ලක්ෂ්මන් යාපා බොරු වමාරා කයි – අනුර සූරියබණ්ඩාර
පසුගිය ජනාධිපතිවරණය යනු බොරු රැසක් සමාජ ගත කෙරුනක් බව අමුතුවෙන් කිය යුතු නැත .එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පතුරුවන ලද එක් බොරු මතයක් වූයේ මෙරට ජාතික ආරක්ෂාව බිංදුවටම වැටී ඇති බවයි .පාස්කු ප්‍රහාරය ද ඒ සඳහා යම් බලපෑමක් කරන ලද නමුත් ඇත්ත තත්ත්වය වන්නේ එම ප්‍රහාරයෙන් පසුව මෙරට ආරක්ෂක අංශ විසින් රටේ ආරක්ෂාව කඩිනමින් යථා තත්වයට පත්කළ බවයි .
නව ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම ගනු ලැබූ යම් යම් ක්‍රියාමාර්ග විසින් ද ඒ බව සනාථ කරනු ලැබිණ. .එකක් වන්නේ ඔහු බලයට ආ විගස තමන්ගේ ආරක්ෂක පරාවාර රථ සංඛ්‍යාව අඩුකර ගනු ලැබීමයි .රටේ ආරක්ෂක තත්ත්වය නරකට පැවැතියේ නම් රටෙි ජනාධිපතිවරයාට තම ආරක්ෂාව අඩු කර ගත හැකි වන්නේ නැත .
තවත් ආකාරයකින් කියන්නේනම් ජනාධිපතිවරණයට පෙර පවා ,බුද්ධිමත්ව කල්පනා කරන්නකුට රටේ ආරක්ෂාව එකල ආණ්ඩු විරෝධීන් පැවසූ ආකාර බිඳවැටීමක නොතිබුණු බව වටහාගන්නට අවශ්‍ය තරමට සාධක තිබුණි .එකක් වන්නේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇතැයි යාපනය අධිකරණයේ නඩු විභාගයකට නොගියා වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ඇතුළු උතුරු පළාතේත් නැඟෙනහිර පළාතේත් මැතිවරණ ප්රචාරක රැස්වීම් වලට සහභාගි වීමයි .
පසුගිය මැතිවරණ සමයේ පැවැති ආණ්ඩුවට එරෙහිව ගෙනයනු ලැබූ තවත් බොරු ප්‍රචාරයක වගතුග පසුගිය ඉරිදා පුවත්පතකට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබෙිවර්ධන ලබාදෙන ලද සම්මුඛ සාකච්ඡාවක් මගින් හෙළිදරව් වී තිබුණි .ඉහත බොරුව වන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් විසින් පතුරුවා හරිනු ලැබූ මතවාදයයි .
මැතිවරණ සමයේ පැවැති ආණ්ඩුවේ
විරුද්ධවාදීන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් සමාජ ගතකරන ලද්දේ එය
මහත් විනාශකාරී ගිවිසුමක් බවයි .ඇත්ත තත්ත්වය වූයේ ඒ වන විටත් පැවැති
ආණ්ඩුව එම ගිවිසුමට අත්සන් තබා නොතිබුණු බවයි .නමුත් ආණ්ඩු විරෝධීන් මවා
පෙන්වනු ලැබුවේ ,ඒ වන විටත් පැවැති ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම
අත්සන් තබා අවසන්ය,අද හෝ හෙට එම ගිවිසුම ඔස්සේ ඇමරිකාව රට ආක්‍රමණය කරනු
ඇතිය යන අදහසකි.
ලක්ෂ්මන් යාපා මහතා ඉහත සාකච්ඡාවේදී කියන්නේ ගිවිසුම
අත්සන් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රජයක් වශයෙන් ඔවුන් තවම තීරණය කර
නොමැති බවයි .පසුගිය ආණ්ඩුව එම ගිවිසුමට අත්සන් තබා තිබුණි නම් රජයක්
වශයෙන් ලක්ෂ්මන් යාපා මහතා ඇතුළු පිරිසට කල්පනා කරන්නට දෙයක් ඉතිරි වන්නේ
නැත.
ලක්ෂ්මන් යාපා මහතා දැන් 2015ට පෙර ඔවුන්ගේ පාලන සමයෙහි මිලේනියම් චැලේන්ජ් ආධාර නොලැබුණේ මානව හිමිකම් ගැටලුව නිසා බවද කියයි.
ප්‍රවාහනය
දියුණුව වෙනුවෙන් සහ ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන් මිලේනියම්
චැලේන්ජ් ආධාර ලැබෙන බවද ඒ මහතා දැන් පිළිගනී .එපමණක් නොව එම මුදල යොදවා
ප්‍රවාහනය කඩිනම් කිරීම මඟින් මෙරට වියදම් වලින් ඩොලර් බිලියන 18ක් ඉතිරි
කරගත හැකි බවද ඒ මහතා දැන් කියයි .එසේම වෙනත් රටවලට ද මිලේනියම් චැලේන්ජ්
ආධාර ලැබෙන බවද කියයි .
එකල එම ගිවිසුමට අත්සන් කරන්න ඉඩ නොදුන්
හේතුව විමසන කල ලක්ෂ්මන් යාපා මහතා කියන්නේ ,”පාර්ලිමේන්තුවයි රටෙි
ජනතාවයි ඒ ගැන කිසිවක් නොදන්නා බවයි .පාර්ලිමේන්තුවත් ජනතාවත් නොදන්නේනම්
ඉහත කරුණු කියන්නේ කෙසේදැයි ලක්ෂ්මන් යාපා මහතා පැහැදිලි කළ යුතුය .
එපමණක් නොව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් තබා නැති බවත් ජනතාව එයට බියවිය යුතු නැති බවත් ඒ මහතා දැන් කියයි .
මිලේනියම්
චැලේන්ජ් ගිවිසුම නිසා රට දෙකඩ වන බවට එකල විමල් වීරවංශ වැන්නන් ගෙනගිය
ප්‍රචාර සම්බන්ධයෙන් ලක්ෂ්මන් යාපා මහතා කියන්නේ ත්‍රිකුණාමලය දක්වා
ඉඳිකෙරෙන දුම්රිය මාර්ගය හේතුවෙන් එවැනි මතයක් ඇති වූ බවයි .
එපමණක් නොව
ලක්ෂ්මන් යාපා මහතා දැන් කියන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම නිසා
සම්පූර්ණ ඇමරිකන් ආධිපත්‍යයක් ඇති වනවායැයි තමන් නොකියන බවයි .ඔවුනට
ප්‍රකාශයක් කළ හැක්කේ ගිවිසුම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීමෙන්
පසුව බවයි .එසේ නම් ඇසිය යුතු ප්රශ්නය වන්නේ සම්පුර්ණයෙන් සාකච්ඡා නොකර
එයට විරුද්ධව වූයේ කෙසේද කුමක් නිසා ද යන්නය .
ලක්ෂ්මන් යාපා මහතා ඇතුළු
ආණ්ඩුවට මෙි මොහොතේ මිලේනියම් චැලේන්ජ් ආධාර යනු උණු නිසා බොන්නත් බැරි
කිරි නිසා ඉවත දමන්නත් බැරි තත්ත්වයකි. මැතිවරණ සමයේ ඇදබෑ බොරු නිසා දැන්
ඔවුන් ගලේ පැහැරූ බළල්ලුන් ගේ තත්වයට පත්ව සිටී .
ඡන්දය දිනන්නට වැපිරූ
බොරු වලින් මෙතෙක් එළිවී ඇත්තේ එක දෙකකි.තව ඉදිරියට කුමක් වේදැයි කිය
නොහැකි නමුත් පසුගිය ආණ්ඩුව රටෙි යහපත වෙනුවෙන් ගන්නා ලද යහපත්
ක්‍රියාමාර්ග ඉදිරියට රැගෙන යන්න යන අාරාධනාව පමණක් වත්මන් ආණ්ඩුවට
ඉදිරිපත් කළ යුතුව ඇත .එසේම වත්මන් විපක්ෂයද ඒකාබද්ධ විපක්ෂය මෙන්
මියෙම්වා රැකෙම්වා කියා තම බලය තහවුරු කරගැනීමට ජනතාව නොමග යවනු වෙනුවට
සාධනීය විවේචන ඔස්සේ රටෙි අනාගතය යහපත් කිරීමට වගබලා ගත යුතුව ඇත .
අනුර සූරියබණ්ඩාර.
