ජූනි යූ.එන්. එකෙන් පත්කරපු කොමිෂන් සභාවකින්.  ඒක පත්කරන්න හේතුව තමයි සංවර්ධනය නිසා පරිසර විනාශ වීම. එතනදි පෙන්වා දුන්නා සාගර විනාශය,  ඕසොන් ස්ථරය විනාශ වීම, වායු ¥ෂණය වැනි පරිසරයට හානිකර දේවල් සිදුවීම.  යූ.එන්. එක පෙන්වා දුන්නා සියලූම දේවල් රැුකෙන්න  ඕනැ පරිසරයත් එක්ක කියල.
ආර්ථිකය, පරිසරය, සමාජ කියන සිංයලූම කාරණා එකතු කරල තමයි තිරසාර සංවර්ධනය කියන එක එන්නෙ. පරිසරයට මූලිකත්වය දීල සියලූම සංවර්ධන කාරණා ගෙනියන්න ඔන කියන එක තමයි තිරසාර සංවර්ධනය කියල කියන්නෙ. මානව හිමිකම් වල තියෙන ඇතැම් වගන්ති පවා තිරසාර සංවර්ධනයට ඇතුළත් වෙනවා. මානව හිමිකම් රැුකීම, කාන්තාවන් සවිබල ගැන්වීම, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ දේවල් තිබුණෙ මානව හිමිකම් වල. ඒවා දැන් තිරසාර සංවර්ධනයට ඇවිත් තියනව.
සමාජ සංවර්ධනය, ආර්ථික සංවර්ධනය, පරිසර සංවර්ධනය කියන මේ කාරණා තුනම එකතු වෙලා තමයි සංවර්ධනය කරා යන්න  ඕනෙ කියන අදහස ලෝකය පිළිඅරගෙන තියෙනව. ඒක තමයි තිරසාර සංර්ධනය කියල හඳුනවන්නෙ. දුර්භික්‍ෂ, නියගය, ගංවතුර මේ සියල්ලම ඇති වෙන්නෙ පරිසර විනාශය නිසයි. මෙය හරිත විප්ලවය කියලත් හඳුන්වනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *