ජනතාව දන්නවා ජනපති කරන්නෙ කියන දේවල් වලට පරස්පර දේවල් කියලා –ජවිපෙ නායක අනුර දිසානායක

26වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත‍්‍රණය පාර්ලිමේන්තුවේදීත් ජනතාව හමුවේත් අධිකරණය හමුවේත් පරාජයට පත්කරන්න හැකිවුණා. එම කි‍්‍රයාදාමය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ප‍්‍රබල තර්ජනයක් වූ නිසාම එය පරාජය කළ යුතුව තිබුණා. එම සිදුවීමෙන් පසුව ව්‍යවස්ථාව පිළිබඳව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව පුළුල් සාකච්ඡුාවක් මතුවුණා. එම මොහොත් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරකරුවා ලෙස පෙනී සිටියා. නමුත් අපි කිව්වා, රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ මුරකරුවා නොව හොර මුරකරුවෙක් කියලා. මේ වනවිට රනිල් වික‍්‍රමසිංහ විසින්ම ජාතික ආණ්ඩු යෝජනාව ගෙනත් ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හොර මුරකරුවා බව තහවුරු කොට තිබෙනවා. තමන්ට අවාසි නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමත් වාසි නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථාව රැුකීමේ ප‍්‍රවේශයයි. ඒ වෙනුවෙන් ඔහු ඕනෑම කැත, මජර කි‍්‍රයාවකට සැදී පැහැදී ඉන්නවා. එය රනිල්ගේ බහුබූත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකීම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කිරීම නොවෙයි.
ජාතික ආණ්ඩු යෝජනාව අද (07* පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණේ ස්ථාවර නියෝග අත්හිටුවලයි. නමුත් එම යෝජනාව ඉදිරිපත් කරනවාට ආණ්ඩු පක්‍ෂය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් සියලූම පක්‍ෂ විරෝධය පළකළා. නමුත් ආණ්ඩුව හිතුවක්කාරී තක්කඩි ලෙස එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළා. ඊයේ (06* පස්වරු දෙක හමාරට පක්‍ෂ නායක රැුස්වීමේදී කිරිඇල්ල මන්තී‍්‍රවරයා කියා සිටියා, අද(07* උදේ 10.30ට ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. මීට පෙර එජාපය හා ශී‍්‍රලනිපය වසර දෙකක ජාතික ආණ්ඩු ගිවිසුම අත්සන් කරපු වෙලාවේ ඒ බව නිශ්චිතව එවකට ශී‍්‍රලනිප මහ ලේකම් විශ්වා වර්ණපාල කතානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් මේ මොහොතේ ජාතික ආණ්ඩුවට ඇතුළත් වන පක්‍ෂ මොනවද කියලා අපි රනිල් වික‍්‍රමසිංහගෙන් ප‍්‍රශ්න කළා. වෙන කිසිදු පක්‍ෂයක් නැහැ. ඔවුන් ජාතික ආණඩුව හදන්නේ මුස්ලිම් කොංග‍්‍රසයේ තනි මන්තී‍්‍රවරයෙක් සමඟයි. ඔහු, අලි සහීර් මවුලානා. ඔහු දැනටමත් ආණඩුවේ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිවරයායි. මුස්ලිම් කොංග‍්‍රසය දැනටමත් ඉන්නේ ආණ්ඩුව ඇතුළේ. මේ විදිහට ආණඩුවේ ඉන්න ගමන් තනි මන්තී‍්‍රවරයෙක් එකතු කරගෙන ජාතික ආණඩුවෙක් හදන්නේ කොහොමද?
රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශයක් කළා, ව්‍යවස්ථාවේ 46 වගන්තිය අනුව යමින් කැබිනට් ඇමතිධුර 30 සිට 48 දක්වාත් රාජ්‍ය නියෝජ්‍ය ඇමතිධුර 40 සිට 45 දක්වාත් වැඩි කරගගන්නා බව. මුස්ලිම් කොංග‍්‍රසයේ තනි මන්තී‍්‍රවරයක් සමග එකතුවී තවත් ඇමතිධුර 18කුත් නියෝජ්‍ය, රාජ්‍ය ඇමතිධුර 05කුත් වැඩිකරගන්නේ කොහොමද? රනිල් වික‍්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයනවා. ඒ විතරක් නොවෙයි, රනිල් වික‍්‍රමසිංහ කියා තිබෙනවා, ස්වාධීන කණ්ඩායමක් ජාතික ආණ්ඩුවට එකතු වෙනවා කියලා. ඒ ස්වාධීන කණ්ඩායම වෙන්නේ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා ළඟ හිටපු පිරිසක්. ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ දේශපාලන පක්‍ෂ 06ක් පමණයි. ඒ නිසා තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොටසක් ජාතික ආණ්ඩුවේ හිටපු වෙලාවේ ඔවුන්ට විපක්‍ෂ නායක ධුරය අහිමි වුණේ. කවුද මේ ස්වාධීන කණ්ඩායම? 26වැනිදා පිහිටවපු කුමන්ත‍්‍රණ ආණ්ඩුවේ ඇමතිධුර දරමින් කුමන්ත‍්‍රණය ආරක්‍ෂා කරපු අය අද රනිල් වික‍්‍රමසිංහගේ ජාතික ආණ්ඩුවට එකතු වෙනවා. මේ නායකයෝ තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම කැත, මජර දෙයක් කරන්න සැදී පැහැදී ඉන්නවා. කුමන්ත‍්‍රණය වෙලාවේ මහින්ද රාජපක්‍ෂගේ ඔඩොක්කුවේ හිටපු අය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරපු අය අද රනිල්ගෙ ඔඩොක්කුවට එනවා. එනිසා මෙම ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්කළ යුතුව තිබෙනවා.
අද එජාපයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් ඉහළ නායකයින්ගේ හොරාකෑම පිළිබඳව හොඳින් දන්නවා. මලික් සමරවික‍්‍රමගේ අමාත්‍යාංශයේ වාහන බෙදාදීපු හැටි පසුපෙළ මන්තී‍්‍රවරුන් හොඳින් දන්නවා. ඒ වගේම එජාපයේ ඉහළ ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවලින් හිතවතුන්ට රැුකියා ලබාදුන්නේ කොහොමද කියලා පසුපෙළ මන්තී‍්‍රවරුන් දන්නවා. එනිසා අද රනිල් වික‍්‍රමසිංහ සාමාජිකයින්ගේ, පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ තෙරපුමට ලක්වෙලා. මහජන දේපළ හොරා කෑ පුද්ගලයෙකුට පක්‍ෂ විනය රකින්න බැරි පුද්ගලයින්ට පක්‍ෂයක නායක ධුරය දරන්න හැකියාවක් නැහැ. රනිල් වික‍්‍රමසිංහ ඒ පීඩනයට පත්වෙලා ඉවරයි. ඒ නිසා එජාපයේ තවත් පිරිසකට මහජන මුදල් හොරා කන්න, මහජන මුදලින් වරදාන, වරප‍්‍රසාද ලබාගැනීමට අවස්ථාව ලබාදීම තමයි මෙම ජාතික ආණ්ඩු යෝජනාවේ එකම අභිප‍්‍රාය වෙලා තිබෙන්නේ.
අද(07* ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට එන්න තිබුණා. අපි දැඩි ලෙස කියා සිටියා, එම යෝජනාව ගෙනාවොත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරනවා කියලා. එම නිසා ආණ්ඩුව එම යෝජනාව තාවකාලිකව හකුළා ගත්තා. නමුත් අපි පැහැදිළිව කියනවා, ආණ්ඩුව එම යෝජනාව ස්ථිර ලෙසම හකුළා ගත යුතුයි කියලා. රනිල් වික‍්‍රමසිංහලාගේ බලය වෙනුවෙන් මහජන මුදල් නාස්ති කරන්න අපි ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට කියනවා, තමන් වටේ සිටින නඩය ආරක්‍ෂා කරගන්න කියලා. ඒ වගේම විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂට කියනවා, තමන්ගේ ඊනියා දේශපේ‍්‍රමී කණ්ඩායම ආරක්‍ෂා කරගන්න කියලා. මොකද, මෛතී‍්‍රගේ හා මහින්දගේ කණ්ඩායමක සහාය නොමැතිව රනිල් වික‍්‍රමසිංහට මෙම ජාතික ආණ්ඩු පෝඩාව ජයග‍්‍රහණය කරගන්න බැරිවෙනවා.
ඒ වගේම එම ජාතික ආණ්ඩුව යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තත් ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ඇමතිකම් ලබානොදිය යුතුයි. ජනාධිපතිවරයා නිදහස් උළෙලේදී කියා තිබුණා, තමන් ජාතික ආණ්ඩුවට විරුද්ධයි කියලා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කතාවලින් කන් පිරී තිබෙන ජනතාව දන්නවා ඔහු කියන දෙයට පරස්පර දේවල් කරනවා කියලා. එනිසා දැන් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට අවස්ථාව තිබෙනවා, ජාතික ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඇමතිකම් ලබා නොදීමට. මොකද ජනාධිපතිවරයාට තමයි බලය තිබෙන්නෙ අමාත්‍යාංශ නම් කොට ඇමතිධුරය ලබාදීමට. තම බලය වෙනුවෙන් ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීම පරාජයට පත්කළ යුතුයි. මෙම ජාතික ආණ්ඩු යෝජනාව වහාම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන්ද ඉල්ලා අස්කර ගත යුතු බව අපි ආණඩුවට අවධාරණය කරනවා.

මනෝජ රූපසිංහ

ස්තුතිය මාධ්‍ය ඒකකය – ජනතා විමුක්ති පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *